වික්ටර් අයිවන් මිය යයි
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අද (19) සවස මිය ගොස් ඇත. ඔහුගේ අවසන් කටයුතු හෙට (20) ගාල්ලේදී සිදු කිරීමට නියමිතය.
පසුගිය දින අසනිප තත්වයේ පසු වු වික්ටර් අයිවන් මිය යන විට වයස 75 ක් වන අතර ඔහු උපත ලබා ඇත්තේ 1949 ජුලි 02 දාය.
තඹුත්තේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන වික්ටර් අයිවන් ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙවන ලද 1971 කැරැල්ලේ නායකයෙකු විය. ඔහුව එම ව්‍යාපාරය ඇතුලේ හදුන්වනු ලැබුයේ පොඩි අතුල නමින්ය. 71 තරුණ කැරැල්ලේ කැරැලිකාරයෙකු ලෙස අත්අඩංගුවට පත් වන වික්ටර් අයිවන් බ්‍රිතාන්‍ය රැජිනගේ ආණ්ඩුව පෙරලා දැමිමට තැත් කළ වුන්ට එරෙහිව පනවන ලද නඩුවේ ඔහු 07 වන විත්තිකරුය.
රාවය සගරාව හරහා මාධ්‍ය ක්ෂත්‍රයට පිවිසෙන වික්ටර් අයිවන් රාවය පුවත්පතේ ආරම්භකයා මෙන්ම එම පුවත්පතේ පලමු ප්‍රධාන සංස්කාරකවරයා ද විය.
වික්ටර් අයිවන් ගවේෂණශීලි මාධ්‍යවේදියෙකු ,දේශපාලන විචාරකයෙකු , සමාජ ක්‍රියාකාරිකයෙකු සහ ගත් කතුවරයෙකු වශයෙන් ප්රකටය.
චෞර රැජන ,නොනිමි අරගලය , පෑන් අහිංසකද? අද ගොවි අභියෝගය , 71 කැරැල්ල ,දෙමළ අභියෝගය , දේශපාලන කුලය සහ පවුල, , කදුළු සලන පරාදීසය ,පන්සලේ විප්ලවය සහ ප්රභාකරන් පරාජය කිරිම යනචෞර රැජන ,නොනිමි අරගලය , පෑන් අහිංසකද? අද ගොවි අභියෝගය , 71 කැරැල්ල ,දෙමළ අභියෝගය , දේශපාලන කුලය සහ පවුල, , කදුළු සලන පරාදීසය ,පන්සලේ විප්ලවය සහ ප්රභාකරන් පරාජය කිරිම යන ඔහු විසින් රචිත කෘති කිපයකි.
හිටපු අගවිනිසුරු සරත් එන් සිලිවා ධනපති නීතිය ගණිකා වෘත්තියේදීමට එරෙහිව වික්ටර් අයිවන් නොබියවම තනියම සටන් වැදුණි. ධනපති ප්රජාතන්ත්රවාදය කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබු අයිවන් කුණු වී ඔජස් ගලන ධනපති ක්‍රමය සංශෝධන හා ප්‍රතිසංස්කරණ හරහා ගොඩ දැමීය හැකි යැයි විශ්වාස කළ ධනපති පාලක පන්තියට ගැතිකම් කළ රැඩිකල් මාධ්‍යවේදියෙකි. ධනපති පුනරුද ව්යාපායේ පුරෝගාමියෙකි. 71 බෝම්බ හදන්නට ගොස් අතක් අහිමි කරගත් 71 මහ නඩුවේ 07 වන විත්තිකරු වු අයිවන් අවසානයේ ධනපති කදවුරට බඩගෑවේය. දිවිසැරිය අවසන් කළ අයිවන් 2022 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ පුරෝහිතයෙකු විය.