ළමා හේවා නිදහස් කොට නිදහස් කිරීමේ තීන්දුව අත්අඩංගුවේ සහ රැදවුම් භාරයේ සිදුවන ඝාතන වලට රුකුල් දිමක්ද?
වැලිකඩ සිදුවීම පමණක් නොව ඉතිහාසය දෙස බැලිමේදී අවස්ථා ගණනාවකදී බන්ධනාගාර තුළ රැදවියන් ඝාතන වු නමුදු ඒවාට සම්බන්ධ වුවන් මෙන්ම වගකිව යුත්තේ ඒ වායින් නිදහස් විමේ ප්‍රවනතාවන් ඇති බව සිරකරුවන් සුරැකීමේ කම්ටුවේ නිරික්ෂණය කර ඇත.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත්තේ , වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 අමානුෂිකව ඝාතනය කිරිම සම්බන්‍ධයෙන් චෝදනා ලැබ මරණ දණ්ඩනයට නියමව සිටි හිටපු බන්ධනාගාර නියෝජ්‍ය කොමසාරිස් රංජන් ළමාහේවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස් කොට නිදහස් කිරිම සම්බන්ධයෙනි.
එමිල් රංජන් ළමාහේවා නිදහස් කොට නිදහස් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) දින ලබාදුන් තීන්දුව නීතියේ පිටත සිදුවන ඝාතන සහ අත්අඩංගුවේ හෝ රැදවුම් භාරයේ සිටියදී සිදුවන ඝාතන සම්බන්ධව තීරණාත්මකව කඩයිමක් බව එම කමිටුවේ අදහසයි .
වර්ෂ 2012 නොවැම්බර් මාසයේ සිදු වු වැලිකඩ බන්ධනාගාර සමුල ඝාතන සිදුවිමෙන් සිරකරුවන් 27 දෙනෙකු මිය ගියේය . එවකට බන්ධනාගාර නියෝජ්‍ය කොමසාරිස් ලෙස කටයුත් කළේ ළමාහේවාය . කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල 2022 ජනවාරි ඔහුට මරණ දුඩුවම නියම කළේය .
ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමු වු එම වැලිකඩ සිරකරු සංහාරයට යුක්තිය ඉටුකර ගැනීම සදහා අප කමිටුව බොහෝ කාලයක් පොරබදා ඇත. කෙසේ වුවද අද දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ගරු කරමු .
2012 වර්සෂයේ නොවැම්බර් මස 09 වෙනිදා සහ 10 වෙනිදා දිනයන්හීදී වැලිකඩ බන්ධනාගාරයේ තුළ රජයේ ආරක්ෂක අංශ වල මැදිහත්වීම මත සිදු වු මෙම මහා සංහාරය සිදු වුයේ කෙසේ ද? යන ප්‍රශ්නය මේ ශ්‍රේෂඨාධිකරණ තීන්දුව නිසා සමාජය ඉදිරිපිට නැවත දිගහැරී ඇති බව එම මාධ්‍ය නිවේදනය මගින් ප්‍රශ්න කරයි .
අධිකරණයක් ඉදිරියේ වැරදිකරුවෙකු වු අයෙකුට ඇති අභියාචනා කිරීමේ අයිතිය අපි ගන්නා අතර ඝාතනය වු රැදවියන්ට යුක්තිය ඉටු කිරීමේ යන්ත්‍රණයක් අවශ්‍යතාවය ද අපි අවධාරණය කර සිටිමු. ඒසේ නොවුනහොත් බන්ධනාගාර රැදවියන් ඇතුළු අත්අඩංගුවේ හෝ රැදවුම්භාරයේ පසුවන පුද්ගලයන් ඝාතනය කරන්න සහ වධහිංසා පණුවන්නන් දිරිමත් පරිසරයක් නිර්මානය විම වැළැක්විය නොහැකි බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් අවධාරනය කරයි .