13 ට එරෙහිව ත්‍රෛනිකායික හිමිවරු පන්දම අතට ගනී

රටේ ස්වාධිපත්‍ය ,භෞමික අඛණ්ඩතාවය හා ජාතික ආරක්ෂාව පිළිබද බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසෙත්ම බලාත්මක නොකරන්නැයි ඉල්ලා ත්‍රෛනිකායික මා නාහිමිවරුන්ගේ අස්සනින් යුත් ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අද (02) පෙරවරුවේ බාර දුන්හ .

13 වන ව්‍යවස්ථාව සංශෝධනය පුර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට විධායකය ලෙස ඔබතුමන් කටයුතු කරන බවට සිදු කළ ප්‍රකාශය රට තුළ දැඩි ව්‍යාකුලත්වයක් නිර්මාණය කිරීමට හේතු වි ඇත් බවත් ඉඩම් සහ පොලිස් බලතල , පෞරාණික ,‌‌ ‌  ‍‌ෙඑතිහාසික ස්මාරක වාර්තා හා ආගමික සමිති නියාමනය ඇතුළු බලතල ක්‍රියාත්මක කිරිමට පළාත් සා වෙත බලය ලබාදී රට තුල බෙදුම්වාදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථාව විවර කරන බවත් මිට පෙර ද ධුරය දැරූ විධායක ජනාධිපතිවරුන් විසින් 13වන ව්‍යවස්ථා සංශෝධනය පුර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් වැළැකි සිටියේ රට තුල ඇති විය හැකි ව්‍යාකුලත්වයන් හා එහි අනර්ථකාරී බව අවබෝධකරගත් නිසා බව ඔබතුමන් ද මනාව දන්නා කරුණ්ක්13 බවත් ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම ඔබතුමාගේ වගකිමක් වන බැවින් 13 ක්‍රියාත්මක ‌කළ හොත් මහජනයාගේ දැඩි අප්‍රසාදයට හේතු වන බව මහානාහිමිවරු එම නිවේදනයේ ජනාධිපතිවරයාට අනතුරු අගවති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *