රුපවාහිනී සංස්ථාව පවත්වාගෙන යෑම අති දුෂ්කරයි. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පඩි ගෙවලා නැති වෙන්න පුළුවන්- ජනමාධ්‍ය ඇමති

රුපවාහිනී සංස්ථාව පවත්වාගෙන යෑම අති දුෂ්කරයි. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පඩි ගෙවලා නැති වෙන්න පුළුවන්- ජනමාධ්‍ය ඇමති

රුපවාහිනී සංස්ථාව කියන්නේ ප්‍රශ්න ගොඩක් තියෙන තැනක් බවත් රුපවාහිනීයේ කරලා තියෙන් දේවල් අනුව එක පවත්වාගෙන යෑම අති දුෂ්කර බවත් නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත් මාධ්‍යවේදීන්ට ගෙවලා නැති වෙන්න පුළුවන් , ඒ වගේම සමහර ටෙලි නාට්‍ය වලටත් ගෙවා නැති බව ජන මාධ්‍යය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස අනාවරණය කළේය.

ප්‍රශ්න තියෙන් වැට් එක ගෙවලා නැති බව්ත අපි වැට් එක ගෙවමින් යන අතර ප්‍රශ්න ගණනාවක් තියෙන් තැනක් ඉදිරියේදී ප්‍රශ්න විසදන බව අමාත්‍යවරයා පැවසීය.

ඔහු එසේ පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රෘත්තී දෙපාර්තමේන්තුව කැබිනට් තීරණ දැනුම් දීම සදහා අද (18) දහවල් පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී මාධ්‍යවේදීයෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ ශාන්ත විජේසුරිය නැගු ප්‍රශ්නය.

ප්‍රශ්නය – රුපවාහිනී සංස්ථාවේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ඔක්තෝම්බර් මස සිට වැටුප් ගෙවලා නැහැ කිය අපට දැන ගන්න ලැබිලා තියේනවා . ගෙවලා නැතනම් නැද්ද? නැතිනම් ඔවුන්ගේ වැටුප් ඉක්මනින් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා

ප්‍රහ්නය – මහර ආයතන වල අපි දුෂණ වංචා හෙළි කරනවා. විශේෂයෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පසුගිය කළෙත් බරපතළ දුෂණ වංචා වාර්තා වුණා. හිටපු ජනාධිපතිත් ගෝඨාභය රාජපක්ෂ එම ආයතනය කඩා පැන්නලි දුෂණ වංචා හෙව්වා. ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවිය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දුෂණ වංචා වගයක් හෙළි කළා .ඊට පලිගැනිමක් විධියට එම ආයතනයේ සභාපතිනිය සේවකයන් දඩයම් කරනවා. ජාතික ජන බලවේග ආණ්ඩුව පත් කළ සභාපතිනියක් . ඔබතුමන්ලා අවේ දුෂණ වංචා නැති කරන්න. දුෂණ වංචා නැති කරන්න ආණ්ඩුවක් යටතේ දුෂණ වංචා පෙන්වා දෙන සේවකයන් දුඩුකදේ ගසනවානේද?

ප්‍රශ්නය – සියාවේ හමුදාවට බැදුණු ශ්‍රී ලංකීකයන් ලක්ෂයක් විතර මේ වන මිය ගිහිල්ලා කියලා සනාථ වෙලා තියේනවා. මුලින්ම රුසියාව හමුදාවට බැදුණු 17 දෙනෙක් මිය ගියා කියලා රුසියානු ආණ්ඩුව ලංකාවේ ආණ්ඩුවට දැනුම් දුන්නේ පසුගිය අවරුද්දේ ජුනි මාසයේ.මාස 09 ක් ගත වෙලත් මිය ගිය කිසිම පුද්ගලයෙකුට වන්දී ලැබි නැහැ. අපි කතා කරන්නේ රුපියල් කෝටි හාරසිය පනහක මුදලක්. මිය ගිය එක් පුද්ගලයෙකුට කෝටි හතර හමාරක ලැබිය යුතුයි. මේ මිය ගිය හමුදා පවුල් සමාජිකයින් ඉතා අසරණව ජිවත් වෙන්නේ. සමහර අයගේ ඉඩම්කඩම් සින්න වෙලා. මේ රට ලැබෙන්න ඔින මුදලක්.මේ ගැන රුසියානු ආණ්ඩුව සමග ඉදිරියේදි කටයුතු කරනවාද? කොන්ත්‍රාත් පදනම මත යුද්ධයට සහභාගි වු 800 ක පමන පිරිසක් කොටු වෙලා ඉන්නවා. මේ ගැන ආණ්ඩුව රුසියානු ආණ්ඩුව සමග කතා කරනවාද?

පිළිතුුර- මිය ගිය සංඛ්‍යාව පිළිබද සංඛ්‍යා ලේඛණ මේ වේලාවේ මා සතුව නැහැ අපි මට කලිනුත් කතා කරලා තියෙනවා මේ ගැන. මියගිය ප්‍රමානය ගැන විදේශ කටයුතු අමාත්‍යංශය අවධානය යොමු කළා. ඒ ගත්ත ක්‍රියා මාර්ග ගැන විදේශ කටයුතු අමාත්‍යංශය සමග කතා කරලා පසු දැනුම් දෙන්නම්. ඒ වෙලාවේ ගත්ත ක්‍රියා මාර්ගය ගැන අදහසක් මට නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *