‘ප්රචණ්ඩත්වය එපා’ වැනි කතාවක් මම නම් කියන්නේ අරගලයේ සන්දර්භයට අදාළව,කොන්දේසි සහිතව මිස ‘ප්රචණ්ඩත්වය’ වියුක්ත අදහසක් ලෙස ගෙන ප්‍රතික්ෂේප කරන නිසා නොවෙයි. ඒ අරුතින් කොළඹ ගෝල්ෆේස් අරගල භුමිය විනාශ කිරීමට පැමිණි මැර ජනයා ඇතුළු අදාළ පොහොට්ටු දේශපාලන නියෝජිතයන්ට දුන් ප්‍රතිප්‍රහාරය මම ඉහළින්ම අනුමත කරන අතර අපගේ ආරක්ෂාව වෙනුවෙන් ප්රචණ්ඩ ප්‍රතික්‍රියාවන් දැක්වූ කොළඹ අවට හා ප්‍රාදේශීය අරගලකාමී ජනතාවට ස්තූති පූර්වක ආචාරය පිරිනමමි.
රාජපක්ෂවාදී ත්‍රාඩ මැර පිරිස අපට පහර දුන් මොහොතේ මගේ ඉක්මන් ප්‍රතිචාරය වූයේ උන්ගේ බස් රථ වලට කොළඹින් පිටවීමට කිසිසේත්ම ඉඩ නොතබන ලෙසයි.
සමාජ මාධ්‍ය හරහා අපගේ පණිවිඩය වූයේද එයයි. පොලීසිය ඇතුළු නීතියේ ආරක්ෂාව වත් අප වෙත නොතිබූ අවස්ථාවක එකී මිනීමරු කල්ලිය මර්දනය කළ හැකි අවිහිංසාවාදී නිවැරදි දේශපාලන ඉඩ හසරක් එදින තිබුණේ නැත. තෝරාගැනීමට ඉතිරිව තිබුණේ කුලී මැරයන්ගේ බිහිසුණු ක්‍රියාව ඊටත් වඩා වන ප්රචණ්ඩ ප්‍රතික්‍රියාවකින් වලකා ලීම පමණී.එසේ නොවී උන්ගේ මිනීමරු ප්රයත්නය ජයග්‍රහණය කළා නම් අද තිබෙන දේශපාලන චිත්‍රය කුමක් විය හැකිද ? ප්‍රාදේශීය යුවරජවරුන් ලෙස ජනතාව දැඩි පීඩාවට පත් කරමින් දේශපාලන අණසක පවත්වා ගත් පොහොට්ටු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලන හෙංචයියන්ගේ ගෙවල්,දේපළ ගිනිබත් වූයේ එම ප්රතික්රියාවේම තාර්කික ඵලයක් ලෙසය.’සාධාරණ නීතිය’ වල්වැදී එය දේශපාලනීකරණය වූ යුග මොහොතක ජොන්ස්ටන් වර්ගයේ අවිචාර ජන පීඩකයන්ට දේවල් තේරුම් කර දිය හැකි අවම භාෂාව කුමක්ද ?
එහෙත් එම ප්රචණ්ඩ ප්‍රතික්‍රියාව එකී ප්‍රකාශන අරමුණෙන් ඔබ්බට ගොස් පොදු ජනයා හා ඔවුනගේ සාමාන්‍ය ජන ජීවිතයට තර්ජනයක් වෙද්දී මම (අපි) ඊට මුලුමනින්ම එරෙහි වෙමි.”ප්රචණ්ඩත්වය එපා,සාමකාමී වෙන්න” යන පණිවිඩය මාධ්‍ය අවකාශයන් තුළ මම හා අප අවධාරණය කළේ එම පසුබිම තුළයි. එ’නයින්ම අරගලයේ ඉදිරි පැවැත්ම අභියෝගයට ලක් කෙරෙන ප්‍රචණ්ඩත්වයකට කිසිසේත්ම අප ඉඩ තැබිය යුතු නැත.
ඒ කවරක් වුවද එදා අපට භීෂණය හා ත්රස්තය කැද වූ කුලී මැරයන් හා උන්ගේ ප්‍රාදේශීය නායකයන්ට එරෙහිව දියත් කෙරුණු ප්‍රති ප්රහාරයන්ගේ විවිධ රටාවන් සිහිපත් කර අදත් අපි විනෝද වන්නෙමු.අප හමුවන බොහෝ තැන එවැනි රසමුසු කතා එක් වේ. ඒ නිසා අදාළ ප්‍රති ප්‍රහාරයට හිත යටින් සතුටු වී උඩින් අවිහිංසාවාදී බණ දෙසීමේ කුහක වතක් මට නැත.
මගේ කණගාටුව ඇත්තේ ත්‍රාඩ මැරයන්ට ඉස්ම යන්නට දුන් ප්‍රහාරයේ ඓන්ද්‍රීය කොටස්කාරයකු වන්නට මට ඉඩක් වෙලාවක් නොතිබීම ගැන පමණී.