වැලිකඩ පොලිස් මැරයන් වහා අත්අඩංගුවට ගනු !

රාජගිරිය වැලිකඩ පොලිසිය මගින් මුතුවාඩිගේ සත්සර නිමෙිෂ් නැමති තරුණයාට අමානුෂික ලෙස පහර දි ඝාතනය කිරීමට එරෙහිව එම පොලිසිය ඉදිරිපිට අද (06) සවස 5 ට නිහඩ විරෝධතාවයක් පැවැත්විණ.

එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණේ සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාධාරින් විසින්ය.
මෙම විරෝධතාවය සදහා සියකට ආසන්න පිරිසක් සහභාගී වි සිටි අතර බැනර් සහ සටන් පාඨ ලිව් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවයේ නිරත වුහ.
වැලිකඩ පොලිස් මැරයන් වහා අත්අඩංගුවට ගනු! පොලිසියට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරනු! පොලිස් ප්‍රචණ්ඩත්වයට තිත තබමු ! පොලිස් හිංසනයට ගොදුරු සියලුම දෙනාට යුක්තිය ඉටු කරනු! ඊලග පොලිස් බිල්ල ඔබ ද මම ද? යන සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් පැයකට ආසන්න කාලයක් නිහඩ විරෝධතාවයක නිරත වුහ.
පසුව විරෝධතාකරුවෝ ඉටිපන්දම් දල්වා පොලිසි මගින් ඝාතනය කරන ලද සියලුම දෙනා සිහිපත් කළහ.
නිමෙිෂ් ශ්‍රී රතන ජෝති මාවතේ නිවසකට පැන කලහාකාරී ලෙස හැසිරෙමින් සිටියදී එම නිවසේ හිමිකරු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දිමෙන් පසු වැලිකඩ පොලිසියේ නිලධාරින් දෙදනෙකු පැමින රාත්‍රි 9.30 පමන ඔහුව අත්අඩංගුවට ගෙන එම පොලිසියට රැගෙන ගිය බව පොලිසිය පවසයි. පොලිසියට රැගෙන ගියාට පසුව නිමෙිෂ් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරි ඇති බවත් පසුව ඔහුගේ ශරීරයේ කොටස් කුඩුවේ සහ පොලොවේ හප්ප ගැනිම නිසා ඔහුව අංගොඩ මානසික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
නිමෙිෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් වැලිකඩ ස්තානාධිපති චින්තක අනුරාධගේ සේවය අද සිට වැඩ තහනම් ඇති අතර නොසැලකිමත් ලෙස කටයුතු කළා යැයි සාජන්වරයෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ ද වැඩ තහනම් කර ඇත.

