වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන්ට සහ පක්ෂ වලට එරෙහිව නඩු පවරයි
පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කර වියදම් වාර්තා භාර නොදුන් ජාතික ලැයිස්තු අපේක්ෂකයන් 74 දෙදනෙකුට එරෙහිව නඩු පැවරීමට තිරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ට අමතරව වියදම් වාර්තා ලබා නොදුන් මුළු අපේක්ෂකයන් ගණන 800 ක බව කොමිෂමන් සභාව සදහන් කරයි.
ඊට අමතරව ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂ 134 කට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට භාර දීමට කටයුතු කරමින් සිටින බව අතිරේක මැතිවරණ කොමසාරිස් නීතිඥ චින්තක කුලරත්න මාධ්‍යයට පවසා තිබුණි.
පොලිස් ස්ථාන මගින් විමර්ශන පැවැත්විමෙන් පසු නීමය කා්රයා මාර්ග ගැනීමට නීතිපතිවරයා වෙත යොමු බව කුලරත්න වැඩිදුරටත් පැවසීය.