ආණ්ඩුව මර්දනයට ලැස්ති වෙයි! ප්‍රජා පොලිස් කුක්කන්ගෙන් ඔත්තු සේවාවක් පිහිටුවයි!

රටේ ජාතික ආරක්ෂාවට නුදුරේදී තර්ජනයක් එල්ල වෙතැයි හගවා සෑ‍ම ගමකින්ම ප්‍රජා පොලිස් සේවයට කටයුුතු කරන පුද්ගලයන් අතරින් පුද්ගලයන් දෙදනෙකු බැගින් රටපුරා පුද්ගලයින් ඊයේ (06) කොළඹට කැදවා ඔත්තු සේවාවක් පිහිටුවා ඇත. එම පිරිස් කොළඹට කැදවු දෙවන අවස්ථාව මෙය වේ .

ගම්වල ප්‍රජා පොලිස් සේවයට සම්බන්ධව කටයුතු කරන පිරිස් අතරින් ආණ්ඩූවට විශ්වාසවන්ත පුද්ගලයින් දෙදනෙකු බැගින් තෝරාගෙන ඇති අතර එම පුද්ගලයින් සදහා රජයෙන් දිමනාවක් ගෙවන බව ද වාර්තාවේ .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ජන්දය කල් දමමින් යන්නට සුදානම් වන ප්‍රජාතනත්‍ර විරෝධී ගමනට එරෙහි වන දේශපාලන ක්‍රියාධරයන්, මාධ්‍යවේදින් සහ ප්‍රගතිශීලි මහජනයා මර්දනය කිරීම ‌එම ඔත්තු සේවාව පිහිටුවිමේ අර‍මුු‌ණ වේ. අයිස් සහ මත් කුඩු ජාවාරම්කරුවන් මර්දනය කිර‍ීමේ මුවවෙන් කරලියට රැගෙන ආ ඊනියා යුක්තියේ මෙහෙයුම අරමුණ වන්නේ මහජන නැගීටිම් වළකා එම මහජනයා බිරන්ත කර තබා ගැනීමයි.

ආණ්ඩුව ‌එම ඔත්තු සේවාව පිහිටුවීමට සමගාමීව ගම් මට්ටමේ සෑම නිවසකින් ග‍ෘහ මුලික තොරතුරු රැස් කිරීමට පටන් ගෙන ඇත.

මෙම සාකච්ජාව කැදවා ඇත්තේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ ප්‍රධානත්වයෙනි.

රනිල් -රාජපක්ෂ ආණ්ඩුවට කම්කරු -පීඩිත මහජනයාගේ කිසිදු සමාජ ආර්ථික ප්‍රශ්න විසදීමට අසමත් වන තත්වයන් ඇතුලේ මර්දනය කිරිම හැර වෙන මාවතක් වික්‍රමසිංහගේ ධනපති ආණ්ඩුවට ඉතුරු වී නැත. මෙය ලංකාවේ ධනපති ආණ්ඩුව පමණක් මුණ දෙන ප්‍රශ්නයක් පමණක් නොව ලෝක පරිමාන ධනපති ක්‍රමයේ අර්බුදයකි . ලෝක පරිමාන කම්කරු -පීඩිත ජනයාට එම අර්බුදය ජය ගත හැක්කේ ධනපති ක්‍රමය ලෝක පරිමානව අතුගා දමා කම්කරු පන්තිය අනෙකුත් සෙසු පීඩිතයන්ගේගේ ද සහායෙන් බලය ගැනිමෙන් පමණි .

ආණ්ඩුව මහජනය මර්දනය කිරීම සදහා ගෙන යන වැඩපිළිවෙල පරාජය කළ හැක්කේ කම්කරු -පීඩිත ජනයා ජිවත් වන ප්‍රදේශ වල මෙන් වැඩ පොලවල් මට්ටමේ ආරක්ෂක කම්ටු ගොඩනැගීමෙන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *