සිංගර් කොම්පැණියට අවුරුදු 20 ක් කැඹුරු සේවකයාව බලෙන් විශ්‍රාම ගන්වලා

අවුදුරු විස්සක් (20) සිංගර් කොම්පැණියට කැඹුරු කැනහැල්ලගේ වසන්ත අබේලාල්ව පෙරේරාට චෝදනා පත්‍රයක් විභාග කිරීමට ඇතැයි පවසා එම ආයතනයේ පාලනාධිකාරී විසින් ඔහුව බලහත්කාරයෙන් සේවයෙන් විශ්‍රාම ගන්වා ඇත.

බලහත්කාරයෙන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන්  පෙරේරා කම්කරු අධිකරණයේ පැවරු නඩුවෙන් ඔහුට ලක්ෂ තුනක (300000) මුදලක් ගෙවීමට එම අධිකරණය සංගර් කොම්පැණියට නියෝග කර තිබේ. විශ්‍රාම ගැන්විමේදී පාරිතෝෂය වශයෙන් ඔහු හෝ ඇය අවසානයට ලබන වැටුපෙන් අවුරුද්කට මාස භාගයක් ගෙවිය යුතුය. පෙරේරාට  පාරිතෝෂි වශයෙන් 340 ,000 ගෙවිය යුතුය.

චෝදනා පත්‍රයක් විභාග කිරීමට ඇතැයි  ඔහුව සිංගර් කොම්පැණියෙන් දොට්ට දැමුවද නඩු පවරනකම් එම ආයතනයේ පාලනාධිකාරී පරික්ෂණයක් තියා චෝදනා පත්‍රයක්වත් පෙරේරාට ලබා දී නැත.

පෙරේරාට වයස අවුරදු 61 ක් වන අතර 2022 නොවැම්බර් මාසයේ විශ්‍රාම ය‍ෑමට නියමිතව තිබුන ද සිංගර් පාලානාධිකාරී මගින් ඔහුට අයිති කිසිම දීමනාවක් නොදී පෙරේරාව ඔක්තෝම්බර් මාසයේ 22 වනදා බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වා ඇත.

ඔහු විශ්‍රාම ගන්වන විට පිළියන්දල ප්‍රදර්ශනාගාරයේ සේවය කොට ඇති අතර පෙරේරා සිංගර් කොම්පැණියට අයත් ලංකාව පුර සෑම ප්‍රදර්ශනාගාරයකම සේවය කළ බව ඔහු පවසයි. පෙරේරා ඉවත් කරන විට ඔහුගේ වැටුප රුපියල් 35.000 කි.

පෙරේරා සිංගර් කොම්පැණියට බැදි ඇත්තේ 1984 වන අතර ඔහුව ස්ථීර සේවකයෙකු වශයෙන් සිංගර් කොම්පැණියට බදවා ගන්නේ 2004 වර්ෂයේදීය . පරිවාස කාලය ( probation period)ඇතුළත ඊපීඑෆ් සහ ඊ.ටි.එෆ්. ගෙවිය යුතුය. පරිවාස කාලය කොපමන යන්න කම්කරු නීති වල සදහන්ව නැත.  නමුත් දැනට භාවිතා වන්නේ මාස 06 ක කාලයකි. එම කාලය තුළ ස්ථීර සේවකයෙකු වශයෙන් බදවා ගන්නවාද? නැද්ද?යන්න තිරණය කිරීමට අවස්ථාවක් හම්පුතාට ඇත. සිංගර් කොම්පැණිය අවුරුදු 10 ක් ඊටිඑෆ් සහ ඊපීඑෆ් නොකපා ,සොච්චම් වැටුපක් ගෙවා පෙරේරාගේ ශ්‍රමය සුරාකා ඇත.

ඔහු බණ්ඩාරගම වල්ගම පදිංචිකරුවෙකු වන අතර තිදෙරු පියෙකි. සිංගර් කොම්පැණිය පෙරේරා බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වා අවුරුදු දෙකහමාරක් ගත වී ඇත. සිංගර් කොම්පැණිය ඔහුගේ නම වරදවා යැවීම නිසා ඔහුට ඊපීඑෆ් ගැනීමට පවා නොහැකි තත්වයක් ඇති වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *