ජාතික අධ්‍යාපන ආයතනය ජාතිවාදී නැහැ – මනෝ ගනේෂ්ට වැරැදිමක් -අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග

ශාන්ත විජේසුරිය විසිනි

ජාතික අධ්‍යාපන ආයතනයේ මීපේ පරිශ්‍රයේ අධ්‍යාපන සංවර්ධන හා ‌දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ලෙස පත් කළ ආචාර්ය එස් .කරුණාකරන් දෙමළ ජාතිකයෙකු විම නිසා ඔහුට එම ආයතනයේ නිලධාරීන්ගෙන් බලපෑම් එල්ල වි ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී  විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය .

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්තට පැමිණිල්ලක් කරමින් පැවසුවේ ජාතිවාදය අවසන් වි ඇති තත්වයක් ඇතුලේ ආචාර්ය කරුණාකරන්ට එසේ සැලකිම වැරැදි බවත් ඔහු අධ්‍යාපන පරිපාලන හා සංවර්ධන දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂක ධුරයට ආදාළව සියලු සුදුසුකම් සපුරා ඇති  බවත් සදහන් කළේය.

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පෙබරවාරි 25 වනදා ආචාර්ය කරුණාකරන් මීපේ අධ්‍යාපන පරිපාලන හා සංවර්ධන දෙපාර්මේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස පත් කරන ලදි. ඔහු ජාතික අධ්‍යාපන ආයතනයට බැදෙන්නේ 2005 වර්ෂයේදීය. ආචාර්ය කරුණාකරන් සමාජ විද්‍යා දෙපාර්මේන්තවේ දේශපාලන විද්‍යා විෂය බාර ප්‍රධානීයා ලෙස කටයුතු කර ඇත.

ආචාර්ය කරුණාකරන් මීපේ පරිශ්‍රයේ අධ්‍යාපන පරිපාලන හා සංවර්ධන අධ්‍යක්ෂක ධුරයට පත් කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ පුද්ගලික කැමැත්තට මිස එම තනතුර සදහා අවශ්‍ය මුලික සුදුසුකම් ආචාර්ය කරුණාකරන් සපුරා නැතැයි ජාතික අධයාපන ආයතනයේ නිලධාරීන්  පවසති .

ඔහු දැනට දරණ තනතුර කළමනාකරණ ක්ෂත්‍රයට අයත් තනතුරක් වන අතර ඒ සදහා කළමනාකරණ විෂයට ආදාළ අධ්‍යාපනවේදී උපාධියක් සහ ක්ෂත්‍රය සම්බන්දයෙන් අවුරුදු 15 ක පළපුරුද්දක් තිබිය යුතුය . නමුත් කරුණාකරන්නට ඇත්තේ දේශපාලන විද්‍යාවට ආදාළ උපාධියක් වන අතර අවුරුදු 15 ක පළපුරුද්දක් නැත.

ආචාර්ය කරුණාකරන්ව මීපේ අධක්ෂක ධුරයට පත් කරන්නේ කළමනාකරණ විෂයට අධ්‍යාපනවේදි උපාධියක් ඇති වසරකට වැඩි කාලයක්  එම අධ්‍යක්ෂ ධූරයේ වැඩ බැලු අවුරුදු 19 ක පළපුරුද්දක් හා ක්ෂේත්‍රය පිළිබද මනා අත්දැකීම් හා දැනුමැති ආචාර්ය දුමිනා ලෙල්ලුපිටියට ලබාදිය යුතු අධ්‍යක්ෂ ධුරයද කොල්ලකමින්ය .

කරුණාකරන් ආචාර්ය උපාධිය ලබා ඇත්තේ අධ්‍යාපන පර්යේෂණ කටයුතු සම්බන්ධයෙනි . ඒ නිසා ඔහුට හිමිය යුත්තේ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තනතුරයි . නමුත් එම තනතුරට මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂවරයෙකු  වු ප්‍රභාකරන් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂකවරයා විසින් අත්තනෝමතිකව පත් කර ඇත.

ආචාර්ය කරුණාකරන් මීපේ ආයතනයේ අධ්‍යක්ෂක ධුරය ලබාදීමට එහි හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය අශෝකාද පූර්ණ ලෙස මැදිහත් වූයේ විශ්‍රාම යාමෙන් පසුව වැඩමුළු සඳහා සම්පත් දායකයෙකු ලෙස නැවත පැමිණීමේ අපේක්ෂාවෙනි.

කලමනාකරණය පිළිබද කිසිදු දැනුමක් හෝ පළපුරුද්දක් නොමැති අශෝකා වංචා හා දුෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වු අයෙකි . ඇය ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරියෙකුට පහර දීම නිසා අශෝකාට බන්ධනාගාර ගත විමට ද සිදු විය.

මීපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අශෝකා විශ්‍රාම ය‍ෑමෙන් පසු එම තනතුරට පත් වන්නේ ආචාර්ය පී.එච්. කුසුමාවතිය.  කරුණාකරන් අධ්‍යක්ෂක ජනරාල්ගේ බලය පෙන්නා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කුසුමාවතිව නොතකා කටයුතු කරන බව එහි නිලධාරින් පවසති .

ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ලුමිනා ලෙල්ලුපිටියට විදුහල්පති පුහුණු පාඨමාලා පවත්වමින් ලංකාවට විශාල මුදලක් ආසියනු සංවර්ධන බැකුව හරහා මෙරටට ගෙන ආව ද අද එම ව්‍යාපෘති කරුණාකරන් ඔහුගේ අධ්‍යක්ෂක ධුරය පාවිච්චිකර ලබාගෙන සාර්ථකව සිදු කිරීමට අපොහොසත් වී ඇතැයි නිලධාරිහු පැවසුහ.

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග විසින් ආදාළ ක්ෂත්‍රවලට නිලධාරීන් පත් කරද්දී ,බදවා ගැනීමේ පටිපාටි නොතකා ඔහුට පාලනය කළ හැකි හා සමිපයන්ට තනතුරු පිරිනැමේ ප්‍රතිඵලයක් ලෙස ආචාර්ය කරුණාකරන්ට එරෙහිව ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් විරෝධයක් පැන නැගී ඇත.  කරුණාකරන් සත්‍ය වික‍ෘ‍ති කරමින් ඔහු දෙමළ විම නිසා ජාතික අධ්‍යාපන ආයතනය තුළින් පැන නැගී විරෝධයක් බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ව නොමග යවා ඇතැයි එම ආයතනයේ උසස් නිලධාරියෙකු අප සමග පැවසීය. සිංහල ,දෙමළ සහ මුස්ලිම් ජාතිකයින් සහෝදරත්වයෙන් ,සමගියෙන් සහ එක්සත්ව ජාතික අධ්‍යාපන ආයතනය තුළ මෙතෙක් කටයුතු කර ඇති බවත් මනෝ ගනේෂන් පාර්ලිමේන්නතුව තුළ සිදු කළ ප්‍රකාශයෙන් එම ආයතනයේ ඉතිහාසයට කළු පැල්ලමක්  එක් කර ඇති බවත්  ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් මෙන්ම ආචාර්ය කරුණාකරන් ඊට වගකිව යුතු බව එම නිලධාරිය වැඩිදුරටත් පැවසිය.

අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්තනෝමතික මරිමෝල් වැඩ නිසාත් ආචාර්ය කරුණාකරන් ඔහු නොදන්නා විෂය පථයක , ආදාළ නැති ක්ෂත්‍රයක අධ්‍යක්ෂක ධුරයක් දරමින් හා වරප්‍රසාද භුක්ති විදිමට එරෙහිව පැන නගීන විරෝධය යටපත් කිරීම සදහා ඔහු විසින් ජාතික අධ්‍යාපන ආයතනය තුළ ජාතිවාදය අවුලති.

 “අධ්‍යක්ෂක ජනරාල් යටතේ ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වෙනවා . එම නිසා මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළ නොහැකි බවත් යම් අදහසක් දැන ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා අධ්‍යක්ෂ ජනරාල්වරයා හරහා ලිඛිතව ලබා දිය හැකි බව” ආචාර්ය කරුනාකරන් ලංකා ස්කයි නිව්ස කළ විමසුමකදි පැවසීය .

ඔබට උපාධියක් තියෙන්නේ දේශපාලන විද්‍යාවට නේද? ඔබ දැනට වැඩ කරන්නේ කළමනාකරණ ක්ෂත්‍රයට ආදාල විෂය පථයක .ඔබට ඒ සදහා උපාධියක් හෝ අවුරුදු පහලෝවක පළපුරුද්දක් නැහැ නේද? 

 කරුණාකරන් – ඔබ අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බැහැ

ඔහුට මාධ්‍යයට උත්තර දිය නොහැකි වුවත් ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සහ ආචාර්ය ලෙල්ලපිටිය කරුණාකරන්ට වෙනස්ව සලකනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ට පැවසීය හැකිය .

“මීපේ පරිශ්‍රයේ අධ්‍යාපන පරිපාලන හා සංවර්ධන දෙපාර්මේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂක ලෙස මමයි වැඩ කළේ . මට එම පත්විම බලා නොදි , අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ආචාර්ය  එස් . කරුණාකරන්ට එම තනතුරට පත් කරනවා . මට කළමනාකරණයට විෂයට උපාධියක් වගේම ක්ෂත්‍රය සම්බන්ධයෙන් අවරුදු 19 ක පළපුරුද්දක් තියෙනවා .මගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂක ජනරාල්වරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධික රණයේ නඩුවක් ගොනුකරලා තියෙනවා .කරුණාකරන් මහතාට තියෙන්නේ දේශපාලන විද්‍යාව සම්බන්ධ උපාධියක් . නමුත් ඔහුව කළමනාකරණ ක්ෂත්‍රයේ අධ්‍යක්ෂක ලෙස පත් කරනවා යැයි   ” ආචාර්ය ලුමිනා ලෙල්ලුපිටිය අප ඇයගෙන් කළ විමසුමකදී පැවසුවාය .

ඇය ආයතනයේ ප්‍රධානීන්නට විරුද්ධව නඩු පැවරීම නිසා ලෙල්ලුපිටියගෙන් එම ප්‍රධානීන් පලි ගන්නා බවත් වාර්තාවේ .

“අධ්‍යක්ෂක තනතුරු තරගකාරී එකාක් , ඒසදහා සුදුසුකම් තිබුණු සියලුම් දෙනා කැදවලා කරපු සම්මුඛ පරික්ෂණයකින් තමයි කරුණාකරන් මහතා තේරි පත්වන්නේ . SOR  එකට අනුව .අධ්‍යක්ෂකවරු තොරන විධිමත් ලකුණු පටිපාටියක් තියෙනවා .අපේ සම්මුඛ පරික්ෂණ මණ්ඩලය තියෙනවා. එම මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙකු , ආයතන සභාවේ නිලධාරියෙකු , ඒ තනතුර අයිති පීඨයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරු, නිල බලයෙන් අධ්‍යක්ෂක ජනරාල් සහ පාලන හා මුදල් හා සහාය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගෙන් සමන්විත වෙනවා. මම මේ ඉතාමත් වගකිමෙන් කියන්නේ සම්මුඛ පරික්ෂණයෙන් තේරිපත් වන්නේ ඉන්න අයගෙන් සුදුසුම පුද්ගලයා . මම පේරාදෙණිය විශ්ව විදයාලයේ අවුරුදු 24 ක් සම්මුඛ පරික්ෂණ කරලා තියෙනවා. ඒ නිසා මම දන්නවා සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක් පරික්ෂණයක් කරන්නේ කොහොමද කියලා . මම විතරක් නොවේ ලොකු සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක් ‍.කරුණාකරන් තේරිපත් වුයේ සුදුසුකම් අනුව. අපි සම්මුඛ පරික්ෂණයට භාජනය කර අය පිළිබද ආයතන සභාවට ඉදිරිපත් කරනවා . පස්සේ ආයතන සභාව අපෙන් ඒ අයගේ ලකුණු පවා ලබා ගන්නවා .ඊට පස්සේ තම ආදාළ තනතුරු වලට සුදුසු අය පත් කරන්නේ .ඒ අනුව තේරි පත් වු පත්විමක් .මෙතැන කිසිම ගැටලුවක් නැහැ. ජාතිවාදි ප්‍රශ්නයක් නැහැ . තනතුරු වලට නොතේරුනු අය හින්ට් පාස් කරන වගේ වැඩ . කරුණාකරන් මහතාට බාධා කරනවා නම් ඊට එරෙහිව විනය පරික්ෂණ පවත්වලා ඉදිරියේදී ක්‍රියා මාර්ග ගන්නවා. ආචාර්ය ලුමිනා ලෙල්ලුපිටිය මහත්මිය වැඩ බලන අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කළේ නැහැ . ඇය එම තනතුරුට තේරිපත් වුණේ නැහැ . වැඩ බලන අධ්‍යක්ෂක ධුරයෙන් ලෙල්ලුපිටිය මහත්මිය ඉවත් කළා කියන කතා වැරැදි කතාවක්.

මේ ජාතික ආයතනයක් . අපි වැඩ කරන්නෙත් ඉතාම වගකිමෙන් . ඔබතුමගෙනුත් ඉල්ලා සිටිනවා වගකිමෙන් වැඩ කරන්න කියලා .

ඔබ ආයතනයේ ප්‍රධානීයා හැටියට මනේ ගනේෂන් මහතා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවාද නැතිනම් ආයතනය තුළ ජාතිවාදයක් තිවෙනවාද? ජාතිවාදි ප්‍රශ්නයක් නැහැ . එහෙම තිබුනා නම් කරුණාකරන් මහතා එම තනතරුට පත් වන්නේ නැහැ . ඒතුමා වැඩ කරද්දී එහෙම ප්‍රශ්නයක් තියෙනවාද කියලා පිරික්ෂණයක් කරනවා .අද මේ ප්‍රශ්නය ආයතන සභාවට ලිඛිතව ඉදිරි පත් කරනවා පරික්ෂණයක් සදහා . කරුණාකරන් මහතා මට ඔහුට දෙමළ විම නිසා වෙනස් විධියට සලකනවා කියලා කිසිම පැමිණිල්ලක් කරලා නැහැ . බාධා කරනවා කියලා මට ලිඛිතව දන්වලා තියෙනවා. 

ඔබතුමා අත්තනෝමතිකව වැඩ කරනවා කියලා චෝදනා එල්ල වෙලා තියෙනවානේද? සම්මුඛ මණ්ඩලය තිරණය මම නොවෙයි SOR  අනුව . එහි සදහන් වෙනවා සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ ව්‍යුහය කොහොම ඒකාක් කියලා .ඒ චෝදනාව මම ප්‍රතික්ෂේප කරන බව” ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග සමග අප කළ කතා බහේ දි පැවසීය.

කරුණාකරන් මෙහෙවන්නේ එම ආයතනයේ ජාතික සේවක සංගමයේ සභාපති හා එම ආයතනයේ පාලන මුදල් හා සහාය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පියසේන විජේසුන්දර ඇතුළු පිරිසක් බව වාර්තාවේ. විජේසුන්දර නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ධුරයට පත් වන්නේ හිටපු අධ්‍යාපන ඇමති හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් අකිල කාරියවසම්ගේ  කාලයේය . ඔහු ද තනතුරුට ආදාළව අවම සුදුසුකම් පවා සපුරා නැතැයි එම ආයතනයේ නිලධාරිහු පවසති .

විජේසුන්දර ජාතික අධ්‍යාපන ආයතනයේ මානව සම්පත් අංශයේ වගකිව යුතු ඉහලම නිලධාරීයා වන අතර ඔහු ජාතික සේවක සංගමයේ සභාපති ලෙස කටයුතු කිරීම නිසා තනතුරු හා වෙනත් කටයුතු වල දී ප්‍රමුඛත්වය බලා දෙන්නේ ජාතික සේවක සංගමයේ සමාජිකයින් වන නිසා එම සංමගයේ නොවන සේවකයන්ට හා නිලධාරීන්ට සිදු වන්නේ බලවත් අසාධාරණයකි . වෘත්තීය සමිති කිරීමේ අයිතිය විජෙසුන්දරට ඇතත් ,ඔහු ජාතික අධ්‍යාපන ආයතනයේ ඉහල තනතුරුක් දරණ බැවින් විජෙසුන්දරට වෘත්තීය සමිති කිරීමේ සදාචාරමය අයිතියක් නැති බව එම ආයතනයේ සේවකයෝ පවසති.

“ජාතික අධ්‍යාපන ආයතනයට අයත් මීපේ පරිශ්‍රයේ අධ්‍යක්ෂක ලෙස සේවය කරන කරුණාකරන් මහතාට වෙනස් විධියට සලකනවා කියලා මට දැන ගන්න ලැබුණා . ජාතිවාදයට ඉඩ දෙන්න බැහැ . පාර්ලිමේන්තුවේදි මම ඒ ප්‍රශ්නය අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්තට ඉදිරිපත් කළා . සුදුසුකම් පිළිබද ප්‍රශ්නයක් කියලා මම දැන හිටියේ නැහැ. එතුමා එම තනතුරට පත් කළ සම්මුඛ පරික්ෂණ කමිටුව ඊට වගකියන්න ඔිනේ . කරුණාකරන් මහතාට වැඩ කරන්න දෙන්නේ නැත්නම් එක වැරැදි බව “ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් අප කළ විමසුමකදි පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *