සි.අ.සු. කමිටුව සිරකරුවන්ට ජන්ද අයිතිය ලබා දෙන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිිිිටුව සැකකරුවන්ට හා සිරකරුවන්ට ජන්ද අයිතිය ලබා දීම සදහා මැන්ඩමුස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ‌ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (17) පෙත්සමක් ගොනු කළේය.

එම පෙත්සම ගොනුකරන ලද්දෙ සිරුකරු අයිතිවාසිකම් සුරැකිමේ සංවිධානයේ සභාපති සුදේශ් නන්දිමාල් වන අතර වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම ඇතුළු 09 දෙනෙකු නම් කර තිබිණ.

පෙත්සම භාරදිමෙන් අනතුරුව සිරකරුවන් සුරැකීමෙ කමිටුවේ විධායක අධ්‍යක්ෂක නීතිඥ සේනක පෙරේරා මාධ්‍ය අදහස් දක්වමින් මෙසේ පැවසීය.

අපි අද දින සිරකරුවන් සුරැකීමේ සංවිධානය සිරකරුවන්ට ජන්ද අයිතිය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා . කනගාටුයි කියන්න සිරකරුවන්ට ජන්ද අයිතිය තිබුණා . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාමත්ව පැහැදිලිව තිබෙනවා ජන්දය දීමට සුදුසු කවුද? නුදුසු අය කවුද? සියලුම සැකකරුවන්ට ජන්ද අයිතිය තියේනවා . නමුත් මේ දක්වා ඒ සදහා ක්‍රියා මාර්ගයක් බන්ධනාගාර වල ක්‍රියාත්මක වෙලා නැති නිසා තමයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් නියෝගයක් ගන්න සිද්ධ වුණේ . සිරකරුවන්ට හිමි ජන්දය යථාර්ථයක් බවට පත් කරන්න අවශ්‍ය බලධාරීන්ට නියෝග ගන්න තමයි අපට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න වුණේ . සිරකරුවන් මනුෂයෝ යැයි පැවසුවාට සිරකරුවන් සදහා ඇති අයිතිවාසිකම් ක්‍රියාත්මක කළහොත් තමයි ඒය යථාර්ථයක් වෙන්නේ. සිරකරු අයිතිවාසිකම් කම්ටුව විධියට සිරකරුවන්ගේ ජන්ද අයිතිය ලබා ගැනීම සදහා දිගින් දිගටම අරගල කළා . සැකරුවන්ට ජන්ද අයිතිය තියෙනවා . සිරුකරුවන්ගෙන් අවුරුදු දෙකකට අඩු දඩුවම් කාලයක් තියෙන අයටත් ජන්ද අයිතිය තියෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *