සමාජයෙන් චෝදනා ලැබුවන් අපි ආරක්ෂා කරන්නේ නැහැ-ජනමාධ්‍ය අමාත්‍යවරයා
අපි මොනම තත්වයක් යටතේවත් ඝාතකයින් ආරක්ෂා නොකරන බවත් පසුගිය ආණ්ඩු කළේ සිදු වු දේවල් අනුමාත කරන්නේ නැති බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසීය.
සමාජයෙන් චෝදනා ලබපු අයට සුදු ගන්නේ නැති බවත් අධිකරණ අමාත්‍යවරයා පසුගිය දින සභාගි වු උත්සවය හිටපු බන්ධනාගාර කොමසාරිස් රංජන් ළමා හේවා සදහාම සුදානම් කළ උත්සවයක් නොව එය බන්ධනාගාර දෙපාර්මේන්තුව මගින් සංවිධානය කළ උත්සවයක් බව අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
රංජන් ළමා හේවා එම උත්සවයට සහභාගි වන බව අමාත්‍යවරයා දැන නොසිටි බවත් අමාත්‍යවරයා කීය.
බන්ධනාගාර වල රදවා සිටින රැදයන් සහ සිරකරුවන් ආරක්ෂා කිරිමේ රජයේ වගකිමක් බවත් බන්ධනාගාරයෙන් පිට හෝ බන්ධනාගාර පරිශ්‍රයේ සිද්ධ වුනත් එවා සාධාරණය කරන්නේ තැති බවත් එම ඝාතන වලට එරෙහිව ඉදිරියේදි මැදිහත් වන බව අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍ය ජයතිස්ස එසේ පැවැසුවේ ජනවාරි (27) පොල්හෙන්ගෙඩ රජයේ ප්රවෘත්තී දෙපාර්මේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්තී සාකච්ජාවේදී ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ මාධයවේදී ශාන්ත විජේසුරිය වැලිකඩ ඝාතනයට චෝදනා ලබපු හිටපු බන්දනාගාර කොමසාරිස් රංජන් ළමහේවාට සුදු හුණුගෑම සදහා පැවති උත්සවයකට අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර සහභාගි වෙලා අතට අත දෙනවා. ළමා හේවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස් කළාට සමජයෙන් ඔහුව නිදහස් කරන්නේ නැහැ. ඒවැනි චෝදනා ලබපු අයෙකුට අතට අත දීමෙන් හෝ තැගි ප්‍රද්‍රනය කිරීමේන අධිකරණ අමාත්‍යවරයා සිදු කරන්නේ ඔහුට සුදු හුණුගෑමක්. වැලිකඩ සමුහ ඝාතනය සම්බන්ධයෙන් රංජන් ළමා හේවා සහ පොලිස් පරික්ෂක රංගජිව අත්අඅංගුවට ගත්තා . නමුත් ඔවුන් දෙදනාම අධිකරණය මගින් නිදහස් කළා . වැලිකඩ රැදවියන් සහ සිරකරුවන් 27 ක් මරා දමනවා . සමුහල ඝාතනයක් .ඝාතකයෝව තවම අත්අඩංගුවට අරගෙන නැහැ. මහර බන්ධනාගාරයේ 11 දෙනෙක්ගේ දණහිසෙන් උඩට වෙඩි තියලා මරා දමනවා. වැලිසර මහේස්ත්‍රාත්වවරයා සැලසුම් සහතව සිදු කළ වෙඩි තැබීමක් කියලා ඝාතකයෝ අත්අඩංගුවට ගන්න කියනවා. නීතිපති කියනවා අපට වැඩක් නැහැ ඔය නඩුව වසා දමන්න කියලා වැලිසර මහේස්ත්‍රාත්ට නියෝග කරනවා. ඉන්දික ප්‍රභාත්ව පොලිස් විශේෂ කාර්ය බලකායේ අලුගෝසුවන් විසින් මරා දමනවා. බලපිටිය අධිකරණය ඉන්දික ප්‍රභාත්ව ඝාතනය චේතාන්විත සිදු කළ මරණයක් කියලා, ඝාතකයාව අතුඅඩංගුවට ගන්න කියලා තීන්දුවක් දෙනවා. පොලිසිය ඝාතකයාව අත්අඩංගුවට ගන්නේ නැතිව කට්ටි පැන්නවා. පස්සේ නීතිපති බලපිටිය මහේස්ත්‍රාත් නියෝග කරනවා නඩුව වසා දමන්න කියලා. අපරාධ නඩු, පහල අධිකරණයේ විභාග කරලා දුන් තීන්දු දීපු නඩු තමයි නීතිපති වසා දමන්න කියන්නේ. නීතිපති බලය පාවිච්කරලා ඝාතකයේ ආරක්ෂා කරනවා . නීතිපති එම නියෝග දෙකම දුන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව පිහිටුවා පස්සේ. නීතිපතිවරයා ක්‍රියාවට දමන්නේ ආණ්ඩුවේ නියෝගද? එම සිද්ධීන් ජාජබ ආණ්ඩුවට බලයට ගෙන එම සදහා ද පිටිවහල්ක වුණා යැයි නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින්ය.