අභ්‍යන්තර උසස්වීම් නීති විරෝධීව ලබා දීමට එරෙහිව ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට යති

ජාතික අධ්‍යාපන ආයතනයේ අභ්‍යන්තර උසස්වීම් ලබා දීමේදී බදවා ගැනිමේ පටිපාටියට පටහැනිව තනතුරු පිරිනැමුවා යැයි එම ආයතනයේ අසාධාරණයට ලක් වු නිලධාරීන් පිරිසක් ජාතික අධ්‍යාපන ආයතනයේ ආයතිනක සභාවේ සභාපති අමාත්‍යංශයේ ලේකම් , ජාතික අධ්‍යාපන ආයතනයේ ධ්‍යක්ෂක ජේනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග ඇතුළු ආයතනික සභාවේ සමාජකයින්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ඇත.

ජාතික අධ්‍යාපන ආයතන මගින් අභ්‍යන්තර උසස්ම් සඳහා අධ්‍යක්ෂ(පාලන හා මානව සම්පත් ) තනතුර ඇතුළු අධ්‍යක්ෂ තනතුරු 05 ක් පරිපාලන නිලධාරී මානව සම්පත් නිලධාරී, මුල්‍ය නිලධාරීසැපයුම් නිලධාරී තනතුරු බඳවා ගැනීරම් පටිපාටියට පටහැනිව 2024වෂරේ ලබා දීමට නියමිත තනතුරු සදහා සුදුසුකම් පසුරා ඇති නිලධාරීන් පත් නොකිරීමට එරෙහිව එම නඩුව පවරා ඇත.

මෙම නඩුව නඩු අංක SC FR 74/2024 යටතේ පවරා ඇති අතර එම නඩුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සිටි.

ජාතික අධ්‍යාපන ආයතනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පනවා ඇති නඩුවේ ආයතනික සභාවේ පහත සදහන් සමාජිකයින් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

  1. එම්. ගංගාතර මහත්මිය -ආයතන සභාවේ සාමාජික
  2. මහාචාර්ය හරිසවචන්ර අබේගුවර්ධන – එම
  3. කේ.ආර්. උඩුවාවල මහතා – එම
  4. අමල් රන්දෙණිය මහතා – එම
  5. මහචාර්ය ඒ.කේ. ඩබ්. ජයවර්ධන මහතා – එම
  6. මහචාර්ය ගෝමින්ද පොන්නම්රුම මහතා – එම
  7. මහචාර්ය කාමන් විකුමගමගේ මහතා – එම
  8. මහචාර්ය එස් .කුගමුර්ති මහත්මිය – එම
  9. මහචාර්ය ගුණපාල නානයක්කාර – එම

සෙසු පිරිස

  1. අයි.ජි.ඒස් . ප්‍රේමතිලක මහතා
  2. කේ. ප්‍රභාහරන් මහතා
  3. ආචාර්ය එස් .කරුණාකරන් මහතා
  4. රසික බාලසූරිය මහතා
  5. එච්.පී නිලූකා මහත්මිය
  6. ඒ.ඒ.ටි. අමරසීලි මෙනෙවිය
  7. ඊ.එල්.ඒ.කේ .ගියනගේ මහතා
  8. එස්.එස්. කුරුප්පු මහත්මිය
  9. ඒන්.ඩි. වේපිට මහත්මිය
  10. ඒ.ටි.එස්. ගමරේ මහත්මිය
  11. කේ.ඩබ්.එම්.පී. විජේසුන්දර මහතා
  12. වාසනා පී ගුනරත්න මහත්මිය
  13. එම්.පි.ආර්. ධනවර්ධන මහත්මිය
  14. ජි.ඒච්. අරශෝකා මහත්මිය
  15. කේ.ආර්. පත්මසිරි මහතා
  16. හිරන්ති එස් . ගම්ලත් මහත්මිය
  17. හිරන්සා කකලුතන්ත්‍රී මහත්මිය
  18. නීතිපති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *