වසා තබා තිබු මදුෂ් ඝාතන නඩුව යළිත් විභාගයට!

කොළඹ අපරාධ කොට්ඨාශය බාරයේ සිටියදී වෙඩි වැදී මිය ගිය සමරසිංහ ආරච්චිගේ ලක්ෂිත මදුෂ් හෙවත් මාකදුරේ මදුෂ්ගේ මරණයට ආදළ විමර්ශන කටයුතු මාලිගාවත්ත පොලිසියෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පවරන්නැයි මදුෂ්ගේ බිරිද කළ ඉල්ලීම, කොළඹ අලුත් කඩේ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක අද (07) ප්‍රතික්ෂේප කළේය .

මරණකරුගේ මරණයට ආදළාව මාලිගාවත්ත පොලිසියේ විමර්ශන සම්බන්ධයෙන් සැහැහ‍ීමකට පත් නොවන්නේ නම්, පොලිස්පතිවරයාට හෝ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාට හෝ පැමිනිලි කළ හැකි බව කී මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේව කොමිසමේ චක්‍රලේඛනය ප්‍රකාරව විමර්ශන රහස් පොලිසිය වෙත යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයාට ප්‍රතිපාදන නොමැති බව පෙන්වාදුන්නේය .

මහේස්ත්‍රාත්වරයා තීන්දු කළහොත් වෙනත් පොලිසියකට විමර්ශන කටයුතු බාර දිය හැකි බවත් වෙනත් පාර්ශවයක් කරන ඉල්ලීමකට පොලිසියකින් තවත් පොලිසියකට විමර්ශන බාර දීමට අධිකරණ සේවා කොමිසමෙන් නිකුත් කළ චක්‍රලේඛනයෙන් ප්‍රතිපාදන නොමැති බව මහේසත්‍රාත්වරයා පැවස‍ිය.

මදුෂ්ගේ නැමති මරණකරුගේ පශ්චාත් මරණ පරික්ෂණ විමර්ශන සිදුකර තීන්දුවක් ලබා දී ඇති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා අධිකරණය මින් ලබා දී ඇති තීන්දුව ඉදිරි විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 05 වනදා අධිකරණයට ඉදිරිපත් කරන්න ලෙස මාලිගාවත්ත පොලිසියට නියෝග කළේය.

මාකදුරේ මදුෂ්ගේ බිරිද වන ගයානි මුතුමාලි නීතිඥයන් මාර්ගයෙන් කළ මෝසම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් එම නියෝගය නිකුත් කෙරිණ.

කොළඹ අලුත් කඩෙි අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට යටතේ ගොනු කර තිබු අංක 43716/4/2022 නඩු වසා තබා තිබුණු අතර අද (07) එම නඩුව යළිත් මෝසමක් මාර්ගයෙන් විභායට ගැනිණ.

ස්වාමීනි, මාකදුරේ මදුෂ්ව අත්අඩංගුවට ගන්නේ 2019 පෙරවාරි 05 වනදා වන අතර ඔහුව ඩුබායි පෙලිසිය අත්අඩංගුවට ගෙන මෙරට බාර දෙන බව කී නීතිඥ සේනක පෙරේරා අවුරුදු එකහාමාරකට වැඩි කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව යටතේ තබා ගෙන පරික්ෂණ සිදු කර පසුව කො‍ළඹ අපරාධ කොට්ඨාශයට බාර දී දින දෙකකට පසුව මාලිගාවත්ත ඇපල්වත්ත සදකිරණ මහල් නිවාස සංකීරණය පරිශ්‍රය තුළ දී නාදුනන තුවක්කුකරුවන් දෙදනෙකු විසින් මදුෂ්ව ඝාතනය කර ඇති බවත් කීය.

මදුෂ් පොලිස් අත්අඩංගුවේ සිටින බව මුළු ලෝකයම දන්නා බවත් කෙළඹ අපරාධ කොට්ඨාශය මදුෂ්ට දුරකතනයක් ලබා දී මත්ද්‍රව්‍ය ලබා ගැනීම සදහා මාලිගාවත්ත ඇපල් වත්ත සදකිර‍ණ මහල් නිවාසයට එන්නැයි දැනුන් දුන් බවත් පසුව මදුෂ් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් සමග 2020 ඔක්තෝම්බර් 20 වනදා එතැනට රැගෙන ගොස් ඇති බවත් එම නිවාස සංකිරණයේ විදුලි සෝපාව අක්‍රීය වි තිබු නිසා පඩි පෙළ නගිද්දී, නාදුනන පිරිසක් මදුෂ් හිටපු පැත්තට වෙඩි තැබු අතර පොලිසිය ද පෙර‍ලා වෙඩි තබා ඇති බවත් නාදුනන පිරිස සිදු කල වෙඩි තැබිමෙන් මදුෂ් මිය ගොස් සිටි බව පොලිසිය පවසන බව පැවසු නීතිඥ සේනක පෙරේරා පසුව කරන ලද විමර්ශන වලද‍ි එදින විදුලි සෝපාව අක්‍රීය වී නොතිබු බව එම සෝපාව බාර සිටි පුද්ගලයා විසින් දුන් කටඋත්තර වල සදහන් වෙන බවත් ඔහු පෙන්වාදුන්නේ.

මදුෂ්ව 2020 ඔක්තෝම්බර් 20 වනදා පාන්දර 3 ට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඇපල්වත්ත මහල් නිවාසයට ඔහුව රැගෙන ගොස් තිබෙන බවත් මුළු සිද්ධියට ගත වී ඇත්තේ විනාඩි 17 ක් බව ක‍ී නීතිඥ පෙරේරා බරපතළ සැකසංකා මතු කරන බවත් සැකකරු එම මහල් නිසායට රැගෙන එමට පෙර එම ස්ථානය පරික්ෂා නොකළේ මන්ද යන්න සැකයක් මතු වන බවත් පැවසීය.

කො‍ළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සන්නද්ධව සිටියදී ඔවුන් භාරයේ සිටි මදුෂ්ට නාදුනන වෙඩික්කරුවන් දෙදනෙක් වෙඩි තබා පලා යෑම බරපතළ සැක මතු කරන බවත් සැකකරුට වෙඩි තබා පලා ගිය සැකරුවන් අත්අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කර නැති බව පෙන්වාදුන් නීීීීතිඥ පෙරේරා මාලිගාවත්ත පොලිසිය මගින් සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් සැහැගීමකට පත්විය නොහැකි නිසා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට විමර්ශන පවරන්නැයි ඔහු අගතියට පත් පාර්ශවය වෙනුවෙන් මහේසත්‍රාත්වරයාගෙන් ඉල්ලිමක් කළේය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් , චුලා අධිකාරී ,ලක්මාලි ෆොන්සේකා , ධනුෂ්ක සිල්වා ,ජයම්පත් අත්තනායක, ප්‍රබෝධ රත්නායක සහ වත්සලා යන නීතිඥයින් පෙනි සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *