විමර්ශන කඩාකප්පල් කිරීමටත් රට අස්ථාවර කිරීමටත් කටයුතු කරන සංවිධාන වලටත් පුද්ගලයන්ටත් එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා . මහජන ආරක්ෂක ලේකම්

පසුගිය ආණ්ඩු කාලයේ සිදු වු අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන යද්දී රට අස්ථාවර කරන්න යම් යම් සංවිධානාත්මක දේශපාලන සංවිධාන සහ සංවිධානාත්මක පුද්ගලයන් කටයුතු කරමින සිටින බවත් එම සංවිධාන වලට සහ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සේනවිරත්න පවසයි.
මොනම විධියකටවත් රට අස්ථාරවර කරන්න ඉඩ නොදෙන බවත් බුද්ධි අංශ වල , ත්‍රිවිධ හමුදාවේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ සහයෝග ඉතා ඉහලින් ලැබෙන බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
ආරක්ෂක ලේකම්වරයා එසේ පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේනතුවේ පැවති විශේෂ මාධ්‍යය සාකච්ජාවකදී අදහස් දක්වමින් කීය.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
පසුගිය දින සිදු වුනු දේ සමග අපට පැහැදිලි වන කාරණයක් තමයි සංවිධානාත්මක කල්ලි අතර ගැටුම්කාරී තත්වයක් නිර්මානය වෙලා තියෙනවා. ගැටුම්කාරී තත්වයක් නිර්මානය වීමට විවිධ හේතු කරුණු කාරණා බලපා තිබෙනවා. ඔවුන් සිදු කරන කප්පම් ගැනීම් ,මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සහ දේශපාලනයත් ඊට බලපා තියේනවා . සංවිධානාත්මක අපරාධ කල්ලි යම් කාලවකවානුවක දේශපාලන සම්බන්ධතාවයක් තිබුණා. ඒ පදනම මත තමයි පාතාලය උත්සන්න වෙලා තියෙන්නේ. අපි ආසන්නම සිදු විම ගතහොත් අලුත් කඩේ උසාවියේ වෙච්ච සිදු විම ගනේමුල්ලෙ සංජිව කියන සංවිධානාත්මක කල්ලි නායකයා වෙඩි තබා ඝාතනය කරනවා . පැය කීපයක් ඇතුළත වැඩ බලන පොලිස්පතිවරයාගේ මැදිහත් විමෙන් එම ඝාතනයේ සැකකරු හඹා ගොස් අල්ලනවා. දකුණු පළාතේ මිද්දෙනිය ප්‍රදේශයේ ත්‍රිපුද්ගල ඝාතනයක් සිදු වෙනවා. ඒ සම්බන්ධයෙනුත් බුද්ධි අංශ වල සහාය අරගෙන පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව ඒ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නවා. මෑත කාලයේ සිදු කළ අපාරධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්මේන්තුව අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමේ කටයුුතු ඉතාමත් මැනවින් ඉටුකරනවා.
ඒ ක්‍රියාන්විත වලට බුද්ධි අංශ මෙන්ම ත්‍රිවිධ හමුදවේද සහාය ලැබෙනවා. අපි මෙහිදි දකින තවත් දේයක් තමා අපරාධ කල්ලි වල මෙහෙයවන්නන් බොහොම දෙනෙක් ඉන්නේ රටින් පිට. ඩුබායි රාජයේ ඉදගෙන තමයි මේවා කරන්නේ. ඒ සම්බන්ධයෙනුත්න රාජතාන්ත්‍රික සහාය මෙන්ම පොලිසියට අවශ්‍ය පහසුකම් ලබා දිලා තියේනවා. ඒ රාජයන් වල සහයෝගය ලබා ගෙන ඒ අපරාධකරුවන් ලංකාවට ගෙනැල්ලා නීතිය හමුවට පණුවන්න කටයුතු කරනවා. ඒ කටයුත්තත් ආරම්භ වෙලා හොදින් කෙරෙනවා. මේවන විට මැදපෙර දිග රාජයෙන් සැකකරුවන් නම දෙනෙකුත් ඉන්දියවෙන් සැකකරුවන් 04 දෙනෙකුත් රැගෙනවිත් තියෙනවා. මේ සැකකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමේ නෛතික ක්‍රියාවලිය පොලිසියත් ආරක්ෂක අමාත්‍යංශයත් කටයුතු කරමින් ඉන්නවා. උදාහරණයක් – රටින පැනලා ඉන්න හැම දෙනාටම අන්තර් ජාතික පොලිසියේ රතු නිවේදන නිකතු කරලා තියෙනවා. ලංකාවට ගෙනාපු අයත් රතු නිවේදන මත ගෙනාපු අය. සංවිධානාත්මක පාතාලයට එරෙහිව විමර්ශන කටයුතු හොදින් කෙරිගෙන යද්දී. නීතිය ක්‍රියාත්මක වෙද්දී ,පාතාලය මැඩලීමේ කටයුතු හොදින් කරගෙන යද්දි ,අපි දකිනවා සමහර අවස්ථාවල ඒකටයුතු වලට යම් යම් බාධා කරන අරමුණින් කටයුතු කරන සංවිධාන ගැනත් සංවිධානාත්මක වු පුද්ගලයන් ගැනත් අපට වාර්තා වෙලා තියෙනවා. අප ලග තොරතුරු තියෙනවා අපි ඔවුන් කවුද කියලා හදුනාගෙන තියේනවා. ඒකටත් හේතු තියේනවා අපි කලින් සදහන් කළා වගේ මේ සංවිධානාත්මක අපරාධ කල්ලි වල පැවැත්ම රදා පවතින්නේ ඔවුන් කරන නීති විරෝධී ක්‍රියා සහ සමහර දුෂිත දේශපාලන කණ්ඩායම් සහයෝගය ම. මොහුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විමේ ක්‍රියාවලිය ඉදිරියෙදී ක්‍රියාත්මක වෙනවා.ඔබට මතක ඇති ආන්දෝලනාත්මක සිදුවිම් වාර්තා වුණා .පුද්ගලයන් පැහැරගෙන ගියා .පුද්ගලයන් ඝාතනය කළා සමහර පුද්ගලයට පහරදුන්නා. තව් සමහර අයව කපා කොටා දැම්මා. ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් පාස්කු ප්‍රහාරය වැනි දේවල් ඒ සිද්ධි සම්බන්ධයෙන් නැවත පරික්ෂණ ආරම්භ වෙලා තියේනවා. ආරම්භ කරලා පමනක් නොව එම විමර්ශන හොදින් ඉදිරියට කර ගෙන යනවා. මේ සිද්ධීන් සම්බන්ධව සමහර සැකකරුවන් අත්අඩංගුවට පත්වෙලා තියෙන්වා .සමහර අයගේ විමර්ශන අවසන් වෙලා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරලා තියේනවා.සමහර අයගේ විමර්ශන අවසන් නඩු පවරලා තියේනවා .පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත පිරික්ෂණ ආරම්භ කරලා මෙතෙක් අණාවරණය නොවු කරුණු අනාවරණය කර ගැනීමට කටයුතු කරලා තියේනවා. ඒ පිළිබදව සාර්ථකව විමර්ශන කරගෙන යන වේලාවේ එම පරික්ෂණ කඩාකප්පල් කිරීමටත් රට අස්ථාවර කිරීමටත් යම් යම් පිරිස් කටයුතු කරනවා කියන අපට බුද්ධි අංශ වාර්තා කරලා තියේනවා. ඒ පිළිබදව අපි විමර්ශන ආරම්භ කරලා තියේනවා. ඒ පුද්ගලයන් අපි හදුනාගෙන තියේනවා. ඉතාමත්ම පැහැදිලිව කිවහොත් එම පුද්ගලයන් හදුනාගෙන තියෙනවා. ඉදිරියෙදී ඔවුන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනවා. අපරාධ නැවැත්වීම හෝ රට අස්ථාවර කිරීමට කිසෙත්ම ඉඩ දෙන්නේ නැහැ. මේ තත්වය ඉතා ඉක්මනින් සමනය කරලා මේ විමර්ශන ඉදිරියට ගෙන යන්න හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා.