ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පොලිස්පති පත් කරන්න- නීතිපති

විනීති එම්. ගමගේ – අකිල නදිෂානි බණ්ඩාර

පොලිස්පතිවරයා පත් කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කටයුතු කරන්නැයි නීතිපතිවරයා උපදෙස් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි .එම ලත් කිරීම සම්බන්ධව නීතිපතිවරයා විසින් දිර්ඝ උපදෛස් සහිත වාර්තාවක් තමන් වෙත එවා ඇතැයි ද දුරකතානායකවරයා කියයි .

පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධව නීතිපති උපදෙස් ඉල්ලා කතානායකවරයා විසින් යවන ලද ලිපියට පි‍ළිතුරු වශයෙන් ‌මෙම උපදෙස් දී ඇති බවත් එය ජනාධිපතිවරයා වෙත යවන බවත් කතානායකවරයා ප්‍රකාශ කර ඇත.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුව පිළිබද අගවිනිසුරු සමග සාකච්ජා නොකර බවත් කතානායකවරයා සදහන් කර ඇත. ඒසේ කතා කිරීමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බව ද ඔහු පවසා ඇත.

2024 පෙබරවාරි 26 වැනි දින ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස පත් වු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාග කර අවසන් වන තෙක් ඔහු පොලිස්පති ලෙස කටයුතු කිරීම වළවාලමින් පසුගිය ජුලි 24 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සදහා නීතියට අනුකුලව සුදුසු අයකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ‌ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කළේය . නමුත් එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ එම අධිකරණ නියෝගය පිළිබද කතානායකවරයා හා අගවිනිසුරුවරයා සමග සාකිච්ජා කර තිරණයක් ගන්නා බවය .

ඒ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තනතුරේ වැඩ බැලීම සදහා නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කිරීමට හැකියාවක් ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ඉකුත් අගෝස්තු 01 වැනිදා පොලිස් කොම්ෂන් සභාවට දැනුම් දුන්නේය .

ඒ අනුව ඒම තනතුරේ වැඩ බැලීම සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත් කිරීමට පොලිස්පති කොමිෂන් සභාව තීරණය කළේය .

මොනරා පුවත්පතෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *