හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ අක්ෂි වාට්ටුවේ පාදඩයෙකු රෝගී මවකට පහර දෙයි

හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ (පැරණි) අක්ෂි විශේෂඥ වෛද්‍ය අයස්මන්ත පීරිස් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණි අවුරුදු 66 ක් වයසැති මවකට අත මිට මෝලවා ඔලුවට පහර දීම නිසා වලස්මුල්ලේ මුලික රෝහලට ඇතුළත් කර පසුව ඇය දුර්වල බැවින් මාතර රෝහලට මාරු කර යවා ඇත.
එම පහර කෑමට ලක්ව ඇත්තේ ඥාණවති ගමගේ වන අතර ඇය දරුවන් අට දෙනෙකුගේ මවකි. අප්‍රේල් 07 වනදා අක්ෂි වාට්ටුව වෙත ලේසර් ප්‍රථිකාර ගැනීම සදහා ඇතුලත්වි ඇති අතර ඊට පෙර පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකදී මුදල් ගෙවා වෛද්‍ය පීරිස් හමුවී පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලේ අක්ෂි සායනය වෙත පැමිණෙන ලෙස ඔහු කළ දැනුම් දීමෙන් පසුවය.
ලේසර් ප්‍රතිකාර කරන විට ඇතිවූ ක්ෂණික වේදනාව නිසා හිස සෙලවූනු බවත් ලේසර් ප්‍රතිකාර කරමින් සිටි විශේෂඥ වෛද්‍ය අයස්මන්ත පීරිස් ඇයගේ හිසට තදින් අතමිට මෝලවා පහර කිහිපයක් එල්ල කරන ලද බවත් ඉන් පසු තද හිස සහ ගෙලෙහි කැක්කුමක් ඇති වුන බව ඥානවති ගමගේ ඇගේ පුතු වන ඊ.එම් .ආර් .ප්‍රදීප් කුමාරට පැවසු බව ඔහු අප සමග කීය. කුමාර දිස්ත්‍රික් රෝහලේ ජාතික ලිංග්‍රාශිත රෝග සහ ඒඩිස් මර්දන ඒකකයේ සෞඛ්‍ය පරික්ෂකවරයෙකු වශයෙන් සේවය කරයි.
වෛද්‍ය පීරිස් වලස්මුල්ලේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන කුමාරගේ ගේ මවට රබර් මිටියකින් ඔලුවට පහර ඇති අතර පසු ඔහු හාමුදුරුවන් කැටුව කුමාරගේ ගේ නිවසට ගොස් මවට වැද සමාව ගෙන තිබිණ.මෑතකදී එම රෝහලේ හෙද නිලධාරීනියකගේ ද මවකට ද පහර දී ඇත.

පහර කෑමට ලක් වු ගමගේ ඥාණවතී
මිට පෙර වෛද‍්‍ය පීරිස් රෝගීන්ගේ දත් කැඩෙන්නට පවා පහර දී ඇති බවත් පහර කෑමට ලක් වු රෝගීන් ඊට එරෙහිව හඩක් නගන්නේ තැත්තේ වෛද්‍ය වෘත්තීයට ඇති ගෞවරය නිසා බව ප්‍රදීප් කුමාර අප සමග පැවසීය.
“අම්මාව ලේසර් කාමරයට යවලා මම දොරලග හිටගෙන හිටියා . අම්මා කාමරයට ගිහිල්ලා විනාඩි දෙකකින් පස්සේ අස්වල කදුළු පොරවාගෙන නැවත එළියට ආවා. අම්මා කිව්වා ක්ලාන්තය වගේ කියලා .මම අම්මාව අල්ලා වාඩි කෙරුව්වා. මම මොකද කියලා ඇහුව්වාහම කිව්වා ඉක්මනින් ගෙදර එක්කරගෙන යන්න කියලා කිවිවා. පස්සේ මම තාත්තාට කිව්වා අම්මා ඉක්මනින් ගෙදර එක්කරගෙන යන්න කියලා .මම අම්මවයි තාත්තවයි හම්බන්තොට බස් නැවතුම් පොලෙන් තංගල්ල බස් එකට නැග්ගුවා. මම වැඩ ඇරිලා ගෙදර ගියා .රැ දහයට විතර අම්මා රහසක් කියන්න තියේනවා කියලා තාත්තා නොයැසෙන හඩින් වෛද්‍ය අයස්මන්ත පීරිස් ලේසර කාමරයේදී නර්ස්ලා දෙන්නෙක් අල්ලා ගෙන ඉන්න කොට ඔලුවට පහර දුන් බව” අම්මා තමා සමග පැවසු බව ප්‍රදීප් කුමාර අප සමග කීය.
පහරදීම ගැන සදහන් කර අම්මාව වලස්මුල්ල මුලික රෝහලට ඇතුළත් කළාට පස්සේ වලස්මුල්ල පොලිසියේ කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් දෙදනෙකු නිවසට පැමින පැමිනිල්ල සටහන් කර ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
පහර කෑමට ලක් වු ගමගේ ඥාණවතීව වලස්මුල්ල රෝහලෙන් මාතර රෝහලට මාරු කර යවා ඇත්තේ ඇය දුර්වල නිසා යැයි සදහන් කළත් වෛද්‍යවරයෙකුට එරෙහිව අධිකරණ වෛද‍්‍ය වාර්තාවක් නිකුත් කිරීම ප්‍රශ්නකාරී වන නිසා ද යන්න සැකයක් පවති. වෛද්‍ය වෘත්තීයේ ගෞරවය සහ වෛද්‍ය පීරිස්ගේ ගෞවරය රැකිමට යැමෙන් පහරකෑමට ලක් වු ඥානවතීගේ මුලික අයිතිවාසිකම් බරපතළ ලෙස වෛද්‍ය වෘත්තීකයින් විසින් උල්ලංඝණය කර ඇත. ඇය හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට පැමිනියේ ඇස් පරික්ෂා කර ගැනීමටය. ඉවසීමක් සහ සංයමයක් නැති මානසික රෝගයකින් පෙලෙතැයි සැක කරන වෛද්‍ය රෝගීයෙකු් පහර කෑම නිසා ඇයට රෝහල් ගත වීමට සිදු විණ. මානසික මෙන් කයිකව පීඩාවට පත්කර ඇති ඇයව රෝහල් වලට මාරු කරමින් පලි ගන්නවා දැයි ඥාතීහු සැක පල කරති.
ඥාණවතිව වලස්මුල්ල රෝහලට ඇතුල් කළේ පහර දීමේ සිද්ධියක් සම්බන්ධවය.නමුත් දැන් එම ප්‍රශ්නය යට ගැසීම සදහා මාතර වෛද්‍යවරු ඇසක් අල්ලාගෙන කටයුතු කරන බවට ඥාතීහු චෝදනා කරති. වෛද්‍යවරු ඉගන ගත්තේ සහ අද වැටුප් ලබන්නේ ද මහජනයා රජයට ගෙවන බදු මුදල් වලින්ය. වෛද්‍යවරයෙකු අතින් වරදක් සිදු වු විට එම වරද පෙන්වාදුන් හෝ ඊට එරෙහිව නිර්භයව සටන් වදින්නන්ට එරෙහිව කටයුතු කරන්නේ නම් එය මානවහිතවාදයට පටහැනිය. පාදඩ ක්‍රම පාවිච්චි කර වෛද්‍ය වෘත්තීයේ ගෞවරය රැකි ගැනීමට ගොස් වෛද්‍ය වෘත්තීය කෙලෙස ගන්නේ වෛද්‍යවරුන්මය.
ඥාණවතීගේ පුත්‍ර සෞඛය දෙපාර්මේන්තුවට අයත් සෞඛ්‍ය පරික්ෂකවරයෙකු මෙන්ම නීතිවේදියෙකි. වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඔහුට සලකන්නේ මෙලස නම් සමාන්‍ය කම්කරු- පීඩිත මහජනයාට මොහුන් කෙසේ සලකනවාද? යන්න එළිමහනට ගලා ඇවිත් ඇත.
වෛද්‍ය අයස්මන්ත පිරිස්ගේ දුරකතන අංකය ඉල්ලා ගැනීම සදහා අප හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට සහ අක්ෂි වාට්ටුවට කළ අතර වෛද්‍ය පීරිස් දුරකතන අංකය ලබා දිය නොහැකි බව අක්ෂි වාට්ටුව භාර සිටි හෙදිය පැවසුවාය.පසුව අප හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ලේකම්තුමියට කතා කළ අවස්ථාවේ රෝහලට කතා කර ඉල්ලා ගන්නැයි කීවාය.
මවට පහර දී සම්බන්ධයෙන් ප්‍රදීප් කුමාර ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති හරිනි අමරසුරිය , සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින් ද ජයතිස්ස ,මානව හිමිකම් කොමිසම් සභාව , රාජ්‍ය සේවා කොමිසම් සභාව ,සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය , ශ්‍රි ලංකා වෛද්‍ය සභාව ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් සහ එක්සත් මානව හිමිකම් සංවිධානයට ලිඛිතව පැමිනිලි කොට ඇත.
එම ලිපිය පහතින් පල වේ.


