අධිකරණයට බලපෑම් නොකරන්නැයි ශ්රීලවෘජසය ජනපතිගෙන් ඉල්ලයි
කළු ජනවාරිය තුළ සිදුවූ බිහිසුනු සංවිධානාත්මක අපරාධයක් වන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන විත්තිකරුවන් ලෙස මෙතෙක් චෝදනාවන්ට සෘජුව හෝ වක්‍රව සබඳතා දැක්වූ ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනෙකු මුදා හැරීමට කළු ජනවාරියේ” උණුසුම පහව යන්නටත් මත්තෙන් නීතිපතිවරයා විසින් නිර්දේශ කොට ඇතැයි පලවී ඇති වාර්තා සම්බන්ධයේ ශ්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංමගමය දැඩි අවධානය යොමු වී ඇතැයි පවසයි.
දශක තුනකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන අරභයා සිදුවකාට ඇති අපරාධ ලැයිස්තුව ඉතා දීර්ඝ එකකි’ එම ලැයිස්තුව තුළ ඇති බෙහෝ අපරාධ් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකරන ලද ඒවා ලෙස ප්රකටය එයින් බොහාමයක් නීතිය හමුවේ දීර්ඝ කාලයක් ප්‍රශ්ණ කෙරෙමින් පවතී. එමෙන්ම යුක්තිය ඉටුවීම ප්‍රමාද වෙමින් තිබීමද සුලභ තත්වයක් යටතේ නීතිපතිවරයගේ මෙම තීරණය සම්බන්ධයෙන් බලවත් විරෝධය ප්‍රකාශ කරන බව එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි .
එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සදහන් වේ
ජන මාධ්යවේදීන්වේ සංගමය ඇතුළු ලංකාවේ මාධ්‍ය සංවිධාන මෙම අපරාධ්යන්ට යුක්තිය ඉල්ලා වසර ගණනාවක් වාර්ෂිකව කරනු ලබන හඬ නැගීම කළු ජනවාරිය” නමින් මෙවරද සිදු කොට ගත වී ඇත්තේ දින කිපයක් පමණි. එවැනි තත්වයක් යටතේ නීතිපති දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නැංවීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ නම් ඒ කෙරෙහි අපවේ දැඩි පිළිකුළ හා විවරෝධ්ය නීතිපති දෙපාර්තවම්න්තුව වෙතත් ජනාධිපතිවරයා -අධිකරණ ඇමති-ජනමාධ්‍ය ඇමති ඇතුළු සමස්ත රජ්‍ය වෙතත් දක්වන්නේමු.
රටේ සිදුව ඇති අපරාධ සම්බන්ධවයන් සැකකරුවන් ලෙස චෝදනා ලැබ ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් එම චෝදනාවන්වගෙන් නිදොස් කොට නිදහස් කිරීමට ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය දැක්වූ විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයන්වේ සංගම් විසින් කළ ඉල්ලී ඉටු කිරීමට ජනාධිපතිවරයාගෙන් ලත් නිර්දේශ කිරීමක් නීතිපති දෙපාර්තවම්න්තුව විසින් ක්‍රියාවට නගමින් පවතින්වන්නේද යන සැකය මේ මෙහොතේ සමාජය තුළ මතුව තිබීම ඉතා බරපතල තත්වයකි. අවනීතිය රජකළ සමාජයකට නීතියේ ආධිපතයය තහවුරු කිරීමට බහුතර ජනබලය ලද රජයක් යටතේ ද තවදුරටත් අවනීතියම ක්‍රියාත්මක වන්නේ නම් එය කණගාටුවට කරුණකි.
රටේ සිදුව තිබූ බරපතළ අපරාධවලට වගකිවයුත්තන්ට අනිවාර්යවයන් දඬුවම් පැමිණවීමට ජනාධිපතිවරණ වේදිකාවල සපථ කළ වත්මන් විධායක ජනාධිපතිවරයාගෙන් අප ඉල්ලා සිටින්නේ එම අයුක්තිසහගත අපරාධවල වරදකරුවන්ට දඬුවම් පැමිණවීමට රටේ ස්වාධීන අධිකරණයට ඇති බලයට බලපෑම් සිදු නොකරන ලෙසයි.
මාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් සිදුකළ අපරාධවල වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් කොට රට තුළ නීතිවේ ආධිපතයය තහවුරු කිරීමට සහය දක්වන මෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්වේ සංගමය විධායක ජනාධිපති අධිකරණ ඇමති ඇතුළු වගකිව යුතු සියළුම පාර්ශවයන්වගෙන් ඉල්ලා සිටිමු.