සමන්තගේ මරණයට මත්ද්‍රව්‍ය වැටලීම් අංශ ප්‍රධානී අධිකරණයට කැදවන්නැයි නියෝග

අන්‌තෝනි ගමගේ සමන්ත ප්‍රීති කුමාරව මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් පැහැර ‌ගෙන ගොස් අමානුෂික ලෙස පහර දී මරා දැමු බවට ඇසිනු දුටු සාක්සියක් ‌නොමැති බැවින් , මත්ද්‍රව්‍ය කාර්යංශයේ වැටලිම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම් ,ජයරත්න අවසාන සාක්කිය ලෙස කැදවීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ‌ලෝචනී අබේවික්‍රම වීරසිංහ නියෝග කළාය .

මහේස්ත්‍රාත්වරිය එසේ නියෝග කළේ මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් මගින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දිම සම්බන්ධයෙන් ‌ගොනුකර ඇති නඩුව ඊයේ (27) විභාගයට ගත් අවස්ථාවේදීය .

මරණකරුගේ සැකකරුවන් නිදැල්ලේ සැරිසරමින් රාජකාරී කටයුතු වල නියැලි සිටින බවත් ඔවුන් නිදැල්ලේ කටයුතු කිරීම නිසා සාක්කිකරුවන්ට බලපැම් කිරීමේ හැකියාව පවතින බව පෙන්වා දුන් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ සංජය විල්සන් සහ නීතිඥ ලක්මාල් රාජිත සැකකරුවන් අත්අඩංගුවට ගන්න නියෝගයක් නිකුත් කරන්නැයි මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියහ .

නිතිපතිවරයා වෙනුවෙන් මෙම නඩුවට ලබා දිය හැකි සහයෝගය සීමිත බවත් අවසාන පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව අනුව සියලු බලතල පැවැරි ඇත්තේ මහේස්ත්‍රාත්වරිය වෙත බව නීතිපති වෙනුවෙන් පෙනීසිටි අධි නීතිඥවරයා පෙන්වාදුන්නේය .

දැනටමත් මෙම අධිකරණය ඉදිරිපත් කර ඇති බී වාර්තා අනුව සැකකරුවන් කවුද කියන්ට සාක්කි ඇති බවත් මරණකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය කාර්යාංශය නිලධාරින් බවත් මරණකරු මත්ද්‍රව්‍ය නිලධාරීන් සමග පොරබැදීම නිසා සිහිසුන් ි කොළඹ ජාතික රෝහලට මරණකරු රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් සිටි බව ‌වෛද්‍යවරු පවසා තිබෙන බවත් මරණකරුව රෝහලට ඇතුළත් කරන තෙක් ඔහුගේ භාරකාරත්යේ වෙනසක් සිදු වි නැති බව පෙන්වාදුන් නීතිඥ සංජය විල්සන් සාධාරණ සැකය මත සැකකරුවන් මරණකරුගේ මරණයට වගකිව යුතු බවත් පැවැසීය .

මෙම නඩුව අප්‍රේල් 03 වෙනිදා සවස 1.30 ට නැවත විභාගයට ගැ‌න්නැයි මහේස්ත්‍රාත් නියෝග කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *