වැටත් නියරත් ගොයම් කා නම් මේ අවනඩුව කාට කියන්නද?

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරීයේ සමන්ත ප්‍රිති කුමාරව පැහැරගෙන ගොස් මරා දැමු කොළඹ මත්දුව්‍ය කාර්යංශයේ අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට තමන්ගේ නියෝගයක් අවශ්‍ය නැති බවත් අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වෛද්‍ය වාර්තාව අනුව පොලිසියට රාජකාරී ඉටු කිරීමට හැකි බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝජනා අබෙිවික්‍රම මෝසමක් මාර්ගයෙන් අද (13) නඩුව විභාගයට ගත් අවස්ථාවේ පැවසුවාය .

මේ නඩුවට ආදාළව කෙටි වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරපත් කර ඇති බවත් මෙය සමාන්‍ය මිනීමැරුමක් නොව ප්‍රචණ්ඩ ලෙස පහර දි සිදු කළ ඝාතනයක් බව සදහන් වෙන බවත් මහේස්ත්‍රාත් අබෙිවික්‍රම විවෘත අධිකරණය හමුවේ කිවාය

කුමාරට අමානුෂික අන්දමින් පහර දි මරා දැමු ස්ථානය වෙනුවට වෙනත් ස්ථානයක් ස්ථාන පරික්ෂණයේ දි පෙන්වා අධිකරණය නොමග යවා ඇති හෙළි වු බවත් මරදාන පොලිසිය මත්දව්‍ය කාර්යංශ ධජය යටතේ පවතින පොලිසියක් බැවින් සාධාරණව පරික්ෂණ කටයුතු කරයි කියා විශ්වාසයක් නැති බවත් කුමාරගේ ඝාතනයට ආදාළව පරික්ෂණ කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්මේනතුවට පවරන ලෙසත් මරදාන පොලිසියට ඊට අවශය සහයෝගය අපරාධ පරික්ෂණ දෙපාර්මේනතුවට ලබා දිය හැකි බව වින්දිත පාර්ශ්වය වෙනුවෙන් පෙනි සිටි නීතිඥ රාජිත ලක්මාල් අද (13) අධිකරණය හමුවේ ඉල්ලීමක් කළේය.

නීතිඥ ලක්මාල්ගේ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරිය කුමාරගෛ් සිද්ධියට ආදාළ පරික්ෂණ කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නැයි නියෝග කළාය.

කුමාරව නාරාහේන්පිට දි පැහැරගෙන ගොස් මරා දමන්නේ ජනවාරි 10 වෙනිදා බවත් මරදාන පොලිසිය බී වාර්තාවක් මගින් (අංක 1360/23 ) මාලිගාකන්ද උසාවේ ‌නඩුවක් ගොනු කරන්නේ ජනවාරි 11 බවත් ජනවාරි 12 වෙනිදා කුමාර සම්බන්ධව ව්‍යාජ තොරතුරු ඇතුළත් ප්‍රවෘත්ති දෙරණ නාලිකාවේ සහ ලංකා දීප පුවත්පතේ පල වි ඇති බව අධිකරණය හමුවේ පෙන්වා දුන් නීතිඥ ලක්මාල් ඉදිරියේ දි දෙරණ නාලිකාවට සහ ලංකා දිප පුවත්පතට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පවසා ඇත.

ධනපති රාජයේ මර්දන උපකරණයක් වන පොලිසිය ධනපති හම්පුතුන්ගේ මුර බල්ලෙකි . සල්ලි වලට ඔිනැම බලු වැඩක් කරන ආයතනයකි . අධිකරණය ද ධනපති රාජයේ මර්දන උපකරණයකි . නමුත් කම්කරු පිඩිත මහජනයා අධිකරණය ‌පොලිසියට සාපේක්ෂව ස්වාධින යැයි විශ්වාස කරති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *