සාජන්වරයෙකු මත පාස්කු ප්‍රහාරයේ වගකිම පටවා පාස්කු සිද්ධි යට ගැසීමේ වෑයමක් තිබේද?- මාධ්‍යවේදීයෙක් අසයි

සාජන්වරයෙකු මත පාස්කු ප්‍රහාරයේ වගකිම පටවා පාස්කු සිද්ධි යට ගැසීමේ වෑයමක් තිබේද?- මාධ්‍යවේදීයෙක් අසයි

මුලින්ම පරික්ෂණය අවසන් කර , මහ මෝලකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතරේ අනුෂාංගික කාරණා වලටත් නීතිය ක්‍රියාත්මක වෙයි කියලා හිතන බවත් පරික්ෂණ වේගයෙන් සහ යම් කඩිනමකින් ඉස්සරහාට යන බව පමනක් ප්‍රකාශ කළ හැකි බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින් ද ජයතිස්ස පවසයි.

ඔහු  එසේ පැවසුවේ කිරුළපන රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ අද (26) දහවල් පැවති ප්‍රවෘත්තී සාකච්ජාවේදී ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ මාධයවේදී ශාන්ත විජේසුරිය නැගු, බෝම්බකරුවන්ට සහ  බෝම්බ නිෂ්පාදකයන්ට

ප්‍රහ්නයකට පිළිතරු දෙමින්ය.

මාධයවේදියා නැගු ප්‍රශ්නය –

සාරා පුලස්තිනීගේ පර්ස් එක අරගෙන පසුව ඉදිරිපත් කළ සැරයන්වරයා අත්අඩංගුවට අරගෙන පාස්කු ප්‍රහාරය යට ගැසීමේ උත්සහයක් තියෙනවා කියලා තොරතුරක් ලැබිලා තියෙනවා එක ඇත්තක්ද?

පාස්කු  ප්‍රහාරය රහසිගත සිද්ධියක් නොවෙයි. මෙහි රහසිගත භාවය තියෙන්නේ ජනතාවට විතරයි . ඇමති ආරක්ෂක අංශ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක දැනුවත් කර තියේනවා. එවකට හිටපු කතානායකගෙන් මාධ්‍යවේදි තරිදු උඩගෙදර මේ පිළිබදව විමසු අවස්ථාවේ ඔහු ප්‍රකාශක කළා ඔහුගේ ආරක්ෂාව භාර සිටි නිලධාරීන් පාස්කු ප්‍රහාරය ගැන ඔහුව දැනුවත් කලා කියලා .මට මතකයි හිටපු ඇමති විමල් විරවංශත් ඔහුගේ ආරක්ෂක ප්‍රධානීන් ඔහුව දැනුවත් කළ බව ප්‍රකාශ කළා. ඊනියා දේශප්‍රේමියෙකු වන චම්පික රණවකලා සහ එවකට අගමැති රනිල වික්‍රමසිංහගා ජනතාවට විපතක් වන බව දැනගෙන පාස්කු ප්‍රහාරය වසන් කළා.මොහුන් ජනතාවගේ හතුරෝ .අපරාධයක් වසන් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නවාද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *