සනත් නිශාන්තගේ මැර වැඩ අවසන්

පුත්තලම දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජල සම්පාදාන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂකයා වන පොලිස් කොස්තාපල් ජයකොඩි කොළඹ කටුනායක අධීවේගී මාර්ගයේ සිදු රිය අනතුරකින් මිය ගොස් ඇත .

අද පාන්දර දෙකට පමණ කද්‍රාන පොලිස් වසමේ කොළඹ කටුනායක මර්ගයේ ආර් 11 /1 කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වු ජිප් රථය එම දෙසටම ඉදිරියෙන් ධාවනය වු කන්ටේන් රථයක ගැටි පසු අධිවේගී මර්ගය දෙපස ඉදිකර තිබු ආරක්ෂිත වැටේ වැදි අනතුරු සිදු වි තිබේ .

මෙම අනතුරේන් ඇමතිවරයා , එම ජිපි රථය පදවාගෙන ආ රියදුරු සහ ඇමතිවරයාගේ ආරක්ෂකයා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත.

ඇමතිවරයා සහ ඔහුගේ ආරක්ෂයා වන ජයකොඩි රාගම රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව රාගම රෝහලේ අභයන්තර ආරංචි මාර්ග සදහන් කරයි . රියදුරු වැඩිදුරටත් ප්‍රතිකාර ලබමින් සිටි .

රාජපක්ෂ රේජීමයේ ප්‍රබලයෙකු කම්කරු -පීඩිත මහජනයාට එරෙහිව මැරයෙකු ලෙස සනත් නීහාන්ත ක්‍රියා කළ අයෙකි. ගාලුමුවදොර අරගලයෙට පහර දීම සදහා පැමිණි මැරයන් පෙරටුකෙටගෙන පැමිණියේ ද සනත් නිශාන්තයි. අධිකරණයට අපහාස කළා යැයි ඔහුට එරෙහව නඩුවක් ද විභාග වෙමින් පවති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *