21 වන සංශෝධනය ගැන අගමැති සියලුම පක්ෂ නායකයින් සමඟ අද සාකච්ජා කරයි .

21වන ආණ්ඩුව ක්‍රම සංශෝධන යෝජනා වලිය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ සියලුම පක්ෂ නායකයින් අද (27) අගමැති කාර්යාලයට කැඳවා ඇත

එහි දී පක්ෂ නායකයින් ඉදිරිපත් කරන යෝජනා ද සැලකිල්ලට ගනිමින් 21 වන සංශෝධනය ලබන අමාත්‍ය මණ්ඩල රැස්විමට ඉදිරිපත් කිරීමට නියමිතය .

අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත .

ඊයේ (26) 21වන යෝජනාවලිය පිළිබඳව ස්වාධින පක්ෂ දහයේ නායකයින් සහා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ අතර සාජච්ජාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි .

මෙම සාකච්ජාවට අධිකරණය බන්ධනාගාර හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද සහභාගි විය .