මහේෂ් ප්‍රභාත්ගේ මරණය අත්මාරක්ෂාව සදහා වෙඩි තැබිමකින් සිදු වුවක් නොව හිතාමතා සිදු කළ ඝාතනයක් – බලපිටිය මහේස්ත්‍රාත්
පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් කේ .ඒ.මහේෂ් ඉන්දික ප්‍රභාත්ගේ මරණය ආත්මාරක්ෂාව සදහා වෙඩි තැබිමකින් සිදු වු මරණයක් නොව චේතාන්විතව සිදු කළ වෙඩි තැබිමකින් සිදු වු මරණයක් බවත් වෙඩි තබන ලද අයි .පි. කොළඹගේ යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් ආර්. ඩි .ජානක නියෝග කළේය .
සැකකරුගේ මරණය ගිනි අවියකින් වෙඩි තැබිම හේතුවෙන් හිසට ,බෙල්ලට,පපුවට සහ උදරයට සිදු වු බහුවිධ තුවාල හේතුවෙන් සිදු වු මරණයක් බව තින්දු කළ මහේස්ත්‍රාත්වරයා මරණකරුගේ මරණය අයි.පී. කොළඹගේ විසින් අත්මාරක්ෂාව සදහා සිදු කරන ලද වෙඩි ප්‍රහාරයකින් සිදු වු මරණයක් නොවන බවත් මරණකරුට වෙඩි තබන ලද අයි.පි. කොළඹගේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටියට නියෝග කළේය .
පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඉන්දික ප්‍රභාත් අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුන්ගල්ල RIU සංචාරක හෝටලය අසල දී ටී 56 යේ ගිනි අවියකින් පුද්ගලයන් කිපදෙනෙකුට වෙඩි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිටය.
ඉන්දික ප්‍රභාත්ව 2022 ඔක්තෝම්බර් 12 දින රාත්‍රියේ අංක 213 වෙලේගෙදර බෙලිදෙනිය කොට්ටේගොඩ නිවසේ සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවත් පසුව අහුන්ගල්ල ප්‍රදේශයට රැගෙනවිත් ඇති අතර ඔහු විසින් සගවා තබන ලද ගිනි අවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබිමට උත්සහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් ආත්මාරක්ෂාව සදහා වෙඩි තැබු අවස්ථාවේ සැකකරු මිය ගොස් ඇත.
ඉන්දික ප්‍රභාත්ගේ ඇස් බැද රැගෙන යන අවස්ථාවේ
අයි.පි. කොළඹගේ සාක්කිය අනුව මරණකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ නිවසෙන් සිටියදීත් බවත් පසුව ගිනි අවිය සොයා ගැනීම සදහා ඔහුව අහුන්ගල්ල ප්‍රදේශයට රැගෙනවිත් ඇත. මරණකරු මුලදී පෙන් වු ස්ථාන වල කිසිවක් හමු වී නැත.
සාක්කිකරු ඇතුළු නිලධාරින් උස් ගලක් ආසන්නයට මරණකරු මග පෙන්විම යටතේ ගොස් ඇති බවත් එම ස්ථානයේ සැකකරු දණ ගසාගෙන ගල සහ පොළොව සම්බන්ධ ස්ථානයේ ගුලක් පරික්ෂා කරන අයුරු දුටු බවත් එම අවස්ථාවේ සාක්කිකරු සිට ඇත්තේ මරණකරුට මිටර් දෙකාක් පිටුපසින් බවත් මරණකරුට වම්පසින් පොලිස් කොස්තාපල් මදුරත් මරණකරුට ඉදිරියෙන් පොලිස් කොස්තාපල් 21470 සිට ඇත.
පොලිස් පරික්ෂක මදුර සිට ඇත්තේ සාක්කිකරුට (කොළඹගේට ) මිටර් 03 ක් පමණ දුරින් බව සාක්කිකරු සදහන් කරයි .
මරණකරු එම ගල් ගුහාවෙන් සුදු පැහැති කවරයක් එළියට ගන්නවා දුටු බවත් සැකකරු එම අවස්ථාවේ ගිනි අවියකින් වෙඩි තැබීමට පටන් ගත් බව සාක්කිකරු පවසයි .
සැකකරු වෙඩි තබද්දි ,සාක්කිකරු අත තිබු පිස්තෝලයෙන් එක් උණ්ඩයක් සැකකරු දෙසට එල්ල කළ බවත් එහි දී සැකකරු අත තිබු ගිනි අවිය බිම වැටුණු බවත් සදහන් කරයි .
වෙඩි ප්‍රහාරය එල්ල වෙනවාත් සමග රෙනුක නිලධාරියා කොළඹගේ ගේ ඉදිරියට පැමිණි බවත් ඒ සමගම කොළඹගේ සැකකරු වෙත වෙඩි ප්‍රහාරයක් කළ බව සදහන් කරයි .
කොළඹගේ මරණකරුට පිටුපසින් ස්ථානගත වි සිට ඇත. මරණකරු බෑගයේ තිබු ගිනි අවියක් රැගෙන වෙඩි තැබු බව සදහන් කර ඇත. ඒ අවස්ථාවේ කොළඹගේ ආත්මාරක්ෂාව සදහා සැකකරු වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව පවසයි . මෙහිදී මතුවන ගැටළු වන්නේ පැ.සා .02 එනම් කොළඹගේ සැකකරුගේ පිටුපසින් සිට ඔහු දෙසට වෙඩි තැබුවේ නම් මරණකරුගේ තුවාල සිදු විය යුතුයි . නමුත් මරණකරුගේ පිටුපස දෙසින් තුවාල සිදු වීඇති බවට පශ්චාත් මරණ පරික්ෂණය අනුව පෙනී නොයයි .
ඒ අනුව මා ( මහේස්ත්‍රාත්) මරණකරුගේ මරණ පරික්ෂණ වාර්තාව දෙස අවධානය යොමු කරමි.
වෛද්‍යවරිය සාක්කිය අනුව පැහැදිලිව වන්නේ ගිනි අවියෙන් තබන ලද උණ්ඩය මරණකරුගේ නාසයට ඉහලින් ආරම්භ වී හනුක අස්ථීය ,ගෙලෙහි මාංශ පේශී සහ රුධිර නාල දකුණු පෙනහැල්ල සහ අක්මාව පාසාරු කරගෙන ගොස් උදර කුහරයේ තුළ තිබි උණ්ඩයක් සොයාගෙන ඇත.
සාක්කිකර පැ.සැ 02 කොළඹගේ පවසන අන්දමට ඔහු මරණකරුගේ පිටුපසින් සිට මරණකරුට වෙඩි තැබුවේ නම් නාසය අසලින් ආරම්භ වී ශරීරය තුළට උණ්ඩය ගියේ කෙසේද යන්න මෙහිදී පැහැදිලි සැකයක් මතු වේ . මරණකරුගේ හිස් කබලේ හෝ ශරිරයේ පිටුපස දෙස තුවාල නොමැති බවට පැහැදිලිව පෙනීයයි.
ඒ අනුව වෛද්‍ය වාර්තාව සහ මරණකරුට තැබු වෙඩි උණ්ඩය ගමන් මාර්ය කෙරෙහි අවධානය යොමු කිරිමේදී පැහැදිලිව පෙනී යන්නේ මරණකරු දණ ගසා සිටියදී ඔහුගේ මුහුණට ගිනි අවිය ඉලක්ක කොට ශරීර අභ්‍යන්තරයට ගමන් කරන ආකාරයෙන් පැ.සා -02 කොළඹගේ මරණකරුට වෙඩි තබා ඇති බවයි .
අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ ,නීතිඥ බි. ප්‍රියංග සහ නීතිඥ බුද්ධික මල්ලවඅරච්චි යන අය පෙනි සිටියහ.