හිටපු නීතිපති අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරයි
හිටපු නීතිපති හා ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණයක් යැයි හිටපු නීතිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට පැමිණේන්නැයි අවස්ථා 3 කදී ඔහුට දැනුම් දී තිබිණ.
ඊට එරෙහිව නීතිපති දප්පුල ද ලිවේරා අභායාචනාධිකරණයට ගොනු කළ රීට් පෙත්සම සලකා බැලූ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.
හිටපු නීතිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා සමග ශානක කුරේ සහ දිමිත්‍ර අබේසේකර යන විනිසුරුවන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියහ.