සිරකරුවන්ට සතුන්ට මෙන් නොව මනුෂ්‍යයන් ලෙස සලකන්න – මහේස්ත්‍රාත් පසන් අමරසිංහ

සතුන් මෙන් දම්වැලක ගැට ගසා සිරකරුවන් අධිකරණයට රැගෙන නොයෙන ලෙසත් ඔවුනුත් මනුෂ්‍යයෝ බව පෙන්වා දුන් මහේස්ත්‍රාත් පසන අමරසිංහ සිරකරුවන්ට සතුන් මෙන් නොසලකන්නැයි බන්ධනාගාර අධිකාරීවරයාට අද (03) නියෝග කළේය .

යකඩ දම්වැලක සිරකරුවන් විශාල පිරිසක් ගැට ගසා අධිකරණ ශාලාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධානාර නිලධාරීන්ට දොස් පවරමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝග කළේය.

“සිරකරුවෝද මනුෂ්‍යයෝ ” යන්න මතක් කරදුන් මසේස්ත්‍රාත්වරයා මින් ඉදිරියට එලෙස ඉදිරිපත් නොකරන ලෙස බන්ධනාගාර නිලධාරීන් අවවාද කර සිටියේය.

අධිකරණය නිවාඩු කාලයක් බැවින් ,කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ අනෙකුත් අධිකරණ වල නඩු අද (03) අංක 03 අදිකරනයට කැදවිය.රිමාන්ඩ් කාලය දිර්ඝ කිරීම සදහා සිරකරුවන් 40 ක පමන පිරිසක් එක දම්වැලක ගැට ගසා අදිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබුණි.

මහේස්ත්‍රාත්වරයාගේ අවවාද කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීහු මහේස්ත්‍රාත්වරයාගෙන් සමාව අය ද සිටියහ.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන්ර අනතුරු සිරකරුවන් ගැට ගසා තිබු දම්වැල් ඉවත් කිරීමට බන්ධනාගාර නිලධාරීහු කටයුතු කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *