විකුණන්නේ තෝපි -විදවන්නේ අපි
ආණ්ඩුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එරෙහිව එම ආයතන වල සේවකයෝ අද (10 ) උදේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක නිරත වුහ .
මෙම විරා්ධතාව ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර තිබු අතර එම විරොධතාව රට පුරා පැවැත්විණ .
ප්‍රතිව්‍යුහකරණයට එරෙහි මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරන ලද්දේ ටෙලිකොම් වෘත්තීය සමිති එකමුතුව, රක්ෂණ සංස්ථාවේ වෘත්තීය සමිති සහ වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව මගින්ය .
දහසකට ආසන්න ටෙලිකොම් සහ රක්ෂණ සේවකයින් පිරිසක් කොටුව දුම්රිය පොළට ඉදිරිපිට රැස්
රක්ෂණයත් -ජනතාවගේ
ටෙලිකෙම්යත් -ජනතාවගේ
රජයට හිමි -සියලුදේම
දැන් දානවා -වෙන්දේසීයේ
පිං ජනපති -මේ අහපන්
විකුණුන එක -අකුල ගනින්
මැතිවරනෙන් 0ලෙදර යවපු
පාඩම් පොත -කියව ගනින්
හමුදාවත් – උන්ගේ අතේ
පොලිසීයත් -උන්ගේ අතේ , ඒ මොනවත් -නැතත් අතේ , බලය ඇත්තේ අපේ – අතේ යන සටන් පාඨ කියමින් උන් විකුණනවා අපි විදිනව ! ,රජයට ආදායම් ලබා දෙන ටෙලිකොම් විකිණීම වහා නතර කරනු ! 2022 ටෙලිකොම් ලාභය කෝටි 900 යයි ! ප්‍රතිව්‍යුහකරණය මුවාවෙන් ජාතික සම්පත් විකිණීම වහා නතර කරනු ! යන සටන් පාඨ සහිත පුවරු ඔසවාගෙන විරෝධතාකරුවන් පැය දෙකකට ආසන්න කාලයක් විරොධතා උද්ඝෝෂණයේ නිරත වුහ .