ක්ලෝඩියා ෂයින්බෝමි මෙක්සිකෝ ජනාධිපතිවරණය ජය ගනී

සීයයට 58 %ත් 60% ත් අතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන මෙක්සිකෝ ජනාධිපතිවරණය ජය ගැනිමට අපේෂිකා ක්ලෝඩියා ෂයින්‌බෝමි සමත් වී ඇත.

ෂයින්‌බෝමි මෙක්සිකෝවේ පලමු ජනාධිපතිනිය වේ . හැටඑක් හැවිරිදි (61) ෂයින්‌බෝම් මෙක්සිකෝ ‌අගනුවර හිටපු නගරාධිපතිනිය වන අතර හිටපු ජනාධිපති ඇන්ද්‍රාස් මැනුවෙල් ලෝපේස්ගේ සමිපතමයෙකු බව ද විදේස් මාධ්‍ය වාර්තා කර තිබුණි .

විපක්ෂ අෂේක්ෂිකා සෝචිත්ල් ගල්වේස් ද සිය ජයග්‍රහනය ප්‍රකාශයට පත් කළත් ෂයින්බෝමි 30% ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරියෙන් පසු වන බව විදේස මාධ්‍ය වැඩිදුරටත්  සදහන් කරයි .

බීබීසී ලෝක සේවයෙන් ලබා ගත් ජායාරූපයකි.

ෂයින් බෝමී බල ශක්ති ඉජිනේරු විද්‍යවට ආචාර්ය උපාධියක් ලබා ගෙන ඇත. ඇය විද්‍යාඥවරියකි . ඇගේ දෙමව්පියන් ද විද්‍යාඥවරියෝ වුහ.

හිටපු ජනාධිපති ඇන්දාසු මැනුවෙල් ක්‍රියාත්මක කළ සුභ සාධන වැඩ පිළිවෙල සහ විදේශ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන බවට ෂයින්බෝමී ප්‍රතිඥා දී ඇත.

ෂයින් බෝමී මොනරේනා පාලක පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා වන අතර ඇයට හිටපු ජනාධිපති ඇන්දාස් මැනුවෙල්ට එහා ගිය විකල්ප වැඩ පි‍ළිවෙක් නැත . මෙක්සිකෝ මහජනයා ධනපති පිරිමියෙකු වෙනුවට ‍‍‍‍‍‍ධනපති කාන්තාවක් අවුරුදු 06 පත් කරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *