විදුහල්පතිනියගේ ළමා කාලය උදුරාගත් සමාජ ක්‍රමයම ඇයව දඩුකදේ ගසයි.
නුවර එළිය යහපත් එඩේරා කන්‍යා බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ලෙස කටයුතු කළ නිලංකා ද සිල්වා කන්‍යා සොහොයුරිය සිසුවියන් 11 දෙනෙකුට අමනුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාගත කර සිට පසුව ඇපමත මුද්‍ර හැර තිබිිණ.
මීගමුව වැල්ල වීදියේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සේවය කළ කාලයේ සිසුවියන්ට පහරදීම නිසා කන්‍යා සොහොයුරිය වැඩ තහනමට ලක් සිට ඇත.
නුවර එළිය යහපත් එඩේරා මහා විද්‍යාලයේ සිසුවියන් පිරිසක් පාසලෙන් පසු පැවත්වෙන අමතර පංති වලට සහභාගි වී ඇති බවත් එහිදී කෑම කා අත සෝදා ගෙන පංති කාමරයට යමින් සිටි සිසුවියන්ට කන්‍යා සොයුරිය විසින් බටයකින් සහ කොසුමිටකින් අමානුෂික ලෙස පහර දී ඇත. සමහර සිසුවියන්ට කොසුමිටෙන් මෙන්ම අතින් පයින් ද පහර දී යටි බඩ මිරිකා ඇති බවට ඇයට චෝදනා එල්ල වී ඇත.
පහර දිම සම්බන්ධයෙන් විදුහල්පතිනියට එරෙහිව ගිහාන් දිල්රුක්ෂි ,ජි. මෂුදා ,සුදික් ෆාතිමා සහ හස්නා සුල්ෆිකර් යන සිසුවියන් නුවර එළිය පොලිසියේ WCIB ii 73/10 අංකය යටතේ පැමිනිලි දමා ඇත.
ළමා හිංසනය යටතේ B11780/2024 නුවර එළිය පොලිසිය අධිකරණයට කරුනු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් විදුහල්පතිනිව 2024 ඔක්තේම්බර් 15 සිට 2024 ඔක්තෝම්බර් 28 දක්වා දින දාහතරකට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.
පසුව ඇය බන්ධනාගාරයෙන් ඇප මත නිදහස්ව පැමින නැවත එම පාසලේ සේවය කොට ඇති අතර පසුව පාසලේ ඉගනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් විරෝධතාවය මත අධ්‍යාපන බලධාරීන්ට විදුහල්පතිනිගේ වැඩ තහනම් කරන්නට සිදු වුහ.
ආයතන සංග්‍රහය අනුව -“ සාපරාධි වරදක් සම්බන්ධයෙන් හෝ අල්ලස් හෝ දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හෝ රජයේ නිලධාරියෙකුට විරුද්ධව අධිකරණයේ නඩු පවරා ඇති අවස්ථාවකදී නියමිත බලධරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආදළ නිලධාරයාගේ වැඩ තහනම් කළ යුතුය.”
නමුත් අධ්‍යාපන බලධාරීන් විදුහල්පතිනිගේ වැඩ තහනම් කළේ දෙමව්පියන් විදුහල්පතිනියට එරෙහිව ගෙන ගිය විරෝධතාවයෙන් අනතුරුවය. එම විදුහල්පතිනි එරෙහිව කාලන්තරයක් තිස්සේ ළමා හිංසනය සම්බන්ධයෙන් චෝදනා ඉල්ල වී ඇති අතර වැඩ තහනමට ද ලක්ව සිට ඇත.
මෙම විදුහල්පතිනියගේ තාඩන පිඩන ඉවසා ගන්න බැරිව, නිල ඇදුම පිටින් වස පානය කොට දිවිහානි කර ගන්න ගිය දැරියකගේ මවක් එක්සත් මානව හිමිකම් සංවිධානයට කතා කර එම සිද්ධිය අනාවරණය කර ඇත. විදුහල්පතිනිය අකමැති දැරියන්ට පන්න පන්නා තාඩන පීඩන කරන බවත් එක් අවස්ථාවක විදුහල්පතිනිය අකමැති ගැහැනු ළමයෙකුගේ හිතවතියකට නේවාසිකාගාරයේදි කකුල් වලින් ලේ ගලනකන් තෙක් පහර දී දින කිපයක් සගවා තබාගෙන සිටි බවට විදුහල්පතිනියට එරෙහිව නුවර එළියේ පොලිසියට පැමිනිල්ලක් කළ ද ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ද අප වෙත වාර්තා වී ඇත.
විදුහල්පතිනියගේ අඩම්තෙට්ටම් වලට ලක් වු සිසුවියන් සහ මවක් හඩ අවධි කළේ මෙසේය.
පාසැලේ දැරියක් –
සිස්ට හේතුවක් නැතිව ගහනවා බනිවා. සිස්ටත් පංති භාර ගුරුතුමායත් පරුෂ වචනයෙන් තමයි ළමුට කතා කරන්නේ. ආගමේ කාමරයට දාගෙන ගහනවා. සිස්ට ගහන්න හේතු අවශ්‍ය නැහැ. මාව අල්ලා ගෙන දගලනවා . දවසක් මම සිස්ට පංතියේදී ගොන් ගැණි කිව්වා කියලා කවුරු හරි කියලා .ගොන් ගැණු කියන්නේ මිනිස්සුන් සමග යන අය කියලා මගේ කොණ්ඩයෙන් ඇදලා පහර දුන්නා.
පාසැලේ දැරියක්ගේ මවක්-
මට සිස්ට එන්න කියපු වේලාවට යන්න බැරි වුණා . මාව පැය ගානක් ඉදවලා තිබ්බා .මම කතා කරන්න උත්සහකළා මට කතා කරන්න දුන්නේ නැහැ. මම කිව්වා මේ විධියට දරුවන්ට සලකන්න එපා කියලා .ඔයාට අනිත් ළමුන් වෙනුවෙන් කතා කරන්න අයිතියක් නැහැ කියලි සිස්ට මට තර්ජනය කළා.
පාසැල් දැරියක්ගේ මවක් – උඹලාගේ අම්මා ගාන්න මොනවාද ගෙනැල්ලා දුන්නේ කියලා අහලා ගලවපිය ඇදුම කියලා සිස්ට තර්ජනය කළා . සිස්ට ජසිය ගලවා ගත්තා. පස්සේ සවස තුනේ සිට හතර දක්වා තියා ගත්තා ගෙදර යන්න දුන්නේ නැහැ. පස්සේ ජසිය සෝදපන් කියලා තර්ජනය කළා .පස්සේ සිස්ට ජසිය මිරිකලා අන්දලා කිව්වා දැන් පලයන් ගෙදර කියලා . පස්සේ දරුවා බස් එකට නැගලා වෙන අයෙකුගේ දුරකතයෙන් කතා කරලා සිද්ධිය කිවිවා . සිස්ටගේ හැසිරීම නිසා දරුවා හොදටම මානසිකව වැටිලා ඉන්නේ.
දෙමව්පියන් ඔවුන්ගේ දරුවන් ගැන වගේම සිස්ටගේ තාඩන පීඩනයට ලක් වු දරුවන් කියන කතා වලට සවන් දූන්නාම විදුහල්පතිනිය බරපතළ මානසික ආතතියකින් පෙලෙන්නියක් බව වැටහෙයි. එම විදුහල්පතිනිය පාසල් දරුවන් හිංසනයට හා පීඩනයට ලක් කර ඇති බව සත්‍ය වුවත් ඇයව මානසික වෛද්‍යවරයෙකුට හෝ මානසික ප්‍රතිකාර සදහා රෝහකට ඇතුල් කරනවා වෙනුවට ඇයව බන්ධනාගාරයකයට ඇතුල් කිරීමෙන් අධිකරණය මෙන්ම සමාජ ද බරපතළ වරදක් කර ඇත.
විශේෂයෙන් කන්‍යා සොයුරියන්ට මෙන් භික්ෂුන් වහන්සේලාට ද ළමා කාලය අහිමි වු අය වෙති. සමහර කන්‍යා සොයුරියන් ළමා කාලය මෙන්ම දෙමව්පියන්ගේ ද ආදරය අහිමි වුවන් වන අතර අපයෝජනයට ලක් වුවෝ වෙති. සිංහල බෞද්ධ පාසැල් වල උගන්වන භික්ෂුන් වහන්සේලා අනෙක් ගුරුවරුන්ට වඩා සමස්තයක් වශයෙන් නපුරුය. බොහෝ පාසැල් වල විනය භාර කටයුතු කරන්නේ භික්ෂුන් වහන්සේලාය. භික්ෂුන් වහන්සේලාට මෙන්ම කන්‍යා සොහොයුරියන්ට ළමා කාලය අහිමි නිසා ළමුන් විනෝදයෙන්, අල්ලාප සල්ලාපයෙන් සහ දග කරනවාට ඔවුන් කැමැති නැත. ඔවුන් කුඩා කළ දැඩි විනයක් ඇතුලේ ගොඩනැගි ඇති බැවින් ඔවුන් ළමුන්ගෙන්ද ඒ වැනි විනයක් බලාපොරෝත්තු වෙති. මෙය ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොව සමාජමය ප්‍රශ්නයකි. මිනිස්සු නිර්මානය කරන්නේ තත්යන් විසින්ය. සමාජ ආර්ථික ප්‍රශ්න මෙන්ම සමාජ අසමානතාවයන් එහි මුල බීජයන් වෙයි.
යහපත් එඩේරා කන්‍යා මහා විද්‍යාලයේ සිසුවියක් සුවද විලවුන් තවරාගත් ජසිය ඇදගෙන පාසලට පැමිනිම නිසා උරණ වන අතර විදුහල්පතිනිය” උඹලාගේ අම්මා සුවද විලවුන් ගෙනත් දුන්නේ කොහෙන් දැයි කියා අසා වෛරයෙන් ඇදුම ගලවාගෙන පසුව එම ජසිය තේමා එම ජසිය සිසුවියට නැවත අන්දවිමෙන්” කුඩා කල ඇයට දෙමව්පිය සෙනෙහස මෙන්ම පාරිභෝජන භාණ්ඩ අහිමි විම සම්බන්ධයෙන් ඇයගේ මානසික පීඩනය වඩා හොදින් නිරූපනය වන තැනකි.
විශේෂයෙන් අධ්‍යාපන ක්ෂත්‍රයට කන්‍යා සොහොයුරියන් ,භික්ෂුන් වහන්සේලා සහ වෙනත් පුද්ගලයන් බදවා ගැනිමේදී ඔවුන්ගේ පවුල් පසුබිම සහ මානසිකත්වය පිළිබද මනෝවිශ්ලේෂණයකින් අනතුරු තොරාගත යුතුය.
යහපත් එඩේරා කන්‍යා බලිකා මහා විද්‍යාලයේ දරුවන්ට සිදු වු ආසාධාරණයට වගකිව යුත්තේ විදුහල්පතිනිය නොව ධනපති සමාජ ක්‍රමය හා එහි පාලකයෝ වෙති.
මෙම සිද්ධිය පිළිබද යුටියුබ් නාලිකා මගින් විදුහල්පතිනියට පරුෂ වචනයෙන් බැන වදිමින් රංගන වලින් හෙළි වන්නේ විදුහල්පතිනියට වඩා ඔවුන් මානසික රෝගීන් බවයි.