LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

රුසියානු ගුවන් යානය නතර කිරීම ඇමරිකානු කොන්ත්‍රාත් එකාක් ද?.

රුසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පිටත්ව යැමට ආසන්නව තිබියදී එය අධිකරණ නියෝගයක් ගෙන නතර කළේ , ඇමරිකානු පුරවැසිභාවය ලබාගත් දේශපාලඥයන් සහා රජයේ නිලධාරින් බව මහජන යුතුකම් කෙන්දායේ වසන්ත අල්විස් පවසයි .

රුසියානු ගුවන් යානය පිටත්ව යැමට ආසන්නව තිබියදී ගුවන් ගමන් පාලකවරයාට ලැබුනු නියෝගයක් මත එම ගුවන් යානය රඳවා තබා ගැනීම රුසියාව සහා ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වයට මෙන්ම වානිජ කටයුතු වලට අවාසිදායක තත්ත්වයක් උදාවී ඇති බව අල්විස් පෙන්වාදුන්නේය .

අල්ව්ස් ඊයේ (07) කොටුව විදේශ අම්‍යංශය ඉදිරිපිට මාධ්‍යයට අදහස්
දක්වමින් එසේ පැවැසීය .

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවැසීය .

ලංකාව ඉතා ආර්ථික මුල්‍ය අර්බුදයක තිබෙන මේ අවස්තාවේ රටට විදේශ විනිමය ගෙන එනු ලබන ගුවන් යානා සහා සංචාරකයන් අවහිර කිරීම හා එමගින් ලංකාව අසරණ කිරීම සඳහා මෙරට අධිකරණ පද්ධතිය යොදා ගනිමින් ලංකාවට මිතුරු රාජ්‍යයක් සතුරු කිරිමට සහා ලංකාව තවත් දරුණු අර්බුදයකට තල්ලු කිරීමට කටයුතු කර ඇති බව අදවන විට මුළු මහත් සමාජයට වැටහි ඇතැයි කීය .

මෙරටට විදේශ විනිමය ගෙන එන රුසියානු සංචාරකයන් අහිමිවිම හේතුවෙන් ලංකාවවේ සංචාරක ක්ෂෙත්‍රයට දැඩි බලපෑමක් සිදු ව ඇති අතර ඉදිරියේ දී ලබා ගැනීමට නිමියත තෙල් ගෑස් පොහොර නොලැබීම මෙන්ම ලංකාවේ තේ සඳහා සම්බාධක පැනවිමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන එම ගුවන් යානය නවතා ගැනීමේ නියෝගය හේතුවෙන් මුළු මහත් ලංකාවට බලපාන සාධකයක් බවට පත්ව බව අල්විස් වැඩිදුරටත් පැවසීය .

1 thought on “රුසියානු ගුවන් යානය නතර කිරීම ඇමරිකානු කොන්ත්‍රාත් එකාක් ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *