වාද්දුව පොලිසිය රදවාගෙන සිටි පුද්ගලයෙකු රෝහල් ගත කළ පසු මිය යයි

වද්දුව පොලිසිි මගින් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හරින ලද පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේන අනතුරුව මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන වලින් පසු එම පොලිසියේ කොස්තාපල්වරු 04 දෙනෙකු අද (12) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි මනතුංග පවසයි.
එම පුද්ගලයා මිය ගොස් ඇත්තේ පොලිස් නිලධාරීන් විසින් සිදු කළ පහරදීමෙන් පසු බව පානදුර කොට්ඨාශ භාර අපරාධ විමර්ශන කාර්යංශය සිදු කළ විමර්ශන වලින් අනතරුව එම කොස්තාපල්වරු 04 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනා හෙට (13) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම විෂමාචර ක්‍රියාව හේතුවෙන් පානදුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට කොස්තාපල්වරුන්ගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ පැවසීය.