වැලිකඩ පොලිසීය රාජ්කුමාරිව අත්අඩංගුවට ගත්තේ මගේ නිවසේදී – නිවාසේ හිමිකරු පවසයි

රාජගිරි වැලිකඩ පොලිසීය ආර් .රාජ්කුමාරිව අත්අඩංගුවට ගත්තේ තමාගේ නිවසේ සේවය කරමින් සිටියදී බව එම නිවසේ හිමිකරු කොළඹ අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (26) එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ සාක්කි දෙමින් පැවසීය .

නිවසේ හිමිකරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කර තිබුණේ , අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින්ය .

වැලිකඩ පොලිසීය මගින් රාජ්කුමාරිව අත්අඩංගුවට ගෙන තිබුණේ ,රාජගිරය ප්‍රදේශයේ ධනවත් හා චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ කාලයේ මුද්දක් ඇතුළු දේපල සොරා ගත්තා යැයි ඇය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවය.

වැලිකඩ පොලිසීය මගින් ඇයව අත්අඩංගුවට ගනිද්දී රාජකුමාරි නෙත්තිකුමාරගේ නිවසෙන් ඉවත්ව ගොස් සේවය කර ඇත්තේ කොටා පරේ නිවසකය .

රාජ්කුමාරිව කොටා පාරේ නිවසට රැගෙන ගොස් භාර දී ඇත්තේ අවුරදු 40 ක් වයසැති හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මහෙන්ද්‍රන් සුරේෂ්ය . සුරේෂට කොළඹ හැටන් බස් නැවතුම් පොලට එන්නැයි වැලිකඪ පොලිසී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සුරේෂ්ට මංජු දමා රාජ්කුමාරි සේවය කළ කොටා පරේ නිවසට ඔහු රැගෙන ගොස් ඇත. කොටා පරේ නිවසේදී රාජ්කුමාරිව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් සුරේෂ්ට සහ ඇයට එකම මංවු කුට්ටම දමා පොලිසියට රැගෙනවිත් පහර දුන් බව ඔහු අධිකරණය හමුවේ සාක්කි දෙමින් පවසා ඇත.

සුරේෂ්ව වැලිකඩ පොලිසීය මගින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පොලිස් නිළධාරීන් සමග නෙත්තිකුමාර ද සිට ඇති අතර පොලිසීය පැමිණ ඇත්තේ ඇයට අයත් මෝටර් රථයකිනි.

රාජ්කුමාරි බදුල්ල දෙමෝදර නාවලවත්තේ පදිංචිකාරිනියක් වන අතර අවුරුදු 42 ක් වයසැති දෙදරු මවකි .

අගොස්තු 25 නැවත නඩුව කැදවන්නැයි නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදිනට නියෝගය ලබා දෙන බවත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *