වැටත් නියරත් ගොයම් කා නම් මේ අව නඩුව කාට කියන්න ද

The Colombo High Court Judge ordered the Attorney General today (13) to hand over the charge sheets to former Police Director Lakshman Koore.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළා යැයි හිටපු පොලිස් අධ්කාරී ලක්ෂ්මන් කූරේට අධි චෝදනා පත්‍ර භාර දෙන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරුවයා අද (13) නිතිපතිට නියෝග කළේය .

මෙම නඩුව කොළඹ ( 3650/22) සහ බදුල්ලේ (4422 ) පවරා ඇත්තේ අවුරුදු 14 කට පසුවය .

2009 වර්ෂයේ හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි පොලිස් අධිකාරී කුරේව ගම්පහ මහාධ්කරණය මගින් සැප්තැම්බර් (01) නිදහස් කොට නිදහස් කරන ලදී .

ගම්පහ මහාධිකරණය මගින් නිදෝස් කොට නිදහස් කරන ලද පොලිස් අධ්කාරී කුරේ ඇතුළු රැදවියන් තිදෙනා නැවත රිමාන්ඩ් බන්ධනාගාර කොට ඇති බවත් ඔවුන් රැදවා ගැනීමේ නියෝග ලබා ගෙන ඇත්තේ සැප්තැම්බර් (02) වෙනිදා ය.

සැප්තැම්බර් පලමු දා නිදොස් කොට නිදහස් කරන කුරේ අතුළු තිදෙනා අධිකරණ නියෝගයක් නොමැතිව සැප්තැම්බර් (02) වනදා දක්වා රදවා ගැනීම නීති විරෝධී මෙන්ම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුව පවසයි.

හිටපු අමාත්‍ය ජෙයරජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතනයේ අභිරහස් හෙළි කරතැයි බියෙන් රාජපක්ෂලා , කුරේව සිරකර තැබිමට කටයුතු කරවා ද යන්න සැකයක් පවති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *