ගාසාහි ජන සංහාරය නතර කරන්නැයි සමාජවාදී තරුණ සංගමය අධිරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලයි
ස්ථීර සටන් විරාමයක් ඇති කරනු ! ගාසාහි ජන සංහාරය වහා නතර කරන්නැයි ඊශ්‍රායලයට සහ අධිරාජ්‍යවාදී බලවතුන්ට බල කර අද (31) සවස ටවුන්හොල් දවටගහ පල්ලිය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවත්විණ .
ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදි තරුණ සංගමය සහ බහුජන සංවිධාන මගින් එම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි .
එම විරෝධතා උද්ඝෝෂණයට ජාතික ජන බලවේගයේ විධායක සභික හා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින් ජයතිස්ස සහ සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර යන අය සහභාගි වි සිටියහ .
ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් ද එම විරෝධතා උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ .
උද්ඝෝෂකයින් පැයකට ආසන්න කාලයක්
ඊශ්‍රායෙල් – මේ අහන්න
එපා ගාසා -ගින තියන්න
ෂෙල් බෝම්බ -රොකට් උණ්ඩ
යොදා මොකද -මින මරන්න
ඇමරිකානු -එංගලන්ත
බලවතුන් -මේ අහන්න
ඇවිලෙන මේ -මහ ගින්නට
එපා පිදුරු -තව දමන්න
හෙණ ගහපං -හෙණ ගහපං
ඇමරිකානු -විටෝ බලේ
හෙණ ගහපං -හෙණ ගහපං
එංගලන්ත -විටෝ බලේ යන සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වුහ .