සිරකරුවෝත් මනුෂ්‍යයයෝය පිටත සහ ඇතුළත

කොළඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධාන ලේකම් ශාන්ත විජේසූරිය විසිනි.

රනිල් වික්‍රමසිහගේ ආණ්ඩුව පොලිස් විශේෂ කාර්ය බලකායට සහ පොලිසියට අසිමිත බලයක් පවරමින්  තරුණයන්ට වෙඩි තබා මරා, මහමග ප්‍රදර්ශනය කරමින් ,අත්අඩංගුවට ගත් තරුණයන්ට කුරිරු බධබන්ධනයන්ට ලක් කරමින් සහ අද්භුත චෝදනා දමා සිරගෙවල් පුරවමින්, රාජය භිෂණයක් වපුරමින් සිටින අතරම මාර්ග ගත (ඔන්ලයින් පනත)  සහ ඒ.ටි.ඒ. පනත ඇතුළු පනත් ගෙන එමින් භාෂණයේ , ප්‍රකාශනයේ අයිතිය දඩුකදේ ගසා ප්‍රජාතන්ත්‍රවාදයට අගුල් දැමීමට ද කැසකවයි .

ආණ්ඩුව පාතාලය මර්දනය කිරීමට පැන ගත්තේ කම්කරුවන් තරුණයන් හා සෙසු පීඩිතයන්ගේ එකදු අති මුලික ප්‍රශ්නයක් විසදීමට අපොහොසත් තත්ත්වයන් යටතේ ය..

ආණ්ඩුව මහජනයාගේ  ඕනෑම උද්ඝෝෂණයක් වැළැක්වීම සදහා දහස් ගණන් පොලිස් හමුදා සහ ජල ප්‍රහාරක රථ කැදවන්නේ එම උද්ඝෝෂණ ධනපති ආණ්ඩුව පලවාහරින දැවැන්ත පංති යුද්ධයක් දක්වා  වර්ධනය වෙතැයි භියෙනි.

වර්තමානයේ බන්ධනාගාරවල දැඩි තදබදයට ඊනියා යුක්තියේ මෙහෙයුම හේතු වී ඇති අතර එම මෙහෙයුම මගින් දිනකට 700 ත් 800 ත් පමන පිරිසක් අත්අඩංගුවට ගැනේ.

1841 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසිනි ඉදිකරන ලද වැලිකඩ හෙවත් මැගසින් බන්ධනාගාරයේ ඉඩ කඩ ඇත්තේ රැදවියන් 1700 කට පමණි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය ද එම භුමියේ ඉදි කෙරිණ. වැලිකඩ බන්‍ධනාගාරය අද වන විට ගරා වැටි ජාරාවාස තත්ත්වයෙන් පැවතීම නිසා තදබදයට එය ද බලපා  ඇතැයි අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි .

ලංකාවේ බන්ධනාගර වල රැදවිය හැකි රැදවියන් සංඛ්‍යාව 10,393 ක් වන අතර එම බන්‍‍ධනාගාර වල මේ වන විට රදවා සිටින රැදවියන් සංඛ්‍යාව 32,008 කි. 2024ට කලින් වැඩිම තදබදයක් පැවති වර්ෂය 2020 වන අතර රැදවියන් සංඛ්‍යාව 29,411 කි.

බන්ධනාගාරය                  ඉඩ ප්‍රමාණය                   දැන සිටින සංඛ්‍යාව

කොළඹ රිමාන්ඩ්                      328                                              2500

නව මැගසින්                            499                                              2923

යාපනය                                  293                                                857

අනුරාධපුර                               279                                              1046

බදුල්ල                                    146                                                 452

මඩකලපුව                              168                                                 656

ගාල්ල                                    233                                                1005

මී ගමුව                                   496                                               1881

කළුතර                                   460                                               1528

මාතර                                     186                                          607                                                            වාරියපොල                              418                                              1598

වවුනියාව                                         45                                                443

 ත්‍රිකුණාමලය                             112                                                 335

තංගල්ල                                        136                                                 757  

පොලොන්නරුව                            149                                                  405 

මොණරාගල                                  148                                                  342

බුස්ස                                             310                                                 168   

මේ අනුව බන්‍ධනාගාර වල රැදවිය හැකි ප්‍රමානයට වඩා සාපේක්ෂව සය ගුණයකට හා සත් ගුණයකට ආසන්න සංඛ්‍යාවක් එවායේ රදවාගෙන සිටී.

                                   ආරක්ෂිත බන්ධනාගර

බන්ධනාගාරය                       ඉඩ ප්‍රමානය                                  දැනට රදවා සිටින සංඛ්‍යාව

වැලිකඩ                                   1400                                                   3579 

මහර                                        991                                                      3233

බෝගම්බර                               699                                                       2157

අගුණකොළපැලැස්ස                 1047                                                     1726

                                     එළිමහන් සිරකදවුරු

බන්ධනාගාරය                             ඉඩ ප්‍රමානය                                       දැනට සිටින සංඛ්‍යාව

පල්ලෙකැලේ                                352                                                          706

අනුරාධපුර                                      95                                                          186

   නවාතැන් පහසුකම්   

සිරකරුවන් සදහා නවාතැන් සහ විශේෂයෙන්ම නිදන ස්ථාන පහසුකම් හා සියලුම සෞඛ්‍ය අවශ්‍යතා සැපරිය යුතු වන අතර දේශගුණික තත්වයන් සහ විශේෂයෙන් ඝනත්ව අවම බිම් ප්‍රමණයක උෂ්ණත්වය සහ වතාශ්‍රය පිළිබද නිසි අවධානයක් යොමු විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් නෙල්සන් මැඩෙන්ලා රීතින් 13 සදහන් වේ . ශ්‍රී ලංකා ආණ්ඩුව සිරකරුවන් සහ රැදවියන් සම්බන්ධයෙන් නෙල්සන් මැඩෙලා රීතින් පිළිපැදීමට එකග වී ඇත.

 නව රිමාන්ඩ් බන්ධනාගාරයේ A,B,C,D,E සහ H වශයෙන් වාට්ටු වෙන් කර ඇති අතර එක් වාට්ටුවක රැදවියන් 300 ඉක්ම වු 400 ආසන්න පිරිසක් රදවා සිටින අතර වාට්ටුවක් සදහා ඇත්තේ වැසිකිලි දෙකකි . අතුරු සිදුරු නැතිව වාට්ටු පිරි යෑම නිසා දවල් කාලයේ රැදවියන්ට ඉදගෙන සිටින්නට පවා තැනක් නැත. බන්ධනාගාරයට පැමිණෙන නවක රැදිවියන් කිසිම හවුහරනක් නොමැතිව මාස ගණන් වැසිකිලි වල නිදාගන්නා බවත් සමහර රැදවියන් සති ගණන් සිටගෙන නිදිවර්ජිතව රැය පහන් කරන බවත් ගවේෂණවලදී හෙළි වී ඇත.  පන්සල් වාට්ටුව මෙන්ම M-1 M-2  සහ G-1 G-2 සෙල් ද රදවියන්ගෙන් පිරි ගොස් ඇත.

කුඩු අයිස් මුදලාලීලාට , පාතාල කෙරුමන්ට සහ මෝරුන්ට බෝඩර් විවෘත වුවත් දුප්පතුන්ට බෝඩර් වලට වැද්දා ගන්නේ නැති අතර ඔවුන්ට ලගින්නට වෙන්නේ වැසිකිලි වලය. රැට කාමර පාටි විසින් සැමන් අවුරන්නා සේ රදවියන් නිදි කරවන අතර රාත්‍රි කාලයේ හදිසියේ වැසිකිලියට යෑම තියා හෝ සෙලවෙන්නටවත් පුළුවන් කමක් නැත. එවැනි අවස්ථාවල රැදවියන් අතපය හුවමාරු කර ගන්නා තත්වයනට මග පාදා ඇත. තදබදය ඒ තරමට දරුණුය .මෙයින් බන්ධනාගාර තුළ නොසන්සුන්තාවයක් වර්ධනය විමට ඇති ඉඩ කඩ බෙහෙවින් වැඩිය.  මෙය දරා ගත නොහැකි රැදවියන් දිවිනසා ගැනීමට යොමු වි ඇත.

මහර බන්ධනාගාරයේ කෝවිඩ් රෝගින් නොසිටි තත්වයක් තුල, වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට කෝවිඩ් රෝගීන් පිරිසක් රැගෙන ආවා යැයි ඇති වු නොසන්සුන්තාවයක් මත රැදවියන් 11 ක් මරා දමා සීයකට තුවාල සිදු කෙරිණ . මහර ඝාතන සිද්ධියට ආදාළ ඝාතකයන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කර තිබියදීත් ,මේ වන තෙක් පොලිසිය එම ඝාතකයින් අත්අඩංගුවට ගන්නට අපොසත් වි ඇත. වැලිකඩ ඝාතන සිද්ධියේ සිරකරුවන් 27 ක් ඝාතනය කර තවත් විශාල පිරිසකට තුවාල සිදු කළ ද ඊට වගකිව යුත්තෙක් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැත . එම සිද්ධියට දඩුවම් කර සිටි නියෝජ්‍ය බන්ධනාගාර කොමසාරිස් රංජන් ළමාහේවාව නිදොස් කොට නිදහස් කර ඇත.

ආහාර

“බන්ධනාගාර අධිකාරීන් විසින් සෑම සිරකරුවෙකු හටම සමාන්‍ය වේලාවන් වලදී සෞඛ්‍ය පවත්වගෙන යාමට සහ ශක්තිය ලැබීමට ප්‍රමාණවත් තරම් පෝෂණ ගුණයෙන් යුතු හොදින් සකසන ලද පරිපුර්ණ ආහාර වේලක් ලබා දිය යුතු බව” නෙල්සන් මැන්ඩෙලා රීතින් 22 සදහන් වේ.

පරිපුර්ණ ආහාර වේලක් තියා හොදින් සකසන ලද පිරිසිදු ආහාර වේලක්වත් රැදවියන්ට හෝ සිරකරුවන්ට ලැබෙන්නේ නැත. බන්ධනාගාරවල ආහාර සකසනු ලබන්නේ සිරකරුවන් විසින් වන අතර පොල් මිරිකන්නේ කල්දෙරන් වල බැස කකුල් පාගමිනි. සිරකරුවන් සදහා ක‍ෑමට දෙන මාළු මාස ගනන් ශීතකරණ වල දමා පරණ වු ඒවා බවත් මාළු ලොරිය බන්ධනාගාරයට පැමිනේද්දී, කුණු ලොරියක් ගියා සේ දුගද හමන බව සිරුකරුවෝ පවසති. බන්ධනාගාරවලට පමනක් නොව රජයේ රෝහල් වලට ද ලබා දෙන්නේ කුණු වු මාළු බව මා‍‍ධ්‍ය මගින් වාර්තා කර තිබුණි . රජය මගින් සිරකරුවන් සදහා ලබා දෙන සොච්චම් ආහාර වේලද  ගසා කන තක්කඩි නිලධාරීන් ද සිටිති. එක් සිරකරුවෙකු පැවසුවේ පොලිස් නිලධාරින්ටත් වඩා සමහර බන්ධනාගාර නිලධාරීන් දුෂිත මෙන්ම මුර්ග බවයි.

සෞඛ්‍ය ආරක්ෂණ සේවා

සිරකරුවන් හට සෞඛ්‍ය පහසුකම් ලබා දීම රජයේ වගකීමක් වේ . සිරකරුවන් හට ඔවුන්ගේ නීත්‍යානුකුල තත්වය හේතු කොටගෙන කිසිදු වෙනස්කමකට ලක් නොවී රටෙහි පවතින සෞඛ්‍ය පහසුකම් සමාන ලෙස භුක්ති විදීමටත් අවශ්‍ය වන සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා ගැනීමටත් හැකි විය යුතු බව නෙල්සන් මැන්ඩෙල්ලා රීතින් වල සදහන් වේ .

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය තුළ බන්ධනාගාර රෝහලක් ද පිහිටුවා ඇත. එම රෝහල දේශපාලකයන්ගේ , රජයේ උසස් නිලධාරීන්ගේ  සහ සල්ලිකාරයන්ගේ නවාතැන් පොලක් බවට පත්ව තිබේ. සමාන්‍ය සිරකරුවන්ට එම රෝහල අකැපය . සමේ රෝග සහ වෙනත් රෝග සදහා බෙහෙත් ලබා ගැනීම සදහා රෝහලට ය‍ෑමට  බන්ධනාගාර නිලධාරීන්ට කෙදිරි ගෑ යුතුය .කෙදිරි ගෑම නිසා සිරකරුවන්ට පහර කෑමට සිදු වෙයි .සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම අපේ රටේ දී සිරකරුවාගේ අයිතියක් නොව බන්ධනාගාර නිලධාරීන්ගේ කැමත්ත අකමැත්ත මත සිදුවන්නකි . රටේ රෝහල් වල ද බෙහෙත් නැති තත්ත්වයක් ඇතුලේ බන්ධනාගාර වල තත්වය ගැන සිතා ගත හැකිය .සමහර අවස්ථා වල පිටින් ගෙන යන බෙහෙත් පවා සිරකරුවන්ට ලබා දෙන්නට අවසර දෙන්නේ නැත. අසනිප වු සිරකරුවන් බන්ධනාගාර රෝහලට හෝ රජයේ රෝහලට ඇතුළත් නොකිර‍ීම නිසා මිය ගිය සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමානයක් බව වාර්තවේ.

සිරකරුවන් සහ රැදවියන් මුහුණ දෙන ප්‍රශ්න වලට මුළුමනින් වගකිව යුත්තේ බන්ධනාගාර දෙපාර්මේන්තුව හෝ එහි සේවය කරන නිලධාරීන් නොව රට පාලනය කළ සහ පාලනය කරමින් සිටින ධනපති පාලකයින් ය. එසේ තිබිය දී සිරකරුවෝද මනුෂයෝ යැයි රිමාන්ඩ් බන්ධනාගාරයේ තාප්පයේ ලියා තබා ඇත.

බන්ධනාගාර නිලධාරීන්ට ද ලැබෙන්නේ සොච්චම් වැටුපකි . කිසිදු පහසුකමක් නොමැතිව දිගු කාලයක් වැඩ කරන්නට ඔවුන්ට බල කර ඇත. ජිවත් විමට සුදුසු වැටුපක් නොලැබිම නිසා සමහර බන්ධනාගාර නිලධාරීන් විෂමාචාර ක්‍රියාවන්ට යොමු වීමට හා  ක්‍රෑර ලෙස හැසිරීමට තතු පාදා ඇත.

බන්ධනාගාරගත කර සිටින පිරිස් කරුමය නිසා හෝ දෙවියන් වහන්සේගේ කැමත්ත නිසා හෝ ශරීර ලක්ෂණ නිසා හෝ වරදට පෙළඹුනු අය නොවන අතර ඔවුන්ගේ ජිවිත වලට බංකොලොත් ධනපති පන්ති පාලනය වගකිව යුතුය.  මෙය ලංකාව තුළ පමනක් නොව ලෝක පරිමානව කම්කරු -ප‍ීඩිත මහජනයාව විනාශ මුඛ්‍යයට ඇද දමා ඔවුන්ව සිරගෙවල් වලට ගාල් කරති. ධනපති ක්‍රමය ලෝක පරිමානව විස්ථාපනය කිරිමෙන් තොරව කම්කරු-පිඩිත මහජනයා ධනපති ක්‍රමය තුළ මුහුණ දෙන ප්‍රශ්න හෝ අපරාධ වැළැක්විය නොහැක.

කාන්තා වට්ටුව

කොළඹ කාන්තා වාට්ටුවේ X,Y,Z, සහ R වශයෙන් වාට්ටු වෙනස් කර ඇත. XY වාට්ටුවේ රදවා සිටින්නේ මතු දුව්‍ය වලට ඇබ්බැහි වු අය රදවා සිටින අතර R වාට්ටුවේ රදවා සිටින්නේ කලකොහල වලට සම්බන්ධ අය වෙති. Z වාට්ටුවේ රදවා සිටින්නේ දඩුවම් කරන ලද සිරකාරියෝ වෙති. ඒක් වාට්ටුවක් රැදවිය හැක්කේ 100 ක පමණ කාන්තා රැදවියන් පිරිසක් වන අතර දැනට එම වාට්ටු වල 200 ත් 250 ත් අතර පිරිසක් දමන බවත් අධ්‍යන වාර්තාව වලින් හෙළි වී ඇත. X වට්ටුවේ වැසිකිලි 05 ක් ඇති අතර  භාවිතා කළ හැක්කේ වැසිකිලි දෙකක් පමණි . Y වැසිකිලි හතරක් ඇති අතර භාවිතයට ගත හැක්කේ දෙකකි . Z වාට්ටුවේ වැසිකිල දෙකාක් ඇති අතර R වාට්ටුවේ ඇත්තේ එක් වැසිකිලියක් පමණි .

නිදා ගන්නට ඇත්තේ මීටර් එක හමාරක් පළල මීටර් දෙකාක් පළල කොටසක සය දෙනෙකු නිදා ගත යුතුය.  නිදා ගත්තාට පසු එක ඉරියව් අවධි වෙනකම් සිටින්නට සිිිදු වේ. බෝඩර් අතර පාරේ සහ වැසිකිය ආසන්නයේ පවා කාන්තා රැදවියෝ නිදා ගනිති . ගලි කානු උතුරා යෑම නිසා මැසි මදුරුවන් පිරි ඇති අතර ගලි කානු වල උතුරා යන වතුර පෑගිම නිසා කාන්තා රැදවියන්ගේ කකුල් කුණු වි තුවාල දමා ඇත. ගලි කානුවල සිර වී ඇති අපදව්‍ය දඩුවම් නියම වු කාන්තා රැදවියන් ඉවත් කරන්නේ අත්වලින්ය.

එක් කාන්තා රැදවියෙකුට මාසයකට සනිපාරක්ෂක තුවා බලා දෙන්නේ සයක් පමණි . එය කිසි‌සෙත්ම ප්‍රමානවත් නැති බව රැදවියෝ පවසති .

පොඩි වැරැද්දක් කළත් අමානුෂික ලෙස පහර දෙනවා. කඩවත නෝනා, ඩයස් නෝනා සහ අනුරුද්ධික නෝනා රැදවිවියන්නට පහර දෙන්නේ කකුළෙන් බව සිරකාරියෝ පවසති. 

කාන්තා රැදවියන් බන්ධනාගාරය වෙත රැගෙන එද්ද‍ි සහ උසාවි ගොස් නැවත බන්ධනාගාරය වෙත රැගෙන එද්දී බන්දේ නිලධාරීනියන් විසින් සියලුම රැදවියන් පරික්ෂා කිරීම සදහා ඇදුම් ගලවන බවත්  ඊට පසු කෝණ්ඩය කඩා දමා උඩ පනින්නට යැයි අණ කරන බවක් පසුව රහස් ප්‍රදේස විදුලි පන්දමේ ආලෝකයෙන් පරික්ෂා කරන බවත්ය . තොල ඇද පෙන්න්නැයි කියන බදේ නිලධාරිනියන් දිව තොල වටේ යවන්නැයි බල කරයි. සමහර බන්ධනාගාර නිලධාරීන් කාන්තා රැදවියන්ගේ රහස් ප්‍රදේස සහ පියුරු අතපත ගාන බව සිරකාරියෝ පවසති .

බන්ධනාගාරයෙන් ලබා දෙන ආහාර කන්න බැහැ . රසත් නැහැ හරිම අපිරිසිදුයි. ලෙඩක් හැදුනොත් හොදටම අමාරු වෙනකන් බන්ධනාගාර රෝහලට අරගෙන යන්නේ නැති බවත්  අරගෙන ගියත් පැනඩොල් පෙත්තක් දිලා නැවත වාට්ටුවට ගෙනැවිත් දමන බවත් අධ්‍යන වලින් හෙළි වී තිබේ .

සැප්තැම්බර් 21 වනදා පසුව නව ජනාධිපතිවරයෙකු පත් වීමට නියමිතය .ධනපති ක්‍රමය යටතේ මොකා ජනාධිපති වුවද කම්කරු -පීඩිත මහජනයාට හෝ සිරකරුවන්ට හේ රැදවියන්ට දිනා ගැනීම කෙසේ වෙතත් අතීතයේ දිනා ගත් අසිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සදහා පෙරලා සටන් කිරීම හැර වෙනත් මාවතක් ඇත්තේ නැත. දුගී දුප්පත් ජනයා හිගමනට ඇද දැම්ම මෙන්ම සිරකරුවන්ගේ ජිවිත වලට ද ධනපති පාලක ගැත්ත වගකිව යුත්තෝ වෙති .

සිරකරු අයිතිවාසිකම් තහවුරු කර දීම සදහා පෙරට පැමින සටන් කරන ලෙස මේ රටේ කම්කරු -පීඩිත මහජනයාගෙන් තරුණයන්ගෙන් ශිෂ්‍යයන්ගෙන් සහ සිරකරුවන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටිමු !

සිරකරුවන්ට පෝෂ්‍යදායි සහ පිරිසිදු ආහාර ලබා දෙනු !

සිරකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරනු !

බන්ධනාගාර තදබදය වහා අවසන් කරනු !

සිරුකරුවන්ට බෙහෙත් සහ සනිපාරක්ෂක සේවා සලසනු !

බොරු නඩු ඇටවීම හා සාපරාධී අත්අඩංගුවට ගැනීම් නතර කරනු!                 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *