සිංහල ස්වෝත්තමවාදීය අත්අඩංගුවට

සිංහල ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරුවන ඩෑන් ප්‍රියසාද් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපලේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී ප්‍රියන්ත මනතුංග පැවසීය.
ප්‍රියසාද් මෙරටට පැමින ඇත්තේ ඩුබායි රටේ සිටය.
වර්ෂ 2024 නන්නෙරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙස බලපෑම් කිරීම සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාස අපරාධ කාර්යංශය මගින් විමර්ශන ආරම්භ කර තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඩෑන් ප්‍රියසාද් නැමත්තා විදේශ ගමන් තහනමක් මෙන්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග දෙකාක් පනවා තිබු අතර ඒ අනුව ඔහුට ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පැවසීය.