ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවට පෙර පොලිස්පති තෙන්නකොන් රටින් පනීද?

පොලිස්පති දේශබන්දු තෙන්නකොන් එම තනතුරෙන් ඉවත් වී රට යෑමේ උත්සහයක් නිරත වන බව ලංකා ස්කයි නිවිස් වෙත වාර්තාවේ .

තෙන්නකොන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර එම නඩුවේ තීන්දුව ජුලි 24 දිමට නියමිත බවත් දැන ගන්නට ලැබි ඇත.

පොලිස්පතිවරයා මානව හිමිකම් කඩ කළ පුද්ගලයෙකු බව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තින්දු කළ පුද්ගලයෙකු වන බවත් පොලිස්පති තනතුර තෙන්නකොන්ව පත් කිරීම නීති නිරෝධි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවෙන් එම තනතුරු අහිමි වී යෑමේ අවධානමක් පවතින බැවින් ,ඊට පෙර රට අතහැර යෑමට තෙන්නකොන් උත්සහ කරන බවත් වාර්තාවේ .

තෙන්නකොන්ට පොලිස්පති තනතුරු ලබා ගැනීමේදී රාජපක්ෂලා සමග පැවති සමීප සම්බන්ධය විශේෂ සුදුසුකමක් ලෙස බලපෑ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විභාග වන නඩුවෙන් තනතුර අහිමි වුහොත් තවදුටත් දේශපාලන අනුගහ්‍රය මත පොලිස්පති ධුරයේ රදී සිටිම පුළුවන්කමක් නොමැති නිසා ඊට කලින් එම තනතුරෙන් ඉවත් වී රට පැනීමේ උත්සහයක් ඇතැයි වාර්තාවේ‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *