ශ්‍රී ලංකීකයන්ට ඉතාලියේ රැකියා අවස්ථා උදා‌ වෙයි !

ශ්‍රී ලංකීකයන්ට ඉතාලියේ රැකියා අවස්ථා උදා‌ වෙයි !

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවිග් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (27) පාර්ලිමේන්තුවේ දී හමුවී ඇත.

 ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඉතාලි ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දැක්වීම තානාපතිවරයා එහි දී  අගය කළ බවත් වාර්තා වේ.

 ශ්‍රී ලංකාවට පැමිණෙන ඉතාලි සංචාරකයන් සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින බව කතානයකවරයා පවසා ඇත.

දෙරට අතර වෙළඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම, සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම සහ ශ්‍රී ලාංකිකයන් සඳහා ඉතාලියේ නව රැකියා අවස්ථා ලබාගැනීම පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *