සිරියානු ජනාධිපත් අල් අසාද් පන්නා දමා සන්නද්ධ කණ්ඩායම් බලය අල්ලා ගනී
ශාන්ත විජේසුරිය විසිනි.
සිරියාවේ ප්‍රධාන අගනුවර වන “ඩමැස්කස් ” එම රටේ ප්‍රධාන විපක්ෂ සන්නද්ධ කණ්ඩායමක් විසින් අල්ලා ගැනීමත් සමග සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ පවුලේ සමාජිකයින් රුසියාවේ මොස්කව් අගනුවරට පලා ගොස් ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
සන්නද්ධ කැරැලිකරුවන් ඩමැස්කස් ගුවන් තොටුපල අල්ලා ගැනීමට මොහොතකට පෙර අල් අසාද් සහ ඔහුගේ පවුලේ අය රැගත් ගුවන් යානය, ප්‍රහාරක යානයක ආරක්ෂාව මැද ගුවන් ගත වු බව වාර්තාවේ.
යානය රුසියවේ මොකව් අගනුවරට ලගා වු බවත් එම රටේ හිටපු ජනාධිපති අල් අසාද් සහ පවුලේ අය හරසරින් පිළිගත් රුසියානු ජනාධිපති පුටින් ඔවුන්ට සරණාගත භාවය ලබා දීමට පියවර ගත් බව රුසියන් මාධ්‍ය වාර්තා කරයි.
හිටපු ජනාධිපති අල් අසාද් නෙරපා බලය අල්ලා ගත් ( එච් .ටි.එස් .) නායක අබු මොහොමඩ් අල් ජුලානි උම්මායාද් පල්ලියෙ සිට සිරියානු ජනතාව රටේ නිවැරැදිකරුවන් අයිතිකරුවන් බව පවසමින් නව ඉතිහාසයක් ප්‍රකාශ කළේය.
අල් ජුලානි එච් .ටි.එස්. කාණ්ඩායම පිහිටු විමට පෙර අල් කයිඩා සහ අල් නුස්රා සංවිධාන වල සිරියානු ශාඛාව මෙහෙවා ඇත්තේ මොහු විසින්ය.
ජාත්‍යන්තර මාධ්‍ය ඇසුරෙන්.