2024 පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ – නීතිඥ සාගර කාරියවසම්
2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හීටපු මුදල් ඇමැති හා එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යනු දෙනෙක් බවත් රාජපක්ෂ යනු රට බේරාගත් නායකයෙකු මිස රට පාවාදුන් නායකයෙකු නොවන බව මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නීතිඥ කාරියවසම් පැවැසීය .
අපි ජනාධිපති වික්‍රමසිංහට ගරු කරන අතර 2024 වනතෙක් ඔහුට සහාය දෙන බවත් 2024 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෙකු ඉදිරිපත් කරන බව නීතිඥ කාරියවසම් අවධාරණය කළේය
ඔහු එසේ පැවැසුවේ පොහොට්ටු කාර්යාලයේ අද (11) පැවති ප්රවෘත්ති සාකච්ජාවේදීය .
ජනාධිපති වික්‍රමසිංහ ගෙන එමට සුදානම් වන ප්‍රති ත්‍රස්ත පනතට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ බවත් එම පනත ගෙන අවොත් ජනතාවගේ ප්රකාශනයේ හා භාෂණයේ අයිතිය උල්ලංඝණය වන බව පෙන්වාදුන් නීතිඥ කාරියවසම් ඒවැනි පනතක් ගෙන ඒමට වඩා නොගෙන සිටිම හොද බවත් පැවැසීය .
ජනාධිපති වික්‍රමසිංහට ත්‍රස්තවාදය වැළැක්වීම සදහා පනතක් ගෙන එමට අවශ්‍ය නම් , එම ගෙන එන පනතෙන් ජනතාවගේ ප්රකාශනයේ හා භාෂණයේ අයිතිවාසිකම් ආරක්ෂා වනවා නම් ඊට සහය දෙන බවත් නීතිඥ කාරියවසම් කීය .