රෝහින්ග්‍යා සරණාගතයින් පිටුවාහල් කරනවාද? නැද්ද? තිරණය වන්නේ කලාපීය සහ ජාතික ආරක්ෂාව මතයි -ජනමාධ්‍ය අමාත්‍ය නලින් ජයතිස්ස
රෝහින්ග්‍ය මුස්ලිම් ජනයාගේ ප්‍රශ්න අති සංවේදී ප්‍රශ්නයක් බවත් ඔවුන් පිටුවාහල් කරනවා ද? මෙහි තියා ගන්නවාද? යන්න පිළිබදව තිරණයක් ගෙන නොමැති බවත් ජාතික ආරක්ෂාව සහ කලාපීය ආරක්ෂාව පදනම මත ඉදිරියෙදී තිරණයක් ගනු ඇති බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති අමාත්‍ය නලින් ජයතිස්ස පැවසීය.
අමාත්‍යවරයා එසේ පැවසුවේ පොල්හේනගෛාඩ රජයේ ප්රවෘත්තී දෙපාර්මේන්තුවේ අද (07) සවස අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම් දීම සදහා පැවති ප්රවෘත්තී සාකච්ජාවේදී ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින්ය.
රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් දෙසැම්බර් 03 වනදා ලංකා මුුුුුහුදු සීමාවේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගන්නවා. ඔවුන් දැන් රදවාගෙන ඉන්නේ මුලතිව් ගුවන් හමුදා කදවුරේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මුලතිව් වලට ගිය සරණාගතයින් බලන්න නාවික හමුදවෙන් ඉඩ දීලා නැහැ. මාධ්‍යවේදීන්ටත් ඔවුන් මුණ ගැහෙන්න බැහැ. ඔවුන් අපරාධකාරයේ නොවෙයි සරණාගතයෝ . සියලුම සම්බන්ධතා කඩා බිද දමා ඔවුන්ව සිරකරගෙන ඉන්නවා . ආණ්ඩුව රෝහින්ග්‍යා සරණාගතයින්ව පිටුවාහල් කරන්න යනවා කියලා දැන ගන්න ලැබිලා තියෙනවා. මියන්මාර් සංහාරකයින්ට ඔවුන්ව නැවත බාර දෙන්න ආණ්ඩුව කටයුතු කරනවාද? මමත් නේපාලයේ අවුරුදු තුනහාමාරක් සරණාගතයෙකු ලෙස ජිවත් වුණා . මම හිටියේ නේපාලයේ හමුදා කදවුරු වල හෝ පොලිස් බැරැක්ක වල නොවෙයි. මම ජිවත් වුනේ සමාන්‍ය මිනිස්සු අතර. ඒ නිදහස රෝහින්ග්‍ය සරණාගතයින්ටත් හිමිවිය යුතුයි. ඔවුන්ව රැක බලා ගැනීම ආණ්ඩුවේ යුතුකමක් යැයි මාධ්‍යවේදී විජේසුරිය ප්රශ්නය නැගීය.