ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊනියා යුක්තියේ මෙහෙයුමේ නිරත ‌පොලිස් නිලධාර‍ීන්ට කළ අනතුරු ඇගවිමක්, මැරයකු ක්‍රියා කරන ආකාරයට පොලිස් නිලධාරීට ක්‍රියා කළ නොහැක -විනිසුරු තුරයි රාජා

රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඊනියා යුක්තිය මෙහෙයුම නමින් සිදු කරන අතුරුදන් කිරීම් , පැහැර ගැනීම් , පොලිස් අඩම්තෙට්ටම් , සහ බොරු නඩු ඇටවිම් සිඝ්‍රයෙන්සු ඉහළ යන පසුබිමක ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අනතුරු අගවමින් තිර‍ණාත්මක නඩු තින්දුවක් පෙරේදා (31) බලා දි තිබේ.

එම නඩු ත‍ීන්දුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරා වන දිලුම් තුසිත කුමාර වෙනුවට ඔහුගේ බිරිද ,අතදරුවා සහ නැන්දනිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් රදවා ගබා ගැනීම ආදාළ නඩුවේ නිමිත්ත වේ .

මෙම නඩු තීන්දු සම්බන්ධයෙන් බීබීසී ලෝක සේවයේ ඵල වු වාර්තාව පහතින් දැක්වේ ‍‍.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු සොයාගැනීම සඳහා ඔහුගේ බිරිඳ, අත දරුවා සහ ඇයගේ මව අනීතික ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන විත් එහි පැය කිහිපයක් රඳවා ගැනිම තුළින් පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (මැයි 31 වැනිදා) තීන්දු කළේය.

ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට වගකිවයුතු කොළඹ අපරාධ කොට්ඨාසයේ එවක වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නෙවිල් සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. මෙත්තානන්ද යන නිලධාරීන් සිය පුද්ගලික මුදල් වලින් රුපියල් 250000/- බැගින් පෙත්සම්කාරියට වන්දි ගෙවිය යුතු බවත් නියෝග කෙරුණි.

ඊට අමතරව අදාළ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කරනු ලැබීය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර නමැත්තාගේ බිරිඳ වූ ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ පදිංචි ආර්.එච්.ඉරේෂා ලක්මාලි විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අර්ජුන ඔබේසේකර, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකගතාවය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු තුරෙයි රාජා සඳහන් කළේ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමේදී පවතින නීතිමය රාමුව තුළ එය සිදු කළ යුතු බව මෙම අධිකරණය යලි යලිත් අවධාරණය කර තිබෙනවා. පොලීසියට සාමාන්‍ය “මැරවරයෙකු” කටයුතු කරන ආකාරයෙන් ක්‍රියා කිරීමට නීතියෙන් බලයක් දී නැහැ. මේවා “රාජ්‍ය ත්‍රස්තවාදය” කියලා කියන්න පුළුවන් ” යනුවෙන් සඳහන් කර සිටියේය.

නඩුකරයට පාදක වන සිද්ධිය කුමක් ද?

පෙත්සම්කාරිය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ මෙසේ සඳහන් කර ඇත.

“2019 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා රාත්‍රි 9.30 ට පමණ ඉමදුව පොලිසියේ නිලධාරීන් සමග කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් අපේ නිවසට ආවා. ඇවිත් මහත්තයා ඉන්නවාද කියලා ඇහැව්වා. මම කිව්වා මහත්තයා කොළඹ රස්සාව කරනවා කියලා. පස්සේ මගේ දුරකථනයෙන් මහත්තයාව සම්බන්ධ කරලා දෙන්න කිව්වා. නමුත් සම්බන්ධ කරගන්න බැරි වුණා. පස්සේ එයාලත් එක්කම යන්න මට කතාකලා. මම විරුද්ධ වුණා. මම කිව්වා අත දරුවෙක් ඉන්නවා ඒ නිසා බැහැ කියලා” යනුවෙන් සඳහන් කළ පෙත්සම් කාරිය පසුව තමාත් අත දරුවාත් රැගෙන තම මව සමග බත්තරමුල්ල ජයන්තිපුර ප්‍රදේශයට රැගෙන ආ බවත් පෙත්සමේ දක්වා ඇත.

පසුව පෙරවරු 7.30 පමණ අදාල පොලිස් නිලධාරීන් තමන්ව නාඳුනන ස්ථානයකට රැගෙන ආ බවත් එම ස්ථානය කොළඹ අපරාධ කොට්ඨාසය බව පසුව දැනගත් බවත් පෙත්සම්කාරිය සඳහන් කර ඇත.

පසුදා දහවල් 12.30 ට පමණ පොලිස් නිලධාරින් විසින් තමන්ව ඉමදුව නිවසට ගෙනවිත් ඇරලවූ බවත් ඇය පෙත්සමේ සඳහන් කර තිබේ.

එහෙත් වග උත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතාවලින් සඳහන් කර තිබුණේ පෙත්සම්කාරිය කිසිදු අවස්ථාවක තමන් බලහත්කාරයෙන් රැගෙන නො ආ බවත් ඇය සිය කැමැත්තෙන් පැමිණි බවයි.

පොලිසියට මානව හිමිකම් පාඩමක් උගන්වන්න වෙයි ද?

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව……

මෙම කරුණු වලට අනුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු තුරෙයි රාජා “සැකකරුවකු ගෙන්වා ගැනීමට අවශ්‍ය වූ විට ඔහුගේ ඥාතියෙකු අත්අඩංගුවට ගැනීම සාමාන්‍යයෙන් සිදුවන කටයුත්තක්. මෙයත් එවැනි ගණයට අයත් වන සිද්ධියක් බව කිව යුතුයි. මෙය අත්අඩංගුවට ගැනීමක් නොව පැහැර ගැනීමක් ලෙස කිව යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සාම නිලධාරියෙකුට යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත හැක්කේ ඊට අදාළ නීති රාමුවට අනුකූලවයි. මේ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද නැවත නැවතත් අවධාරණය කර තිබෙනවා. සාමාන්‍ය මැරවරයෙකු ක්‍රියා කරන ආකාරයට පොලිසියට ක්‍රියා කිරීමට බලයක් දීලා නැහැ. එවැනි ක්‍රියා රාජ්‍ය ත්‍රස්තවාදය කියලා කියන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය තුළ මෙවැනි ක්‍රියා අනුමත කරන්න බැහැ. මේවා කෲර, ම්ලේච්ඡ ක්‍රියා වශයෙන් සලකන්න ඕන. පුද්ගල නිදහස් සහ ගෞරවය ආරක්ෂා කිරීම මානව හිමිකම්වල ප්‍රධාන අරමුණයි.” යනුවෙන් විනිසුරු තුරයි රාජා මහතා සිය තීන්දුවේ වැඩිදුරටත් අවධාරණය කළේය.

ඉදිරිපත් වූ කරුණු පරික්ෂා කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම ක්‍රියාව තුළින් වග උත්තර කාර පොලිස් නිලධාරීන් දෙදෙනා පෙත්සම්කාරියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි තීන්දු කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *