ගාලුමුවදොර අරගලයට වසර දෙකයි!

අරගලයට වසර ‌02 යි! අරගලයෙන් ගොඩනැගු ජන බලය රැක ගනිමු ! මේක සැමරුමක් නොවෙයි, සම්පුර්ණ කළ යුතු වැඩක් යන මැයෙන් මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය අද (09) ගාල්ලේ සිට දුම්රියෙන් කොළඹට පැමිණියේය.

2022 ජුලි 09 යනු මෙරට කම්කරු -පීඩිත ජනයා ඔවුන්ව පාගාගෙන සිටි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමු ‌ෙඑතිහාසික දිනයයි. 1953 හර්තාලයෙන් පසු මෙරට සිදු විශාලම මහජන නැගිටිම වේ .

කොටුව දුම්රිය ‌පොල වෙත ළගා වු මහජන කවුන්සිලයේ සමාජිකයෝ දුම්රිය පොල ඉදිරිපිට සටන් පාඨ කියමින් බැනර් සහ පොස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියැලුණහ. සංස්කෘ‍තික වැඩ සටහන් මගින්, කතා පවත්වමින් සහ අත්පත්‍රිකා බෙදමින් ජනයා දැනුවත් කළහ . මහාජනයා බිය වැද්දීම සදහා පොලිසිය ,කැරැළි මර්දන පොලිසිය, හමුදාව සහ ජල ප්‍රහාරක රථ ද කැදවා තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *