කපිල කුමාර පැහැරගෙන අතුරුදන් කර තබා ගත් STF නිලධාරීන්ව මානව හිමිකම් කොමිසම් සභාවට කැදවයි

එම්.එන් .කේ . ජයසේකර ඇයගේ පුතා වන ගෝනපිනුවල කපිලකුමාර ද සිල්වාව සංවිධානාත්මක අපරාධ මර්දන එකකයේ ජයවර්ධන පුර කදවුරේ විශේෂ කාර්ය බලකා නිලධාරීීී විසින් අනුරාධපුර හොරොව්පොතාන දී පැහැරගෙන ගොස් අතුරුදන් කර තබා ගැනීමෙන් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වි ඇතැයි ශ්‍රී ලංකා මානව හිම්කම් කොම්සම් සභාව හමුවේ ගොනුකරන ලද පැමිණිල්ල අද (12) පෙරවරු 9.30ට විභාගයට ගන්නා ලදි .

පෙත්සම් කාර පාර්ශ්වයට මෙන්ම වගඋත්තරකරුවන්ට එම විභාගය සදහා කැදවා තිබුණි. වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් විශේෂ කාර්ය බලකායේ උප පොලිස පරික්ෂක ඩි.ඩි.ඒ. බණ්ඩාර ,පොලිස් සැරයන් 13072 සාලිය , කොස්තාපල් 76075 කැටගල්ල , පොලිස් කොස්තාපල් 78549 ඉන්දික , පොලිස් කොස්තාපල් 79412 ගුණවර්ධන ,පොලිස් කොස්තාපල් 83382 යකුපිටිය සහ පොලිස් කොස්තාපල් රියදුරු 80729 කුමාර යන නිලධාරීන් ගෙන් කටඋත්තර ලබා ගැනීම සදහා මානව හිමිකම් කොමිසම් සභාවට අද (12) දින පැමිණේනැයි ලිඛිතව දැනුම් දි ඇත.

කපිල කුමාරව මාර්තු 27වනදා සවස 6 ට පමණ අනුරාධපුර හොරොව්පොතාන නගරයේ දී පැහැරගෙන ගොස් දින 25 පමණ කාලයක් රහසිගත ස්ථානයක රදවා තබා ගනිමින් , ඇස් බැද වධහිංසා පැමිණිම සම්බන්ධයෙන් එම නිලධාරීන් හට චෝදනා එල්ල වී ඇත .

කපිල කුමාරව මාර්තු 27 වනදා පැහැරගෙන ගොස් අතුරුදන් කර තබා ගත්තේ එම නිලධාරීන් බවට පිළිගෙන ඇත.

ඔහුව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කර තබා ගැනීමට එරෙහිව 2018 අංක 05 දරණ ජාත්‍යන්තර නීතියට යටතේ විශේෂ කාය බලකායේ නිලධාරීන්ට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මගින් නඩු පැවරීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *