විකල්ප වැඩ පිළිවෙක් නැහැ -ජවිපෙ සහ සජබ ඉදිරිපත් කරන්නෙත් රනිල් වික්‍රමසිංහගේ වැඩ පිළිවෙලමයි – නව මග ජාතික ව්‍යාපාරය

අපේ යෝජනා කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැමති ලිබරල් කප්පිත්තෙක් බවත් වික්‍රමසිංහ ගෙන යන වැඩ පිළිවෙලට හැමෝම සහයෝගය දිය යුතු බවත් ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය ඉදිරිිිිපත් කරන්නෙත් වික්‍රමසිංහ දැනට ‌ගෙන යන වැඩ පිළිවෙල බවත් රට ගොඩ දැමීම සදහා වික්‍රමසිංහගේ වැඩ පිළිවෙල හැර විකල්ප වැඩ පිළිවෙලක් නැති බව නව මග ජාතික ව්‍යාපාරයේ ‌ප්‍රධාන ලේකම් හා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පුර්නකාලිනයෙකු අනිල් ශාන්ත පවසයි .

අනිල් ශාන්ත එසේ පැවසුවේ ඊයේ (30) බොරැල්ල ඇන් .එම් .පෙරේරා ශාලාවේ පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්ය .

සියලුම රාජ්‍ය ආයතන විකුණන්න කියලා අපි යෝජනා කරන්නේ නැති බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුලෙන් සම්පුරණ ණය ගන්න කියලා අපි යෝජනා කොතරන බවත් වෙනත් විකල්පයක් නැති නම් ජවිපෙ සහ සජබ යෝජනා කරන වැඩ පිළවෙල අද වික්‍රමසිංහ ක්‍රියාත්මක කරමින් සිටින බව අනිල් ශාන්ත පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය .

විශේෂයෙන් ව‍‍ෘ‍ත්තීය සමිති නායකයන්ට අපි කියන්නේ ජවිපෙ අද වෘත්තීය සමිති යොදාගෙන අපේ රටේ අභ්‍යන්තරයේ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනගන්න උත්සහ කරනවා . වෘත්තීය සමිති නායකයින් කරන දේ අපි හිස් මුදුනින් පිළිගන්නවා . ඇත්ත අව්‍යතාවයක් . හැබැයි මේවේලාවේ ජවිපෙ වෘත්තීය සමිති අරගල බලළ් අණ්ඩක් බවට පත් කරගෙන. රට ගිනි තියන , දේශපාලනිකව රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මනය කිරීමට ජවිපෙට ඉඩ දෙන්න එපා කියලා අපි විශේෂයෙන් වෘත්තීය සමිති නායකයින්ගෙන් ඉල්ලනවා . අනුර කුමාර දිනනවා නම් මොකටද අරගල කරන්නේ . තව මාස තුනයි තියෙන්නේ ඇයි අරගල කරන්නේ ? වෘත්තීය ක්‍රියා මාර්ග වලට යන්නේ නැතිව මේ මාස තුන ඉවසන්න පුළුවන්නේ . 2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අනුර කුමාරට හිමි වන්නේ හතර වැනි ස්ථානය . සීයට 10 ක චන්ද ප්‍රතිශතයක් ගන්නේ . 1982 ජනාධිපතිවරණයේ දී ජවිපෙට ගන්න පුළුවන් වුණේ ලක්ෂ තුනකට අඩු ඡන්ද ප්‍රතිශතයක් . 1982 ජවිපෙට ලොකු රැල්ලක් තිබුණා . අද වගේම තරුණයෝ රෝද ගනන් ආවා .ජන්ද පෙට්ටිය ගනිද්දී තිබු ලක්ෂ තුනකට අඩු ඡන්ද ප්‍රමාණයක් .

ඡන්දය ගන්න බැරි වෙන කොට අනුරලාගේ සහ ලාල් කාන්තලාගේ ඊලග අදියර ප්‍රචණ්ඩත්වය නිර්මානය කිරීම .1988 -89 ප්‍රචණ්ඩත්වය නිර්මානය වුනෙත් එහෙම තමයි . ඡන්දයෙන් ආණ්ඩුව ගන්න බැරි නම් යනවා ප්‍රචණ්ඩත්වයට.

නව මග ජාතික ව්‍යාපාරයේ සභාපති මංජුුල ප්‍රියශාන්ත ප්‍රනාන්දු අදහස් දැක්වු අතර මාධ්‍ය ලේකම් ලක්ෂාන් සහ රුක්මාල් ඊට සහභාගි වී සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *