සියලුම රාජ්‍ය ආයතන පවත්වා ගත යුතුයි කියන අන්ධ ස්ථාවරයේ අපි නැහැ – ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති

දැනට පවතින රාජ්‍ය ආයතන සියල්ලම ඒ අයුරීන්ම කරගසාගෙන යන්න ඔ්න කියන අන්ධ ස්ථාවරයේ අපි නැති බවත් 1960 සහ 70 දශකයේ පෞද්ගලික අංශය මැදිහත් නොවෙන කොට රාජ්‍ය අංශය මැදිහත් වී කර්මාන්ත සහ ආයතන විශාල ප්‍රමානයක් ආරම්භ කළ බවත් අවුරුදු 50 කට 60කට පස්සේ යළි එම ආයතන කරපින්නාගෙන යෑමේ ස්ථාවරයක ජාතික ජන බලවේග ආණ්ඩුව තැනි බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින් ද ජයතිස්ස පවසයි.
පවත්වාගෙන යායුතු සහ ඇවර කළ යුතු ආයතන පිළිබද අපි තීන්දුවක් ගන්නා බවත් ජාතික ජන බලවේග ආණ්ඩුව රාජ්‍ය අංශය ශක්තිමත් කරන ආණ්ඩුවක් බවත් රාජය අංශයේ වැටුප් වැඩි කිරීම සදහා පමනක් මේ වසරේ රුපියල් බිලියන 110ක් වෙන් කළ බව කී අමාත්‍යවරයා මාස 18 කින් නැවත වැටුප් වැඩි කිරීම සදහා තවත් රුපියල් බිලියන 330 ක මුදලක් වෙන් කර ඇති බවත් පැවසීය.
අමාත්‍යවරයා එසේ පැවසුවේ කිරුළපන පොල්හේනගොඩ රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්තී සාකච්ජාවේදී ලංකා ස්කයිස් නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින්ය .
මාධ්‍යවේදීයා නැගු ප්‍රශ්නය
රාජය ආයතන පෞද්ගලිකරණ වැඩ පිළිවෙල ආවේ විශේෂයෙන් 1977 පස්සේ . මේක ජේ.ආර්. හෝ ඊට පස්සේ ආ පාලකයන් ඔවුන්ගේ හිතුමතේ ගෙන ආ වැඩ පිළිවෙක් නොවෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙක්. ජාතික ජන බලවේග ආණ්ඩුවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිළිවෙත් ඉදිරියට ගෙන යනවා. මුල්‍ය අරමුදල උපදේස දෙන්නේ රාජ්‍ය අංශය හකුළා පෞද්ගලික අංශය ප්‍රසාරණය කරන්න කියලා . ජාතික ජන බල ආණ්ඩුවක් යටතේ පාඩු ලබන හෝ ලාභ ලබන ආයතන පෞද්ගලිකරණය කරනවාද?
රාජ්‍ය සේවයේ සදහා සමාජයේ සිටින දක්ෂයන් බදවා ගැනීමට වැටුප් වැඩි කළ බවත් රජ්‍ය සේවකයන් උපරිම කාර්යක්ෂමතාවය වැඩි කරනු ඇතැයි බලාපොරෝත්තු වන බවත් රාජය අංශයට දිය යුතු තැන ලබා දෙනවා දිය යුතු වටිනාකම සහ එකෙන් අදහස් වෙන්නේ දැනට තිබෙන සියලුම රාජ්‍ය ආයතන එඅයුරීන්ම පවත්වාගෙන යායුතු කියන ස්ථාවරයක ආණ්ඩුව නැති බව අමාත්‍යවරයා පැවසීය.
ප්‍රශ්නය –
තැපල් කාර්යාලය , රුපවාහිනි, ජාතික රුපවාහානී සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව පෞද්ගලික අංශයට විකුණන්න සුදානම් කියලා දැන ගන්න ලැබි තියෙනවා. පැවති ආණ්ඩු වල ප්‍රතිපත්තිය සහ ජාතික ජන බලවේගය ආණ්ඩුව අතර ප්‍රතිපත්ති දෙකම එකයි නේද?
ප්‍රශ්නය – කජු සංස්ථාව වරාය ඇතුළු රාජ්‍ය ආයතන ඇවර කරන්න කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන තියෙනවාද?
ප්‍රශ්නය –
සතොස 2023 සැප්තැම්බර් වල තමයි පෞද්ගලතරණය කරන්න තිරණය කරන්නේ . සැතැම්බර් 28 ලියුමක් දාලා 228 දෙනෙක් විශ්‍රාම ගැන්වනවා .මිලියන 353 ක් වන්දි වශයෙන් ගෙවලා තියෙනවා .2023 ජුලි මාසයේදී තින්දුවක් අරගෙන තිබුණා 2024 සැප්තැම්බර වල තමයි ඇවර කිරීමට තීන්දු අරගෙන තිබුණේ. දවස් කිපයකට පසු ආණ්ඩුව වෙනස් වුණා. විගණකාධිපති වාර්තාවේ සදහන් වෙනවා. තින්දුව ක්‍රීයාත්මක වුණේ නැහැ කියලා .හැබැයි 2024 තින්දුව ගත්තාට පස්සේ ආණ්ඩුවත් අවසන් වෙනවා . ඒ වෙද්දී සතොසට අයත් ලොරි 51 න් 43 ක් විකුණුවේ දෙන්නෙකුට. සතොස කියලා තියෙනවා අපි මේ ගැන සොයනවා කියලා. ලොරි 37 දිරා පත්වෙමින් පවතිනවා .සේවකයෝ 288 කට රක්ෂා නැති කළා. වන්දි ගෙවලා තියෙනවා. ලංකා සාතොසේ හරියට පත්විම් ලිපියකුත් නැතිව සේවකයෝ 32 ක් දාලා තමයි වැඩ ගත්තේ. පන්නේගමුවේ සහ හිගුරක්ගොඩ සහල් සැකසිමේ මධ්‍යස්ථාන දෙකාක් තිබුණා.හාල් කිලෝ ග්‍රෑම් 2000 ක් සැකසිමේ දාරිතවයක් තියෙන එකාක්. මේවායේ වැඩ කරපු සේකයෝ ගෙදර යවලා තියෙන්නේ. සතොස සක්‍රීය කිරිමේදි මේක කරන්නේ කොහොමද? අලුත් සේවකයෝ අර ගන්නවාද? විකුණපු දේපල ගැන මොනවාද? කරන්නේ ඒ සදහා සැලැස්මක් තියෙනවාද?
පිළිතුර –
නුවර තැපැල් කාර්යාලය අමාත්‍යවරයා විධියට මට ප්‍රශ්නයක් නැතිව උත්තර දෙන්න පුළුවන්? නුවර තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්මේන්තුවෙන් ගලවලා විකුණන් උත්සහ කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ .අපි තීන්දුවක් අරගෙන තියෙනවා නුවර එළිය තැපැල් කාර්යාලයේ අයිතිය තැපැල් දේපාර්මේන්තුව සතුව තිබියදි තැපැල් කටයුතු වලට පමනක් සිමා නොකර සංචාරකයින් සදහා ආකර්ශනීය ස්ථානයක් බවට පත් කරගත යුතු කියලා. සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත හැකි තැපැල් කාර්යාල කිපයක් ලංකාවේ තියෙනවා. මේ තැපැල් කාර්යාලයට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතිනවා. අපි අධිකරණයට දැනුම් දෙනවා මෙය තැපැල් දෙපාර්මේන්තුව සතුව තබා ගනිමින් දියුණු කිරීම තමා තැපැල් දෙපාර්මේන්තු සහ ආණ්ඩුවේ අභිප්‍රාය. ඒ සදහා මාර්ග සංවර්ධන අධිකාරීය සහ සංචාරක මණ්ඩලය තාත්ෂණික කමිටුවක් පත් කරලා ශක්‍යතා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා .ඒ නිසා වෙන දේවල් සමග නුවර තැපැල් කන්තොරුව .පටලවා ගතයුතු නැහැ.
සාතොස සම්බන්ධයෙන් ඇවර කිරීමට තීන්දුවක් ගනු ලැබු ආයතනයක් දියුණු කිරීම සදහා එහි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යම් සැලැස්මක් ඉදිරිපත් කරලා තියේනවා. තොග ව්‍යාපාර කටයුතු කරන්නේ කොහොමද? දේපල ප්‍රශස්තව භාවිතා කරන්නේ කොහොමද? බෙදාහැරීමට කවුද? මැදිහත් වන්නේ? කෙටිකාලීනව දේපල කුලීයට දීම ප්‍රවාහන සේවා සැපයිම ,ඉන්ධන බෙදාහැරීම, සතොස පවත්වාගෙන යා හැකි ව්‍යාපාර අවස්ථා ඇති කර ගැනීම. ඒ සදහා ශක්‍යතා වාර්තාවකින් පසුව සකස් කළ සැලැස්මක් තියෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලය නිර්දේශපාලනික් ගමන් මගක් අනුගමනය කළ යුතුයි කියලා ඒම වාර්තාවේ සදහන් වෙනවා. ඒ සදහා තිබු කැබිනට් මණ්ඩල තීන්දුවත් ඇවර කිරිමේ තින්දුව අහෝසී අහෝසී දැමිම සදහා තමයි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ.එ අනුව කටයුතු කරනවා. ඔබ කියපු වාහන සහ සේවකයෝ පිළිබද ප්‍රශ්නයට ඉදිරියේදි අධ්‍යක්ෂක මණ්ඩලය සමග සාකච්ජා කරලා පිළිතුරු දෙනවා.
රුපවාහිනී ඇවර කිරීම ගැන
රජයට අයත් වානිජමය නොවන ආයතන පිළිබද සමාලෝච වර්තාවක් ඉදිරිපත් කිරීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් තවත් රජයේ නිලධාරීන් ඇතුළත්ව කමිටුවක් පත් කරගනු ලැබුවා. ඒ කැබිනට් පත්‍රිකාව මම ප්‍රකාශයට පත් කළා.එම කම්ටුව ආයතන 160 ක් සම්බන්ධයෙන් තමන්ගේ වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා . ආයතන 33 උසස් අධ්‍යාපනයට අයිති ආයතන.ඒ සදහා වෙනම අනු කමිටුවක් පත් කරලා යෝජනා ලබා ගත්තා. ඉතිරි ආයතන 127 ප්‍රධාන කාණ්ඩ නවයක් යටතේ වර්ගීකණය කරලා යෝජනා ඉදිරිපත් කරලා තියේනවා.එම යෝජනා අනුව නියාමන ආයතන සහ රජයේ ප්‍රතිපත්තිමය උපදේස් ලබා දෙන ආයතන. කැපිපෙන ව්‍යුහාත්මක වෙනස් කම් කිරීමකින් තොරව අඛන්ඩව පත්වාගෙන යා යුතු ආයතන. මනා සම්බන්ධිකරණයක් පවත්වා ගැනිම කළමනාකාරීත්වයක් සහිතව පවත්වාගෙන යෑම සහ කාර්යක්ෂම සහ පලදායීතාවයක් සේවයක් කිරීම සදහා එකාබද්ධ කළ යුතු ආයතන. ජාතික මට්ටමෙන් නව පරේෂණ ආයතනයක් පිහිටු වීම සදහා එකාබද්ධ කළ යුතු ආයතන. ජාතික සමාජ ආරක්ෂණ අරමුදලක් ස්ථාපිත කිරීමට එකාබද්ධ කළ යුතු ආයතන .ප්‍රතිසංවිධානය කළ යුතු ආයතන . වානිජමය ආකෘතියක් තුළ ක්‍රියාත්මක කළ යුතු ආයතන .දේශීය අත්දැකීම් සහිත විද්වත් කමිටුවක් මගින් අධ්‍යනනය කරන හෝ ආංශික සමාලෝචනය කර නිර්දේශ ලබා ගත යුතු ආයතන.කළමනාකරණය සදහා රජය මැදිහත් කළ යුතු හෝ ඇවර කළ යුතු ආයතන
කාණ්ඩ නවයක් ඇතුලේ මේ ආයතන වර්ගීකරණය කරලා ඒ සදහා වන යෝජනා මේ අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුව විසින් කරුනු ඉදිරි පත් කරලා තියෙනවා.මේ යෝජනා එකක්වත් අවසානාත්මක තීන්දු තීරණ නොවෙයි. ඒ අය මේ එක් එක් ආයතන පිහිටු විමේ මුල් අරමුණ. වර්තමානතත්වය තුළ කාර්ය සාධනය.රජය සේවය තුළ ඒ වැනි තවත් ආයතන පවතී ද මේ ආයතන තුළ විවිධාංගීකරනය වෙනවාද කියලා බලලා ඉදිරිපත් කරපු යෝජනා ප්‍රමානයක් පමනයි. දේශීය අත්දැකීම් සහිත විද්වත් කමිටුවක් මගින් අධ්‍යනය කරන හෝ ආංශික සමාලෝචනය කර නිර්දේශ ලබා ගත යුතු ආයතන 21 ක් තියෙනවා. අවසානාත්මක ලියවිල්ලක් නොවෙයි යෝජනා ප්‍රමානයක් පමනයි.