ඔ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක සහ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් මහින්ද දේවගේ වෙනත් පක්ෂයක ‘ඩමියක් ‘ යැයි ජනාධිපති අපේක්ෂකයෙකු වන ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ යුටියුබ් නාලිකාවක්ව සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී පැවසීම නිසා ඔහුගේ සමාජ දේශපාලන කිර්තිනාමයට හානි සිදු වුවා යැයි දේවගේ විසින් රුපියල් මිලියන 500 ක මුදලක් ඉල්ලා , නීතිඥයෙකු මාර්ගයෙන් ජනාධිපති නීතිඥ රාජපක්ෂ වෙත එන්තර්වාසියක් යවා ඇත.

දේවගේ විසින් යවන ලද එම එන්තර්වාසිය ලැබි දින 14 ඇතුළත එකී මුදල නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවත් එන්තරවාසියේ සදහන් කොට තිබේ.

ජනාධිපති නීතිඥ රාජපක්ෂ එම සම්මුඛ සාකච්ජාව ලබා දි ඇත්තේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට අයත් Truth with Chamudith නාලිකාවටය .

මැතිවරණ කොමිසන් සභාව විසින් 2024 අගොස්තු 16 වන දින සියලුම ජනාධිපතිධුර අපේක්ෂකයන් කැදවා සාකච්ජාවක් පවත්වා ඇති අතර එම සාකච්ජාවේදී එක් ජන්දායකයෙකු වෙනුවෙන් කොපමන මුදලක් වැය කළ යුතු දැයි ජනාධිපතිධුර අපෙක්ෂකයන්ගෙන් විමසා ඇති බවත් එහි දි මහින්ද දේවගේ විසින් එක් ජන්දාකයෙකු වෙනුවෙන් රැපියල් 600 ත් 1000 ත් අතර මුදලක් වැය කිරීම සදහා එම සාකච්ජාවේදි ඉල්ලු බව ජනාධිපතිධුර අපේක්ෂක රාජපක්ෂ පවසන අතර බස් එකේ යන ලේකම්වරයෙකු වන දේවගේ එතරම් මුදලක් ජන්දායකයෙකු වෙනුවෙන් වියදම් කිරිම සදහා ඉල්ලා සිටින්නේ ඇයි ද යන්න සොයා බැලිය යුුතු බවත් ඔහු වෙනත් පක්ෂයක ඩමියක් බව එම සම්මුඛ සාකච්ජාවේදී රාජපක්ෂ පවසයි .

රාජපක්ෂ විසින් තමාට එල්ල කරන ලද චෝදන අසත්‍ය සහ අභුත චෝදනා යැයි ප්‍රතික්ෂේප කරන දේවගේ මැතිවරණ කොමිසන් සභාව විසින් පැවැත් වු සාකච්වේ දී එක් ජන්දායකයෙකු වැය කිරීම සදහා තමා රුපියල් 120 ක මුදලක් ඉල්ලු බවත් එම සාකච්ජාවේ සිට මැතිවරණ කොමිසමේ නිලධාරීන් ඊට සාක්කි වශයෙන් ඉදිරිපත් කළ හැකි බවත් ඔහු එම එන්තර්වාසියේ වැඩිදුරටත් සදහන් කර ඇත.

එම එන්තර්වාසිය යවා ඇත්තේ නීතිඥ ප්‍රදිප් ජයරත්න මාර්ගයෙනි .

රාජපක්ෂගේ අවලාද වලට පිළිතරු ද‍ිම සදහා ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය හෙට (03) සවස 03 ට බොරුල්ල ඇන් , ඇම් පෙරේරා ශාලාවේදී ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවත්වීමට නියමිතය .