සමාජවාදී සමානතා පක්ෂයට අත නොතබනු! සමිති නායකයින්ගේ මැර ක්‍රියා වලට ඉඩ නොදෙමු!

දෙසැම්බර් 08 දා කොටුව දුම්රියපල ඉදිරිපිට පැවති ටෙලිකොම් සහ රක්ෂණ කම්කරුවන්ගේ විරෝධතාවයේදී, එම කම්කරුවන්ගේ අරගලයට සිය ක්‍රියාමාර්ගය හදුන්වා දීමට මැදිහත් වූ සමජවාදී සමානතා පක්ෂයයේ සහෝදරවරුන්ට එරෙහිව වෘත්තීය සමිති නිලධරය කළ ප්‍රචන්ඩ බාධා කිරීමට එරෙහි ව ක්‍රියා කිරීම සියලු කම්කරුවන්ගේ වග කීමකි.

සජබ,ජවිපෙ ඇතුලු ධනපති පක්ෂ කීපයක්ට අයත්, ජාතික සේවක සංගමය, පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමයට අයත් රක්ෂණ සංස්ථා සේවක සංගමය සහ වෘත්තීය සමිති 20 කින් සමන්විත ටෙලිකොම් වෘත්තීය සමිති එකමුතුව විසින් විරෝධතාව කැඳවා තිබුණි සසපට ප්‍රචන්ඩත්වය මුදා හැරියේ එම සමිතිවල නයකයන් විසිණි.

සසප සහෝදරවරු,“ලංකාවේ කම්කරුවන් ජාමූඅ කප්පාදු වලට එරෙහි ව සටන් වැදීම සඳහා ක්‍රියාකාරී කමිටු අවශ්‍යයි” යන සසප ප්‍රකාශය සහ “ශ්‍රී ලංකාවේ ටෙලිකොම් කම්කරුවන් පෞද්ගලීකරනයට එරෙහිව විරෝධතාවයක” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල වූ ලිපිය අඩංගු අත් පත්‍රි‍කා ඔවුන් විසින් කම්කරුවන් අතර බෙදා හරිමින් සිටියහ.

සමිති නායකත්වය ප්‍රහාරය එල්ල කර ඇත්තේ කම්කරුවන්ට විකල්ප වැඩපිලිවෙලක් දැනගැනීමට හා ඒ ගැන තීරනයක් ගැනීමට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතිය මෙන් ම සසපට සිය අදහස කම්කරුවන්ට ඉදිරිපත් කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ය. ආර්ථික අවශ්‍යතා දිනාගැනීමේ දී ඊට අවශ්‍ය සංවිධානාත්මක විනය සදහා කම්කරුවන්ට අවශ්‍ය පූර්ව කොන්දේසිය වන්නේ කම්කරු පන්තික ප්‍රජාතන්ත්‍රවාදය ය.

මේ අතර,සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ලාල් පෙරේරා, තම ‘ටෝක් විත් ලාල්’ (Talk with Lal) යූ ටියුබ් චැනලය තුල, සමිති නිලධරය සසප සාමාජිකයින්ට බාධා කරන දර්ශන සහිත වඩියෝවක් , “ටෙලිකොම් ඉන්ෂුවරන්ස් සටන අල කරන්න පිරිසක් පැමිනීමෙන් ගැටුමක්” යන ශීර්ෂය යටතේ පල කෙරුනු ලැබිනි. සසප සාමාජිකයින් “ආණ්ඩුවේ ඉත්තන්” ලෙස ප්‍රකෝපකරී හා නින්දාසහගත බොරු ප්‍රචාරය කර ඇත. මෙම ධනපති ගැති මාධ්‍ය ව්‍යාපාරය මුලුමනි ම හෙලිදරව් කිරීම හිතන මතන, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියල්ලන්ගේ වග කීමකි. මොහු තම සාවද්‍ය ප්‍රකාශය නිවැරදි කළ යුතු අතර සසපෙන් සහ මහජනතාවගෙන් සමාව ගත යුතුයයි කොලඹ ක්‍රියකාරී කමිටුව බල කර කියා සීටී. එසේ නොමැතිව තව දුරටත් මධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටීමට සදාචාරාත්මක අයිතියක් ඔහුට නැති බව අපි මතක් කර දෙමු.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාකාච්චා කර නිගමනවලට බැස ගැනීමේ අයිතියට එරෙහි වන සියලු ප්‍රවනතාවලට එරෙහි නො වී කම්කරු පන්තියට තම විමුක්තිය සදහා අරගලය දිනනු හැකි නො වේ. 

වෘත්තීය සමිති නිලධරය ප්‍රජාතන්ත්‍රවාදයට දක්වන බිය පෙන්නුම් කරන්නේ ඔවුන්ට කම්කරුවන්ගේ අයිතීන් අරක්ෂා කිරීමේ  කිසිදු සක්‍ය වැඩපිලිවෙලක් නැති බව ය. 

ආණ්ඩුව දැන් දියත් කර ඇති පුද්ගලීකරණය ඇතුලු ක්‍රියාවන් හැර වෙනත් පිළිවෙතක් නැතැයි, දැනටමත් මේ නිලධරය හා ඔවුන් අයත් පක්ෂ ආණ්ඩු සමග සම්මුතියකට එලබි ඇති බව ශ්‍රී ලංකා වානිජ මණ්ඩය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර දැන් දෙමසකට ආසන්න ය. එකදු පක්ෂයක්වත් මෙම ප්‍රකාශය බොරු යයි කියා නැත.

නිලධරයේ භීති‍ය කම්කරුවන් මේවා සම්බන්ධ දැනුවත් වී  පාලක පන්තියෙන් සමිතිවලට පැවරුනු කොන්ත්‍රාත්තුවට තර්ජනයක් වීම කෙර්හි ය.

කම්කරුවන් ප්‍රජාතන්ත්‍රවාදී ව සාකච්ඡා කර තීන්දු ගෙන ක්‍රියාත්මක විය හැකි කම්කරු ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලකම ගොඩ නගා ගැනීම කල් නො දැමිය යුත්තේ මේ නිසා ය. 

වැඩපොල වාඩිලාගැනීම්, මහා වැඩවර්ජන,පිකට වැනි කම්කරු පන්ති ක්‍රියා මගින්  වික්‍රමසිංහ ආන්ඩුවේ තර්ජයට අභියෝග කළ හැකි වන්නේ එවැනි ස්වාධීන කම්කරු ක්‍රියාකාරි කමිටු මගින් පමනි.

කොළඹ ක්‍රියාකාරී කමිටුව මේ වැඩපිළිවෙල සදහා කැප වී සිටී. ක්‍රියාකාරී කමිටුවල ජතික හා ජාත්‍යන්තර සම්මේලන ගොඩ නගමින්, පන්ති අරගලය අවසාන ජයග්‍රහනය තෙක් පෙරට ගෙන යෑමට පෙරමුනට එන මෙන් කම්කරු ,ගොවි , ශිෂ්‍ය ඇතුලු සියලු පීඩිත ජන්යාගෙන් ඉල්ලමු.

ධනේශ්වර ගැති ක්‍රියා මාර්ග හා ඊනියා විරෝධතා එපා! කම්කරු ගොවි සටන් සන්ධානක් සදහා පෙරට!

නන්ද නන්නෙත්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *