ඉන්දික ප්‍රභාත්ගේ ඝාතකයා නිදැල්ලෙ -ජ්‍යෙ. ‌පො. අධි. ඇල්පිටිය අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි නියෝග

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන හිතා මතා මරා දමන ලද කේ ‍.ඒ. මහේෂ් ඉන්දික ප්‍රභාත්ගේ ඝාතකයා වන අයි.ප‍ි . කොළඹගේ වහා අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කර තිබියද‍ිත් ඒසේ නොකිරීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අ‍ධිකාරී ඇල්පිටියට අධිකරණය හමුවේ පෙන‍ි සිට හේතු දක්වන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩි. ජානක ඊයේ (16) නියෝග කළේය .

ඉන්දික ප්‍රභාත්ගේ මරණයට වගකිව යුතු ඝාතකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කර තිබියදිත් ඒසේ නොකිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාරශ්වයේ නීතිඥයේ මෝසමක් මාර්ගයෙන්  ඊයේ (16) කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර‍ි ඇල්පිටියට අධිකරණය හමුවේ පෙනි සිට කරුණු දක්වන්නැයි නියෝග කර ඇත.

බලපිටිය මහේස්ත්‍රාත්වරයා මරණ පරික්ෂණ නියෝගය කර ඇත්තේ 2024 ජුලි 09 වෙනිදාය .එම නියෝගය දී අදට දින 08 ක් ගත වී ඇතත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉන්දික ප්‍රභාත්ගේ ඝාකයා වන අයි.පී.කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න අසමත් වී ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නීතිය ඉදිරියේ සියලුම දෙනා සමාන යැයි සදහන් ව තිබුනත් එය වැකියක් පමණක් බව අපි ප්‍රත්‍යක්ෂ අත්දැක ඇත්තෙමු . රටේ නීති හා සමාය රැකීම භාරව සිටින පොලිසිය බලය අයුතු ලෙස භාවිතා කරමින් මිනී මරනවාට අමතරව එම බලය පාවිච්චි කර අධිකරණය මග හැර සිටින්නට වෑයම් කරයි.

  පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්ඉ න්දික ප්‍රභාත්ව 2022 ඔක්තෝම්බර් 12 වදා අත්අඩංගුවට ගන්නේ අහුන්ගල්ලේ RIU සංචාරක හෝටලය අසල් ටී 56 ගිනි අවියකින් පුද්ගලයන් කිපදෙනෙකුට වෙඩි තැබුවා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිටය . එම වෙඩි තැබිමේ එම ස්ථානයේ සිටි පුද්ගලයන්ට මිය ගොස් හෝ තුවාල ලබා නැත.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් එදිනම රාත්‍රියේ (2022 ඔක්තෝම්බර් 12) ඉන්දික ප්‍රභාත්ව මාතර කෝටිටේගොඩ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් පසුව අහුන්ගල්ල ප්‍රදේශයට ගෙනැවිත් ඔහු විසින් සගවා තැබුවා යැයි කියන ගින අවි රැගෙන පොලිසියට වෙඩි තබද්දී ,පොලිස් නිලධාරින් අත්මාරක්ෂාවට ඉන්දික ප්‍රභාත් වෙඩි පෙරළා වෙඩි තැබිමෙන් ඉන්දික ප්‍රභාත් මිය ගිය බවට ප්‍රබන්ධයක් ගොතන ලදී.

නමුත් එම ප්‍රබන්ධය පොලිස් නිලධාරීන්ගේ සාක්කි වල පරස්පරතාවය මගින් බොරුවක් බව ඔප්පු කිරීමට අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරු සමත් වුහ .

ඉන්දික ප්‍රභාත්ගේ මරණය සිදු වී ඇත්තේ පොලිස් කාර්ය බලකායේ නිලධාරින් විසින් ආත්මාරක්ෂාව සදහා තැබු වෙඩි ප්‍රහාරයකින් නොව හිතමතා සිදු කළ වෙඩි තැබිමකින් යැයි වෛද්‍ය වාර්තාව මත පදනම්වෙමින් සහ අනිකුත් සාක්කි විශ්ලේෂණය කරමින් බලපිටිය මහේස්ත්‍රාත්වරයා තින්දු ප්‍රකාශයට පත්කරමින් ඊට වගකිව යුතු පොලිස් කාර්ය බලකායේ අයි.පි. කොළඹගේ වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී ඇල්පිටියට නියෝග කළේය .

මෙහි ඵල වන ජායාරූපය ඉන්දික ප්‍රභාත්ව ‌2022 ඔක්තෝම්බර් 12 වෙනිදා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇස් බැද රැගෙන යන අවස්ථාවේ එම බලකාය මගින් ගෙන ප්‍රසිද්ධ කරන ලද ජායාරූපයකි.

පොලිස් විශේෂ බලකායට අණ දෙන නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ඉන්දික ප්‍රභාත් රැගෙන යෑම සදහා 2022 ඔක්තෝම්බර් 12 වනදා කෝට්ටේගොඩ නිවසට පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *