ලාල්කාන්ත කිව්වා අරගලයට හිසක් නැහැ කියලා ,හැබැයි හිසක් නැති අරගලය ගෝඨාභය පැන්නුවා – රන්දිමාල් ගමගේ

අරගලයේ අපේක්ෂකයා කියලා නීතිඥ නුවන් බෝපගේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති බවත්  අරගලයට අපේක්ෂයෙකු නැති බවත් අරගලයේ අපේක්ෂකයා ගැන විමසන්න පෙරටුගාමි සමාවාදී පක්ෂයට කතා කළාම වැල්වාටාරම් දොඩවමින් මග හරින බව අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන රන්දිමාල් ගමගේ පවසයි .

දුෂිත රනිල් රාජපක්ෂ රේජිමයට එරෙහිවිමත් ගෝල්ෆෙස් අරගලයේ අභිලාෂයන්, අරමුණු, ප්‍රකාශනයන් අවභාවිතා කරමින් මහජන නැගිටිම් සිය පටු අරමුනු සදහා භාවිතා කිරිමටත් එරෙහිව පෙනි සිටින බව ගමගේ පැවසිය .

ඔහු මේ බව පැවසුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ ගෝල්ෆෙස් අරගලයේ සිටි සමාජ ක්‍රියාකාරීන් නමින් පවත් වන ලද මාධ්‍ය හමුව අමතමින්ය .

අරගල කියන්නේ මේ රටේ පාට පක්ෂ ජාති කුල ආගම් භේදයෙන් තොරව පැනනැගුන අරගලයක් බවත් ඒ අරගලයේ ෂැන්ග්‍රිලා හෝටලයේ සිට ගමේ දුප්පත් පැලේ මිනිහා නියෝජනය කළ අරගලයක් බවත්  අරගලයේ පක්ෂ ගණනාවක් සිටි බවත් ගෝඨාභය එළවන්න අවේ ගේඨාභයට ජන්දය දිපු මිනිස්සු බවත් පෙසපෙට ,ජවිපෙට සහ රනිල් රාජපක්ෂලාට අපට සහයෝගය දිය හැකිදැයි ගමගේ ප්‍රශ්න කළේය.

රනිල් රාජපක්ෂට අපට උදව් කරන්න පුළුවන් බවත් රනිල් රාජපක්ෂ කියන්නේ අරගලයට පහර දීපු කෙනෙක් බවත් අරගලය සෑම කෙනෙකුටම අයිතියක් තිබෙන බවත් අරගලය දේශපාලනිකයි නිර්පාක්ෂිකයි ඒනිසා ස‍ැම කෙනෙකුට අරගලයට එකතු වෙනන පුළුවන් වු බව ගමගේ පෙන්වාදුන්නේය .

ඔහු මෙසේ ද පැවසීය.

 ගෝල්ෆෙස් යෝජනාවලිය හදන්න නිදි මරා ගෙන වැඩ කරපු අපට අයිතියක් තියෙනවා මහජන කවුන්සලයේ  විධායක සභාව දැන ගන්න .  විධායක් සභාව ගැන ඇහුව්වාම මහජන කවුන්සලේ ඉන්න අය  මග හරිනවා . අපි මේ රටේ මහජනතාවට කියනවා කිසිදු විනිවිදභායක් නැති මහජන කවුන්සලය පිළිගන්න එපා කියලා . එක තවදුරටත් මහජන කවුන්සලය කියන්නේ පෙසප බළල් අතක්. ජන අරගල සන්ධානයත් මහජන කවුන්සලය කියන්නෙත් පෙරටුගාමී පක්ෂයේ බළල් අණ්ඩක් .

පෙසප අරගලයට අවේ පක්ෂ අනන්‍යතාවය නැතිව . පක්ෂයක් විධියට අරගලයේ ඇතුලේ අරගල කරන්න පෙසපට කොන්දක් තිබුණේ නැහැ .පෙසප අරගලයට අවේ පුරවැසියන් විධියට. පෙසපට පක්ෂයක් විධියට ගමනක් තිබුනෙත් නැහැ .

අරගලයේ අපේක්ෂකයා බෝපගේ කියලා මාධ්‍ය ඵල වෙන කොට පෙසප නිහඩව ඉන්නවා . පෙසප ගැන වැරැදි ප්‍රවෘත්තියක් දැම්මොත් ඒක නිවැරැදි කරනවා. අපි චෝදනා කරන කොට පෙසප මග හරිනවා .

අරගලයේ හිටපු නන්නාදුන මිනිස්සු විශ්වාස කරලා තමයි රටේ මහජනයා අරගලයට ආවේ. ඒ නිසා අපට වගකිමක් තියෙනවා ආත්මීය සාධාරණයක් කර ගන්න .අරගලයේ නායකයෝ හිටියේ නැහැ. ජවිපෙ කිව්වේ අරගලයට හිසක් නැහැ කියලා .හිසක් නැති අරගලය හැබැයි ගෝඨාභයව එළෙව්වා.

අරගල දෙකාක් කරලා ඇණ ගත්ත. අරගල කරන්න පුහුණු කළ, දේශන පැවැත්වු  ඉගන ගත්තු ලාල්කාන්ත කියනවා පාර්ලිමේන්තුව අල්ලන්න ඒගොල්ලෝ ගියාලු . අරගලයේ නායකයෝ නිසා පාර්ලිමේන්තුව අල්ලන් බැරි වුණා කියලා. පාර්ලිමේන්තුව අල්ලන්න තිබුනා නම් අපි පාර්ලිමේන්තුව අල්ලනවා. රැට යන්නේ නැහැ .මිරිහානට රැට ගහන්න පුළුවන් .මිරිහානේ මිනිස්සු ඉන්නවා . පාර්ලිමේන්තුව ලග සවස 06යෙන් පස්සේ මිනිස්සු නැහැ . රැ පාර්ලිමේන්තුව අල්ලන්න ගිහිල්ලා ලාල්කාන්තලා ඇණ ගත්තා.

ලාල්කාන්ත සහෝදරයාට අපි කියන්නේ අරගලය ගැන විශ්වාස කළ , විප්ලවය ගැන කතා කරපු ඔගොල්ලන්ට බැරි වුණා අරගලයට හිසක් දෙන්න .

කඹුරුපිටියේ රතනසිරි ස්වාමින්වහන්සේ අදහස් දක්වමින් මෙසේ පැවසුහ .

අරගලය කියන්නේ කාගේවත් බුදලයක් නොවෙයි .දෙස් විදෙස් ජනතාවගේ අරලයක් . අද අරගල නමින් පෙනි සිටිමින් කොන්ත්‍රාත් කරනවා . අරගලය අයිති මහජනයාට .ජනාධිපතිවරණයත් සමග අරගලයට උපැන්න සහතික දෙන්න යනවා .

ජනතාව දන්නේ නැති අරමුණුක් නැති අය අරගලයේ සිටියා . ඒ අය දැන් අරගලයට අරගලකරුවන් යැයි කියා ගන්නවා. .නුවන් බෝපගේ අපේ අපේක්ෂයාලු . බෝපගේ කියන්නේ හොද මනුෂ්‍යයෙක් , නමුත් ඔහු අපේ අපේක්ෂකයා නොමෙයි . අරගලයේ ඇතුලේ දේශපාලන පක්ෂ තිබුනේ නැහැ. අරගලයේ හිටපු සමහරු අද ආණ්ඩුවට සහ සමගි ජන බලවේගයට කඩේ යනවා. සමහරු තරුණයන්ව අරගෙන ගිහිල්ලා බ්‍රෙන් වෝෂ් කළා . අරගලය සිටි ‌රැඩිකල් තරුණයෝ අද පාඩුවේ ඉන්නවා .

අපි ඉල්ලන්නේ අරගලය පාවිච්චි කරන්නේ නැතිව ඔයාලා ඔයලාගේ දේශපාලනයක් කරන්න. අපි තමයි කළේ කියලා බොරු දාන්න එපා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *